settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම සැබවින්ම සමීපස්ථවේද?

පිළිතුර


සමීපස්ථ යන වචනයෙහි අර්ථය වූ කලී "ඕනෑම මොහොතක සිදුවිය හැකිය; ළගදීම සිදුවන" යන්නය. ක්‍රිස්තුස්වහන්සේගේ සමීපස්ථ නැවත පැමිණීම පිළිබදව කථා කරන විට අප විසින් අදහස් කරනු ලබන්නේ උන්වහන්සේට ඕනෑම මොහොතක නැවත පැමිණිය හැකි බවය. සභාව ඔසවා ගැනීමට යේසුස්වහන්සේ නැවත පැමිණීමට පෙර සිදුවිය යුතු වෙනත් කිසිවක් දේව වචනානුකූල අනාවැකි වල නොමැත. ක්‍රිස්තුස්වහන්සේගේ සමීපස්ථ නැවත පැමිණීම සාමාන්‍යයෙන් එවැන්ජලිස්තවරුන් අතර උගන්වනු ලබන අතර යමෙකුගේ මතයට අනුව කිතුණු ශාසනය පිළිබදව යම් මතභේදයක් ඇති මෙන්ම ඔසවා ගැනීම පිළිබදව පූර්වල මධ්‍යයම හෝ පශ්චාත් පීඩාකාරි දෘෂ්ඨීයක් යමෙකු දරන්නේද යන්නය.

යේසුස්වහන්සේ විසින් තමන්වහන්සේගේ සේවය අතරතුර නැවත පැමිණීම පිළිබදව අඛණ්ඩව කථා කරනු ලැබූ අතර එය ස්වභාවයෙන්ම තම ගෝලයන්ව ඒ පිළිබදව ප්‍රශ්න ඇසීමට පොළඹවන ලදී. ඔවුන්ගේ එක් ප්‍රශ්නයක් වූයේ "ඒ දේ කොයි කලක සිද්ධවන්නේද?" යන්නය (මාර්ක් 13:4). යේසුස්වහන්සේ පිළිතුරු දෙනු ලැබුවේ නමුත් ඒ දවසවත් ඒ පැයවත් පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් දන්නේ නැත. ස්වර්ගයෙහි සිටින දූතයෝවත් පුත්‍රයාවත් නොදනිති. ඒ කාලය කවදා වේදැයි ඔබ සැම නොදන්න බැවින් ප්‍රවේසම් වී අවදිව ඉද යාච්ඤා කරන්න (32-33 පද). උපත සහ මරණයේ කල්පිතය පිළිබදව කරන ඕනෑම සාකච්ඡාවකදී අපට මතක තබා ගැනීම වැදගත් වනුයේ දෙවියන්වහන්සේගේ සැළසුම්හී කාලය සම්පූර්ණයෙන්ම අප අවබෝධ කර ගැනීම උන්වහන්සේ විසින් අදහස් නොකරන බවය.

කෙසේ නමුත් දේව වචනයේ සදහන් වනුයේ යේසුස්වහන්සේගේ නැවත පැමිණීම ඉතා ආසන්න බවත් අප ඒ පිළිබදව ආශාවෙන් බලා සිටිය යුතු බවත්ය (රෝම 8:19-25; 1 කොරින්ති 1:7; පිලිප්පි 3:20; යූද් 21) යාකොබ් අපව ධෛර්‍යයමත් කරනු ලබන්නේ "ඉවසිල්ලෙන් සිටින්න; ස්වාමින්වහන්සේගේ ඊම ළංව තිබෙන බැවින් ඔබ සැමගේ සිත් ස්ථිර කරගන්න" (යාකොබ් 5:8). එළිදරව් 1:3 සහ 22:10 ද පවසනු ලබන්නේ "කාලය ළග" බවය.

යේසුස්වහන්සේ විසින් උන්වහන්සේගේ ගෝලයන්ට උගන්වනු ලැබුවේ එතුමාණන්ගේ නැවත පැමිණීම පිළිබදව බලා සිටින ලෙසය. "එබැවින් ඔබ සැමත් සූදානම්ව සිටින්න. මක්නිසාද ඔබ සැම නොසිතන පැයකදී මනුෂ්‍යය පුත්‍රයා එන්නේයයි කීසේක" (ලුක් 12:40). "සූදානම්ව සිටින්න" යන ආඥාවෙන් ව්‍යංගනය වන්නේ සමීපස්ථවීම වේ. මුළු නව ගිවිසුම පුරාවටම සභාවට සූදානම් වී සිටීමට කියා ඇත. මතෙවි 24:42, 44; 1 තෙසලෝනික 5:6). ස්වාමින්වහන්සේගේ පැමිණීම ඕනෑම මොහොතක බලාපොරොත්තු වී සිටිම ගෝලයන්ට සහ මුල් සභාවට වූයේ නම් අප කොපමණ උනන්දුවකින් යුතුව අපේක්ෂාවෙන් සිටිය යුතු වෙමුද?

අපගේ ගැළවීම "අවසාන වරට අනාවරණය කිරීමට සූදානම්ය" (1 පේත්‍රස් 1:5). යේසුස්වහන්සේට ඕනෑම මොහොතක තමාගේ අය වෙත නැවත පැමිණිය හැකි අතර එම සිදුවීම් එළිදරව් 6-18 හී විස්තර කර ඇති සිදුවීම් මාලාව ආරම්භ කරයි. නුවණැති කන්‍යාවන් පස් දෙනා හා සේ (මතෙව් 25:1-13), අපද සූදානම් වි සිටිය යුතු වෙමු. "එබැවින් දවසවත් පැයවත් ඔබ සැම නොදන්නා නිසා අවදිව සිටින්න" (මතෙව් 25:13).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම සැබවින්ම සමීපස්ථවේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries