settings icon
share icon
ප්‍රශ්නය

පළමු උත්ථානය නම් කුමක්ද? දෙවන උත්ථානය නම් කුමක්ද?

පිළිතුර


දානියෙල් 12:2 හී සාරංශ ගත කරනු ලබන්නේ මනුෂ්‍යය වර්ගයා විසින් මුහුණ පාන්නාවූ වෙනස්වූ ඉරණම් දෙක පිළිබදවය: "පොළොවේ ධූලියෙහි සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක් සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාලික නීචකමටත් පිබිද එන්නෝය." සෑම කෙනෙකුම මළවුන්ගෙන් නැගිටුවනු ලබන්නෝය එනමුත් සියල්ලන්ම එකම දෛවයට කොටස්කරුවන් නොවන්නෝහ. නව ගිවිසුමෙහි ධර්මිෂ්ඨයන්ට සහ අධර්මිෂ්ඨයන්ට ඇති විවික්ත උත්ථානයන් පිළිබදව තවදුරටත් විස්තර අනාවරණය කරනු ලබයි.

එළිදරව් 20:4–6 හී "පළමු උත්ථානයක්" පිළිබදව සදහන් කරනු ලබන අතර "ආශිර්වාදලත් සහ ශුද්ධ" ලෙස සම්බන්ධ වූ අයවලූන් හඳුනාගනු ලබති. දෙවන මරණය (ගිනිවිල, එළිදරව් 20:14) මෙම පුද්ගලයන් කෙරෙහි කිසිඳු බලයක් නොමැති වේ. පළමු උත්ථානය එනම් ඇදහිලිවන්තයන් ඔසවා ගැනීමය. එය යේසුස්වහන්සේගේ ඉගැන්වීම් වන "ධර්මිෂ්ඨයන්ගේ උත්ථානය" (ලුක් 14:14) සහ "ජීවනයේ උත්ථානය" (යොහාන් 5:29) හා සමග අනුරූප වේ.

පළමු උත්ථානය අනේකප්‍රකාර අදියරයන්ගෙන් සිදුවේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම (1 කොරින්ති 15:20) හී සදහන් "ප්‍රථම ඵල" – උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නවුන්ගේ උත්ථානයට මග පෑදු සේක. යෙරුසලමේ ශුද්ධවන්තයන්ගේ උත්ථානයක් විය (මතෙව් 27:52–53) එය වූ කලී අපගේ පළමු උත්ථානය පිළිබදව ඇති සැලකිල්ල තුළ අඩංගු විය යුතුවේ. තවමත් පැමිණීමට තිබෙන්නේ ස්වාමින්වහන්සේගේ නැවත පැමිණීමේදී ක්‍රිස්තුස් වහන්සේ තුළ මිය යනු ලැබූවන්ගේ උත්ථානය (1 තෙසලෝනික 4:16) සහ පීඩා කාලය අවසානයේදී වේද සාක්ෂිකයන්ගේ උත්ථානයවේ (එළිදරව් 20:4).

දෙවන උත්ථානය හා සමග සමතයකට එන්නවුන්ව එළිදරව් 20:12–13 හඳුනාගනු ලබන්නේ දෙවියන්වහන්සේ මහත් සුදු සිංහාසනයේ හිද දුෂ්ටයන් ගිනිවිලට හෙලනු ලැබීමට ප්‍රථමයෙන් ඔවුන් විනිශ්චය කරනු ලැබීමය. දෙවන උත්ථානය එනම් නොඇදහිලිවන්තයන්ව නැගිටුවනු ලැබීම සිදුවේ; දෙවන උත්ථානය සම්බන්ධ වන්නේ දෙවන මරණයටය. එය අනුරූප වන්නේ යේසුස්වහන්සේගේ ඉගැන්වීම වන "සදාකාලික දඩුවම පිණිස උත්ථානය" වීම හා සමගය (යොහාන් 5:29).

පළමු සහ දෙවන උත්ථානයන් වෙන් කරනු ලබන සිදුවීම නම් සහශ්‍ර රාජ්‍යය බව පෙනී යයි. ධර්මිෂ්ඨයන්ගේ අවසානයාද නැගිටුවනු ලබන්නේ "ක්‍රිස්තුස් වහන්සේ හා සමග වසර දහසක්" රජකම් කරනු පිණිසය, (එළිදරව් 20:4) එසේම "මළාවූ අනෙකුත් අය (එනම් දුෂ්ටයන්) වසර දහස අවසන් වන තුරු ජීවත් නූනෝය" (එළිදරව් 20:5).

පළමු උත්ථානය හා සමග කෙතරම් මහත් ප්‍රීතියක් පවතීද ! දෙවන උත්ථානය හා සමග කෙතරම් සන්තාපයක් වේද ! සුභාරංචිය බෙදා ගැනීම පිණිස කෙතරම් වගකීමක් අප සතුවෙිද? "සමහරෙකුන් ගින්නෙන් ඇදලා ගලවන්නත භයින් යුක්තව සමහරුන්ට දයාව පෙන්වන්න" (යූද් 23).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පළමු උත්ථානය නම් කුමක්ද? දෙවන උත්ථානය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries