settings icon
share icon
ප්‍රශ්නය

අපගේ උත්ථාන වු ශරීරය අපගේ වර්තමාන ශරීරයට වඩා වෙනස් වන්නේ කෙසේද?

පිළිතුර


පාවුල්තුමා කොරින්තියේ සභාවට ලියූ පළමු ලිපියේ අපගේ භූමික ශරීර හා උත්ථාන වු ශරීරය අතර ඇති විශාල වෙනස්කම් ගැන සාකච්ඡා කරයි (1 කොරින්ති 15:35-57 බලන්න). අපගේ ස්වර්ගීය (උත්ථාන වු ශරීරය) ශරීරවල තේජස අපගේ භූමික ශරීරවලට වඩා වෙනස් බව, පාවුල් තුමා මෙසේ පවසයි, "මලවුන්ගෙන් නැගිටිමත් එසේමය. ජරාවෙන් යුක්තව වපුරනු ලැබේ; ජරාවෙන් වියුක්තව නැගිටුවනු ලැබේ. අගෞරවයෙන් යුක්තව වපුරනු ලැබේ. තේජසින් යුක්තව වපුරනු ලැබේ.දුර්වල කමින් යුක්තව වපුරනු ලැබේ; බලයෙන් යුක්තව නැගිටුවනු ලැබේ. ස්වාභාවික ශරීරයක්ව වපුරනු ලැබේ; ආත්මික ශරිරයක්ව නැගිටුවනු ලැබේ. ස්වාභාවික ශරිරයක් තිබේ නම් ආත්මික ශරීරයක්ද ඇත." (1 කොරින්ති 15:42-44, අවධාරණය එකතු කර ඇත). කෙටියෙන් කිවහොත්, අපගේ උත්ථාන කරනු ලැබු ශරීර ආත්මික, නැතිනොවන හා මහිමයෙන් හා බලයෙන් ඔසවා ඇත.

පළමු ආදම් තුළින් අපට ලැබුණේ අපගේ ස්වාභාවික ශරීර, භූමික පරිසරයකට හොඳින් ගැලපේ. කෙසේ වෙතත්, වැටීමේ ප්‍රතිපලයක් ලෙස ඒවා විනාශ විය. අකීකරුකම නිසා මිනිස් සංහතිය මාරාන්තික විය. වයසට යාම, පිරිහීම සහ අවසානයේ මරණය දැන් අප සැමට බලපායි. දූවිල්ලෙන් අප පැමිණ දූවිල්ලට ආපසු යති. (උත්පත්ති 3:19; දේශනාකාරයා 3:20). අනෙක් අතට, අපගේ උත්ථාන වු ශරීරය "දිරන සුළුවු මේක නොදිරන භාවයටත් මරණියවු මේක අමරණ භාවයටත් පැමිණි කල්හි; මරණය ජයෙන් ගිලිනා ලද්දේයයි ලියා තිබෙන වචනය සම්පුර්ණවේ. එම්බා මරණය තාගේ ජය කොයිද?'(1 කොරින්ති 15:54).

වැටීමේ ප්‍රතිපලයක් ලෙස අපව "අගෞරවයට වපුරනු ලැබේ." අපව මුලින් ම පරිපූර්ණ කර ඇත්තේ දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ය (උත්පත්ති 1:27), නමුත් පාපය අගෞරවයක් ගෙන දී ඇත. අපගේ අසම්පූර්ණ හා අගෞරවනීය ශරීර කවදා හෝ තේජසින් උත්ථාන කරනු ඇතැයි ඇදහිලිවන්තයන්ට පොරොන්දුව ඇත. පාපයෙන් පනවා ඇති සීමාවන්ගෙන් නිදහස්ව, අපගේ උත්ථානවූ ශරීර සදාකාලිකව අපගේ මැවුම්කරුවා සතුටු කිරීමට හා ප්‍රශංසා කිරීමට ගෞරවනීය හා පරිපූර්ණව ගැලපෙනු ඇත.

අපගේ වර්තමාන සිරුරද දුර්වලතාවයෙන් හා විචක්ෂණ භාවයෙන් සංලක්ෂිත වේ. අපගේ භූමික "මන්දිර" අවිවාදයෙන්ම බිඳෙන සුලු වන අතර මිනිස් සංහතිය විනාශ කරන රෝග රාශියකට ගොදුරු වේ. පාපයෙන් හා පරීක්ෂාවෙන් අප දුර්වල වී ඇත. යම් දවසක, අපගේ ශරීර බලයෙන් හා තේජසින් ඔසවා තබනු ඇති අතර, අද දින ජීවිතය පුරා පැතිරී ඇති අඩුපාඩු හා අස්ථාවරත්වයට අප තවදුරටත් යටත් නොවනු ඇත.

අවසාන වශයෙන්, නැවත නැඟිටුවනු ලැබූ ශරීරය අධ්‍යාත්මික එකක් වනු ඇත. අපේ ස්වාභාවික ශරීර මේ ලෝකයේ ජීවත් වීමට සුදුසුය, නමුත් අපට ජීවත් විය හැකි එකම රාජධානිය මෙයයි. "මාංසයට හා රුධිරයට දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගත නොහැක" (1 කොරින්ති 15:50). නැවත නැඟිටීමෙන් පසු අපට "ආත්මික ශරීරයක්" ලැබෙනු ඇත, එය ස්වර්ගයේ ජීවත් වීමට හොඳින් ගැලපේ. මින් අදහස් කරන්නේ අප ආත්මයන් පමණක් වනු ඇති බව නොවේ — ආත්මවලට ශරීර නැත — නමුත් අපගේ නැවත නැඟිටුවනු ලැබූ ශරීරවලට ශාරීරික පෝෂණය අවශ්‍ය නොවන බව හෝ ජීවිතයට සහය දැක්වීමේ ස්වාභාවික මාධ්‍යයන් මත රඳා නොපවතී.

යේසුස් වහන්සේගේ නැවත නැඟිටීමේ පෙනුම සිහිපත් කරන විට අපගේ නැවත නැඟිටීමේ සිරුරු කෙබඳු වේදැයි අපට වැටහෙනු ඇත. උන් වහන්සේට තවමත් දෘශ්‍යමාන තුවාල ඇති අතර, උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේව ශාරීරිකව ස්පර්ශ කළ හැකි වුවද, උන් වහන්සේට වෙහෙස නොබලා ගමන් කිරීමට හා කැමැත්තෙන් අතුරුදහන් වීමට හැකි විය. උන්වහන්සේට බිත්ති හා දොරවල් හරහා යා හැකි නමුත් කන්න බොන්න, වාඩි වී කතා කරන්න පුළුවන්. අපගේ "පහත් ශරීර" "උන් වහන්සේගේ මහිමාන්විත ශරීරය හා සමාන" වන බව ශුද්ධ ලියවිල්ල අපට දැනුම් දෙයි (පිලිප්පි 3:21). ඇත්ත වශයෙන්ම, පොළොව මත උන් වහන්සේට පූර්ණ ලෙස සේවය කිරීමේ අපගේ හැකියාවට බාධාවක් වන පාපයෙන් පනවා ඇති භෞතික සීමාවන් සදහටම නැති වී යනු ඇත. සදාකාලයටම උන්වහන්සේට ප්‍රශංසා කිරීමට හා සේවය කිරීමට හා මහිමයට පත් කිරීමට අපව නිදහස් කරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපගේ උත්ථාන වු ශරීරය අපගේ වර්තමාන ශරීරයට වඩා වෙනස් වන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries