settings icon
share icon
ප්‍රශ්නය

මගේ ආත්මය යථා තත්වයට පත් කරගන්නේ කෙසේද?

පිළිතුර


මෙම වැකිය අඩංගු එකම බයිබලානුකුල ජේදය ගීතාවලිය 23:3 "ඔහු මගේ ආත්මය..." මෙය එඬේරා තම බැටළුවන්ව "හරිත තණබිම්", "නිශ්චල දිය ඇලි" සහ "ධර්මිෂ්ඨකමේ මාවත්වලට" ගෙන යන සන්දර්භය තුළය. කිතුනුවන් වශයෙන්, අපි දෙවියන්වහන්සේ ගේ තණබිම් වල බැටළුවන් වෙමු (ගීතාවලිය 100:3). අපගේ ආත්මයන් යථා තත්වයට පත් කළ හැක්කේ උන්වහන්සේට පමණි. ප්‍රතිෂ්ඨාපනය කිරීම යන්නේන් අදහස් කරන්නේ "අළුත් වැඩියා කිරීම හෝ පෙර තත්වයට නැවත පැමීණිම" යන්නයි. ආත්මය යනු අපගේ ගැඹුරුම කොටස වන අතර අපගේ ප්‍රාණය සහ අභ්‍යන්තරයයි. අපව මවන ලද්දේ දෙවියන්වහන්සේ බැවින් අපව යථා තත්වයට පත් කළ හැක්කේද උන් වහන්සේට පමණි. මන්ද අපගේ ආත්මයන් යථා තත්වයන්ට පත් කිරීමට අපට සැබවින්ම අවශ්‍ය වන්නේ කුමක්ද යන්න දන්නේ උන්වහන්සේ පමණක් නිසාය.

අපගේ ආත්මයන් යථා තත්වයන්ට පත් කිරිම පිළිබඳව බයිබලයෙන් දෙවියන් වහන්සේ පිළිතුරු දී ඇත. දෙවියන්වහන්සේගේ වචනය (2 තිමොති 3:16-17) සහ තවද අප මුහුණ දෙන සෑම දෙයක් සමඟ කටයුතු කිරීමට පිළිතුරු සහ ප්‍රඥාව බයිබලය තුළ ඇත. එයින් අපට ගැළවීම ලබන පිණිස ප්‍රඥාව ලබා දිය හැක (2 තිමොති 3:15), අප දුර්වලව ක්ලාන්ත වූවිට අප ධෛර්යමත් කිරීමට ක්‍රියා කරයි (2 කොරින්ති 1:3), සාමයෙන් පිරුණු හා තෘප්තිමත් ජීවිතයකට අපගේ මාර්ගෝපදේශකයා වේ (ගීතාවලිය 119:97-105). ලෞකික ප්‍රඥාව ලබා දෙන මිනිසුන් විසින් ලියන ලද සෑම වර්ගයකම පොත් ඇතත්, ආත්මය යථා තත්වයට පත් කිරීමටත්, විපත් වලදී බලාපොරොත්තුවක් ලබා දීමටත් හැකියාව ඇත්තේ දෙවියන් වහන්සේ ගේ වචනයට පමණි.

ඇත්ත වශයෙන්ම ආත්මය යථා තත්වයට පත් කළ හැක්කේ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ආත්මය මුදවා ගත් අයට පමණි. යේසුස් වහන්සේ තමන් වෙත එන සියල්ලන්ට සහනය දෙන බවට පොරොන්දු විය (මතෙව් 11:28-30). එබැවින් අපගේ ගැලවීම සහ දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය පිළිබඳව අපට විශ්වාසයක් තිබීම වැදගත්ය. දෙවියන් වහනසේ තම වචනයෙන් පොරොන්දුවූ සාමය හා ප්‍රීතිය අත්විදිය හැක්කේ ක්‍රිස්තුස්වහන්සේ තුළ නැවත ඉපදුණු අයට පමණි.

අප අධෛර්යයට, පරික්ෂාවට පත්වන විට හා පරීක්ෂාවන්ට මුහුණ දෙන විට දෙවියන්වහන්සේ අපට ලබා දී ඇති දෙය පිළිබඳව අප ස්තුතිවන්ත විය යුතුය. එතුමාණන් දිරිගැන්වීමේ සහ ශක්තියේ මූලාශ්‍ර තුනක් අපට ලබා දී ඇත. පළමුව උන්වහන්සේ අපට උන්වහන්සේගේ වචනය ලබා දී ඇත්තේ අපට මඟ පෙන්වීමට, ධෛර්යයමත් කිරීමට හා අධ්‍යාත්මිකව අපව පෝෂණය කිරීමටය. අප එය කියවීමට කාලය ගත කල යුතුය. එය දේශණා කිරීම ඇසීම (රෝම 10:17) සහ බොහෝවිට එයට කීකරුවීම (ගීතාවලිය 119:2, හිතෝපදේශ 3:1-2, යාකොබ් 1:25), දෙවනුව, දෙවියන්වහන්සේ අපට යාච්ඤාවේ වරප්‍රසාදය සහ බලය ලබා දී ඇත (මතෙව් 7:7-11, මාර්ක් 11:24-25, යොහාන් 15:7, හෙබ්‍රෙව් 4:16, 1 යොහාන් 5:14). දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන බවත් අප ගැන සැලකිලිමත් වන බවත් දන්නා බැවින් අපගේ ප්‍රශ්ණ, අධෛර්යයවීම් හා වෙහෙසට පත්වීම් එතුමන් වෙතට ගෙන යායුතුය (1 පේත්‍රැස් 5:6-7), තෙවනුව, අපව ධෛර්යයමත් කිරීමට හා අපට උපකාර කිරීමට උන්වහන්සේ අපට වෙනත් කිතුනුවන් ලබා දී ඇත (දේශණාකාරයා 4:9-19, එපීස 4:29, හෙබ්‍රෙව් 3:13). සෞඛ්‍යසම්පන්න, සමබර දේවස්ථානයක කොටස්කරුවෙකු වීමත්, වෙනත් ඇදහිලිවන්තයන් සමඟ නිතිපතා නමස්කාර කිරීම හා ඇසුරු කිරීම වැදගත්ය (හෙබ්‍රෙව් 10:23-25). ඒ හා සමාන අරගලවල යෙදී සිටි කිතුනුවන් අප අදුරු කාලවල ගමන් කරන විට මහත් දිරි ගැන්වීමක් සහ උපකාරයක් විය හැකිය (2 කොරින්ති 1:3-4).

ඵීඩා සහ පීඩා කාලවලදී අධෛර්යයමත්වීම අසාමාන්‍ය දෙයක් නොවේ. ඒ හා සමානතත්වයන්ට මුහුණ දුන් දේව භක්තික පුරුෂයන් හා ස්ත්‍රීන් පිළිබඳ උදාහරණ බයිබලය පුරාම අපට දැක ගත හැකිය. මෙම උදාහරණ අද අපට දිරි ගැන්වීමක් විය හැකිය. මන්ද ඔවුන්ට විශ්වාසවන්ත සිටි එම දෙවියන්වහන්සේ අද අපට විශ්වාසවන්තව සිටිනු ඇත. ගීතාවලිය කියවීමෙන් ආරම්භ කිරීම ප්‍රයොජනවත් වන්නේ දාවිත් රජ ඔහුගේ ජීවිතයේ අදුරු කාලවලදී මේවයින් බොහොමයක් ලියා ඇති නිසාත්, අප මානසික අවපිඩනයෙන්, වෙහෙසට පත්ව සිටින විටත්, අධෛර්යයමත් වූ විටත් අපව ධෛර්මත් කිරීමට ඒවාට හැකි වේ. දෙවියන්වහන්සේ විසින් යථා තත්වයට පත් කරන ලද ආත්මයක ප්‍රීතිය දාවිත් අත්විඳ ඇති හෙයින්, දෙවියන්වහන්සේ "මාගේ ආත්මය යථා තත්වයට පත් කරයි" යන අලංකාර වචන 23 ගීතීකාවේ දාවිත්තුමාට ලිවීමට හැකි විය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මගේ ආත්මය යථා තත්වයට පත් කරගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries