settings icon
share icon
ප්‍රශ්නය

මාගේ විවාහය ප්‍රකෘතිමත් කළ හැක්කේ කෙසේද?

පිළිතුර


විවාහයේ බැඳීම නැවත ප්‍රකෘතිමත් කිරීමට ඇති අවශ්‍යතාවයට බොහෝ හේතු තිබිය හැකි වුවද, සාමාන්‍ය වශයෙන් බැඳීම් සම්බන්ධව මෙන්ම විශේෂයෙන් විවාහ බැඳීම ගැන දේවවචනාකූලව ඇති ප්‍රතිපත්ති ගැන විමසා බලමු.

මෙය ආරම්භය වනුයේ ස්වාමිපුරුෂයා සහ භාය්‍ර්‍යාව අතර එකිනෙකා කෙරෙහි ඇති බැඳීම සහ ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ඇති බැඳීම ගැන සිතා බැලීමය. නව ජීවනයක් ලත් සැදැහැවතුන් ලෙස අප එකිනෙකා අතර ඇති සම්බන්ධතාවයේ සාර්ථකත්වය ඇති වනුයේ ස්වාමීවු ක්‍රිස්තුස් වහන්සේ සමග අපගේ ඇති පුද්ගලික සම්බන්ධතාවයේ ප්‍රශස්තතාවය මතය. පාපය නිසා හෝ දෙවියන්වහන්සේගේ අභිප්‍රායට පටහැනි ආකල්ප නිසා හෝ ස්වාමීන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය හීන වු විට, පළමුවෙන්ම තමා තමන් කෙරෙහිද වියවුල් භාවයට පත්වී, එම තත්වය නිසා අන් අය සමග තමාගේ සම්බන්ධතාවයටද බලපානු ඇත. එබැවින් ස්වාමින් වහන්සේගේ අභිප්‍රායන්ට එකඟව එතුමාගේ පාප කමාව තුළ සමාදානයෙන් ජීවත් වෙමින් එතුමා සමග තමාගේ සම්බන්ධතාවය නැවත ඇති කර ගැනීම පළමුවන පියවර විය යුතුය (1 යොහාන් 1:9).

මෙම සියඵ ආකල්පන අනුව හැඟී යනුයේ යම් කෙනෙකු හට නව ජීවනයක් තුළින් ස්වාමිවු ක්‍රිස්තුස්වහන්සේ සමග පුද්ගලික සම්බන්ධතාවයක් ඇති වන බවය. එනම් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාතන ජීවනය නැමැති ත්‍යාගය තුළින් ගැළවීම පිළිගෙන, නව ජීවනයකට නැවත පැමිණීමය. එම පියවර තැබීමට නොහැකි නම්, කෙනෙකුගේ සදාතන ගැළවීම හෝ මිදීම සම්බන්ධව දේවවචනාකූල ප්‍රතිපත්ති වලට පළමුව අවධානය යොමු කිරීම වැදගත් නොවේ.

නව ජීවනයක් ලත් සැදැහැවතෙකු හට ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති තත්වය සහ වරප්‍රසාදය නම් පාප කමාව වන අතර, ඒ නිසාවෙන් අපටද එකිනෙකාට කමාව දීමට අණ කර ඇත. “එකිනෙකා කෙරෙහි කරුණාවද, දයානුකම්පාවද ඇතිව සිට, දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කරන්න” (එපීස 4:32). අප ඇදහිලිවන්තයන් නම් “ක්‍රිස්තුස් වහන්සේ තුළ” අපට කමාව ලැබී ඇති අතර “ක්‍රිස්තුස් වහන්සේ තුළ” අපද අන් අයට කමාව දෙනු ඇත. කමාව නොමැතිව කිසිදු සම්බන්ධතාවයක් යළි ප්‍රකෘතිමත් කළ නොහැක. කමාව දීම යනු තමන්ගේ පාපවලට ලත් කමාවේ සත්‍යතාවය මත ඇති කරගන්නා තෝරා ගැනීමක්ය.

විවාහය තුල ඇතිවන සම්බන්ධතාවය සඳහා දේවවචනාකූලව අපට පෙන්වා දී ඇති පැහැදිළි ආදර්ශය, ඒ සම්බන්ධව ලෞකික දැක්මට ප්‍රති විරුද්ධවය. කමාව දීම හා කමාව ලැබීම ලද විට, දෙවියන්වහන්සේගේ ආදර්ශය ක්‍රියාත්මක කිරීමෙන්, එම වෙන්වු පාර්ශවයන් දෙවියන්වහන්සේට ගරු කටයුතු වු ලෙස එක්වීමක් සිදුවේ. මේ සඳහා දෙපාර්ශවයේම එකඟතාවය අවශ්‍ය වේ. “ඔබ නොදන්නා දෙයක් ඔබට උපයෝග කළ නොහැකිය” යනුවෙන් පැරණි කියමනක් ඇත. එබැවින් විවාහය සම්බන්ධව දෙවියන්වහන්සේගේ සැලැස්ම දැන ගැනීමට නම් දේව වචනය ගැන අවධානය යොමු කළ යුතුය.

ඒදන් උයනේදී ආදම් සහ ඒව එක් කිරීම දෙවියන්වහන්සේ විසින් සිදුකළ පළමුවන විවාහය වේ. පාපය ඇතුඵ වීම නිසා එම පරීපූර්ණ බැඳීම විනාශ විය. ඉන්පසුව ආදම් ඒවගේ “ප්‍රධානියා” වී ඇයව පාලනය කරන බව දෙවියන් වහන්සේ ඒවට පැවසු සේක. (උත්පත්ති 3:16) (1 කොරින්ති 11:3, එපීස 5:22, තීතස් 2:5, පේතෘස් 3:5–6) යන පාඨ සමග ඉහත සඳහන් පාඨය සසඳන්න) මෙම න්‍යාය “නූතන නිදහස් ස්ත්‍රීන්ගේ සංවිධානය මගින් ප්‍රතික්‍ෂේප කරන ලද අතර, ඔවුන්ගේ ර්‍ව්‍යාජ” අදහස් විශ්වාස කළ බොහෝ දෙනෙකුට කිව නොහැකි තරම් කණස්සල්ලකට මුහුණ දීමට සිදුවිය. එසේම සෑම දෙනාම සාමාන්‍ය යනුවෙන් මිනිසුන් තුළ විශ්වාසයක් ඇත. එක් අතකින් එහි සත්‍යතාවයක් ඇත. අප සියඵ දෙනාටම එක සමානව ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති ගැලවීම වෙත ළඟා විමට හැකියාව ඇත. (ගලාති 3:28) නමුත් මෙම ලෝකයේ සිටින සියඵ දෙනාටම ලැබෙන අවස්ථාවන්, හැකියාවන් සහ බලය යන දේවල් සමාන වන බව සිතීම බොළඳ ක්‍රියාවකි. භාය්‍ර්‍යාවන් තම ස්වාමිපුරුෂයාගේ අණසකට යටත්ව සිටීම දෙවියන්වහන්සේ විසින් සලසා ඇත්තේ යම් හේතුවක් මතය. පාපය නිසා එම න්‍යාය අපයෝජනයට සහ විනාශයට ලක් වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් නිවස සහ පවුල වියවුල් වී ඇත. කෙසේවුවද ස්වාමීපුරුෂයන් විසින් සිය භාය්‍ර්‍යාවන්ට තම ශරීරයට මෙන් ප්‍රේම කළ යුතුයයි දෙවියන්වහන්සේ වදාරණ සේක (එපීස 5:28). ඇත්ත වශයෙන්ම වැඩි වගකීමක් පැවරී ඇත්තේ ස්වාමීපුරුෂයා හටය. භාය්‍ර්‍යාවන්ද, ස්වාමීන්වහන්සේට යටත් වන්නාක් මෙන් තම ස්වාමිපුරුෂයාටද යටත් විය යුතුය. කෙසේ වුවද, “ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේම කළාක් මෙන්” පුරුෂයන්ද තම භාය්‍ර්‍යාවන්ට ප්‍රේම කළ යුතුය (එපීස 5:25, 26).

විවාහය සම්බන්ධ සමහර න්‍යායයන් සහ ප්‍රායෝගික පෞද්ගලික, අධ්‍යාත්මික ඔවදන් 1 කොරින්ත 7 පරිච්ඡේදය යටතේ දක්වා ඇත. නැවතත් මෙම තැනැත්තන් නව ජීවනය ලද ඇදහිලිවතුන් බව එමඟින් ඒත්තු ගැන්වේ. මෙම පරිච්ඡේදය මගින් කාමමිථ්‍යාචාරය, අනියම් සම්බන්ධතා ඇති කර ගැනීම ආදි “රාගය” නිසා ඇතිවන අනත්‍රාදායක උගුල් වලින් මිදිම සඳහාද ශුද්ධවන්තව හෝ තනිකඩව වාසය කිරීම ගැන පෙන්වා දේ.

දෙවියන්වහන්සේ නියම කළ න්‍යායයන් ක්‍රියාකාරීය. නමුත් ඒ සඳහා දෙපාර්ශවයේම කැපවීමද අවශ්‍ය වේ. සාමාන්‍ය වශයෙන් විවාහයේ සම්බන්ධතාවය කඩා වැටුනත්, එම සම්බන්ධතාවය තවදුරටත් ඉදිරියට පවත්වා ගැනීම සඳහා සමහර කරුණු වලට කමාව දී ඒවා පසෙක තැබිය යුතු අතර, ඒ සඳහා නැවතත් තෝරාගැනීම සහ කැපවීම අවශ්‍ය වේ. කමාව දීමට අකමැති වීම යනු, සම්බන්ධතාවය ප්‍රකෘතිමත් නොවීමය. මේ සියල්ලටම වඩා වැදගත් කරුණ වනුයේ ස්වාමීන්වහන්සේ ඉදිරියේ එකිනෙකාගේ වගකීමය. කමාව දීම සහ සහභාගිත්වය වනාහි සම්බන්ධතාවයන් නැවත ගොඩනැඟීම ආරම්භ කිරීමට ඇති කදිම අවස්ථාවකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මාගේ විවාහය ප්‍රකෘතිමත් කළ හැක්කේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries