settings icon
share icon
ප්‍රශ්නය

ආදේශන දේවවේදය යනු කුමක්ද?

පිළිතුර


ආදේශන දේවවේදය තුලින් පැහැදිලිවම ඊශ්‍රායෙල්වරුන්ව ප්‍රතිස්ථාපනය දේව සභාව තුලින් සිදුවී ඇති බවට උගන්වයි. ආදේශන දේවවේදය තුළ විශ්වාසය වන්නේ යුදෙව්වන් තව දුරටත් දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සෙනඟක් නොවන බවත් ඊශ්‍රායෙල් දේශය වෙනුවෙන් හා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ස්ථීර සැලැස්මක් දෙවියන් වහන්සේ තුළ නැති බවයි. සභාව හා ඊශ්‍රායෙලය අතර තිබෙන්නාවූ සබඳතාවෙහි විවිධ පැතිකඩයන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි අතර සභාව යනු ඊශ්‍රායෙල් තවදුරටත් පවත්වාගෙන යාමක් (ප්‍රතිස්ථාපනය / ගිවිසුම් දේවවේදය) හෝ සභාව යනු ඊශ්‍රායෙල් හා ගත් කළ හාත්පසින් වෙනස් විශේෂ ස්ථානයක් (ආගමිකවාදය / පූර්ව සහශ්‍රවාදය) ගනු ලබන බවයි.

ආදේශන දේවවේදය මගින් උගන්වනු ලබන්නේ සභාව යනු ඊශ්‍රායෙල් ආදේශනය කිරීමක් වන අතර, බයිබලයේ සඳහන් ඊශ්‍රායෙලයට දී ඇති පොරොන්දු වර්ථමාන සභාවට දී ඇති පොරොන්දු මිසක් ඊශ්‍රායෙලයට දුන් පොරොන්දු නොවන බවයි. ඒ අනුව බයිබලය තුළ ඊශ්‍රායෙලයට දී ඇති පොරොන්දු, අනාවැකි හා යහපත් කාලය පිළිබඳ අනාවැකි ආදිය සභාවට දුන් දේව ආශීර්වාද ලෙස සැලකිය හැක. මෙම සංකල්පය නිසා යුදෙව්වන්ගේ පැවැත්ම හා වර්ථමාන ඊශ්‍රායෙල් තත්වය දෙස බලනවිට ගැටළුකාරි තත්වයක් උද්ගතවී ඇත. දෙවියන් වහන්සේ විසින් යුදෙව්වන්ට දඬුවම් කර ඇත්නම් එවිට යුදෙව් ජාතියට අනාගතයක් නොමැති වන අතර, එසේ නම් පසුගිය වසර 200 ක කාලය තුල යුදෙව්වන්ගේ විනාශයන් අධි සාමාන්‍ය ලෙස ලැබූ මිදීම පිළිබඳව අප කරුණු දක්වන්නේ කෙසේද? ඊශ්‍රායෙලය ජාතියක් ලෙස වසර 1900 ක පැවැත්මක් නොමැතිව, පසුව 20 වන සියවස තුල නැවතත් පෙනී සිටින්නේ කෙසේද යන වග ගැටළුවකි.

නව ගිවිසුම තුල ඊශ්‍රායෙලය හා සභාව අතර ඇති වෙනස පැහැදිලිව දක්වා ඇත. බයිබලානුකුලව සභාව හා ඊශ්‍රායෙලය අතර පැහැදිලි වෙනසක් පවතින අතර මෙම අංශ දෙක කිසිවිටක එකිනෙකට හුවමාරු කර දැක්විය නොහැකිය. දේවවචනයට අනුව සභාව යනු පෙන්තකොස්ත දිනයේදී ආරම්භවූ අතර, දෙවියන් වහන්සේගේ දෙවන පැමිණීමේදී සභාව ඔසවා ගනු ලබන දිනය තෙක් සභාව පවතින බවය (එපීස 1:9-11; 1 තෙසලෝනික 4:13-17). ඊශ්‍රායෙල් හා සිදුවන ආශීර්වාදයන්ට මෙන්ම ශාපයන් සඳහා සභාව අතර කිසිඳු සබඳතාවක් නැති අතරම, ගිවිසුම් පොරොන්දු හා අනතුරු හැඟවීම් ආදිය ඊශ්‍රායෙලයට පමණක් ආවේනික ඒවා වේ. ඊශ්‍රායෙලය දෙවියන් වහන්සේ විසින් තාවකාලිකව පසුගිය වසර 2000 ක කාලය තුල දී වෙන් කරනු ලැබූ කොටිඨාශයක් ලෙසට තැබීය.

ඔසවා ගැනීමෙන් පසුව (1 තෙසලෝනික 4:13-18), දෙවියන් වහන්සේ විසින් එතුමන්ගේ ප්‍රාථමික සැලැස්මක් ලෙසට ඊශ්‍රායෙලය නැවතත් යථා තත්වයට පත් කරනු ලබන අතර එහි පළමු සිදුවීම ලෙස මහත් පීඩා කාලයක් (එළිදරව් 6-19) හඳුන්වාදිය හැක. ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ලෙස පිළිනොගත් වරදට ලෝකයා විනිශ්චයට ලක්කරනු ලබන අතර ඊශ්‍රායෙලය පීඩා මැදින් යේසුස් වහන්සේගේ දෙවන සම්ප්‍රාප්තිය සඳහා සූදානම් වෙයි. ඒ අනුව ගත් කළ පීඩා කාලය අවසානයේ යේසුස් වහන්සේ මෙළොවට දෙවනි වර පැමිණීමත් සමග, ඊශ්‍රායෙලය එතුමන්ව පිළිගැණිමට සූදානම්වී සිටියි. පීඩා කාලය තුල ජීවත්වීමට වරම් ලැබෙන ඊශ්‍රායෙල් ජාතිය හට ගැලවීම හිමි වන අතරම යෙරුසලම කේන්ද්‍ර කර ගනිමින් දෙවියන් වහන්සේ උන් වහන්සේගේ රාජ්‍යය මොළොව මත ස්ථාපිත කරයි. යේසුස් වහන්සේ යෙරුසලම තුල අධිපතිකම් කරනු ලබන විට ඊශ්‍රායෙලය ප්‍රමුඛ පෙලේ දේශයක් බවට පත්වන අතර ලොව පුරා විසිර සිටින අය නියෝජනයන් කරමින් උන් වහන්සේට නමස්කාර කිරීමට හා ප්‍රශංසා කිරීමට යෙරුසලමට ජනතාව පැමිණෙනු ඇත. ඒ අනුව සභාව ක්‍රිස්තුස් වහන්සේ සමග තවත් වසර 1000 ක කාලයක් තුල රාජ්‍යය පාලනය කරනු ලබයි (එළිදරව් 20:1-5).

පැරණි ගිවිසුම මෙන්ම අළුත් ගිවිසුම තුල පූර්ව සහශ්‍රවාදය / ආගමික වාදය තේරුම් කරමින් ඊශ්‍රායෙලය උදෙසාවූ දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිබ්ඹු කර දක්වයි. ඒ අනුව පූර්ව නැතහොත් ප්‍රාග් සහශ්‍රවාදය සඳහා ඝෘජුවම සහය දක්වා ඇති සාක්‍ෂි එළිදරව් 20:1-7 තුල පැහැදිව අන්තර්ගත වේ, මෙහිදී සය වාරයක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය වසර 100 ක් පවතින බවට සඳහන් වේ තවද මහත් පීඩා කාලයක් අනතුරුව දෙවියන් වහන්සේගේ රාජ්‍යය නැවතත් මොළොවට පැමිණ ඊශ්‍රායෙලය සමග රාජ්‍යය පිහිටුවන අතර ක්‍රිස්තුස් වහන්සේ මුළු ලෝකයටම අධිපතිකම් දරයි, ඊශ්‍රායෙලය සෑම රාජ්‍යයකම නායකයා බවට පත්වේ. එහිදී සභාවද වසර 1000 කාලයකට උන් වහන්සේ සමග රාජ්‍යයේ සිටිනු ලබයි. මේ අනුව ගත් කල සභාව යනු ඊශ්‍රායෙලය වෙනුවට දේව කැමැත්ත අනුව පිහිටවූ අංශයක් නොවේ. මන්දයත් දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ දැක්ම සභාව වෙත යොමු කරනවා සේම, උන් වහන්සේ හට ඊශ්‍රායෙලය සම්බන්ධයෙන්ද කිරීමට කටයුත්තක් ඇත. ඒ නම් ඊශ්‍රායෙලය නැවත ස්ථාපිත කර එතුමන් විසින් තෝරා ගනු ලැබූ රාජ්‍යයක් බවට ඊශ්‍රායෙලය පත් කිරීමයි (රෝම 11).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආදේශන දේවවේදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries