අප ස්වර්ගයේ සිටින විට මෙලොව අප ගත කළ ජීවිතය සිහිපත් වේද?


ප්‍රශ්නය: අප ස්වර්ගයේ සිටින විට මෙලොව අප ගත කළ ජීවිතය සිහිපත් වේද?

පිළිතුර:
යෙසායා 65:17 පදයේ මෙසේ සඳහන් වේ. මම අඵත් අහසක්ද අඵත් පොළොවක්ද මවමි. පසුගිය දේ මතක් කරන්නේ වත් සිහි කරනු ලබන්නේ වත් නැත. සමහර අය යෙසායා 65:17 මගින් පෙන්වා දෙන්නේ, අප හට ස්වර්ගයෙහිදී, මොලොව ජීවිතය පිළිබඳ කිසිදු මතකයක් ඇති නොවන බවය. කෙසේවුවද, යෙසායා 65:16 පදය මගින් දැක්වෙන්නේ පසුගිය දුක් කරදර අමතක කරනු ලබන්නේය. ඒවා මාගේ ඇස් ඉදිරියෙන් පහ කරනු ලබන්නේය යනුවෙනි. එයින් පෙනෙන්නේ අපගේ පසුගිය දුක් කරදර පමණක් අමතක කරනු ලබන අතර, අපගේ සෑම මතකයක්ම මැකී යාමක් සිදු නොවන බවය. අවසානයේදී අපගේ මතකයන් පිරිසිදු වීම, මිදීම ලැබීම, සුවපත් වීම සහ ප්‍රකෘතිමත් වීම සිදුවන අතර, එය මැකී නොයනු ඇත. මෙලොව ජීවිතය ගැන බොහෝ මතකයන් අපහට තිබීමට නොහැකි වීමට හේතුවක් නොමැත. පාපය, වේදනාව හා දුක යන්න සම්බන්ධ වී ඇති මතකයන් පිරිසිදු කරනු ඇත. එළිදරව් 21:4 හි සඳහන් වනුයේ උන්වහන්සේ ඔවුන්ගේ දෙනෙතින් සියඵ කදුඵ පිස දමන සේක. මරණය තවත් නැත. වැලපීමද, හැඩීමද, වේදනාවද තවත් නැත. පළමු පිළිවෙල පහව ගියේය.

පසුගිය දේවල් අපගේ මතකයට නොපැමිණීම යන කරුණෙන් අපගේ මතකයන් පිරිසිදු වීමක් සිදුවනවාය යන්න අදහස් නොකෙරේ. අපට ලැබෙන විශ්මජනක නව පරිසරය ගැන මෙම දිවැස් වාක්‍යය පෙන්වා දේ. අඵත් පොළොව කෙතරම් ආකර්ශනීය, සිත් ගන්නා සුඵද, කිවහොත් සෑමදෙනාම වේදනාවෙන් සහ පාපයෙන් පිරි මෙම දැන් පවතින පොළොව අමතක කරති. රාත්‍රී කාලයේදී තමාගේ නිදන කාමරයේ සෙවනැලි වලට බිය වන දරුවකු, පසුදින ක්‍රීඩා පිටියේදී පෙර දින රාත්‍රී කාලයේදී ඇතිවු බිය සම්පූර්ණයෙන්ම අමතක කරයි. එසේ වන්නේ, එම මතකය මැකී ගිය නිසා නොව, හිරු එළියේ සිටින විට එම බිය ඔහුගේ සිතට නොඑන නිසාය.

එසේම සදාතනික රාජ්‍යය සහ දැනට පවතින ස්වර්ගයෙහි වෙනස හදුනා ගැනීම වැදගත්ය. ඇදහිලිවන්තයෙකු, මිය ගිය විට ඔහු හෝ ඇය ස්වර්ගයට යන අතර, එය අපගේ අවසාන නවාතැන නොවේ. අපගේ සදාතන ස්ඵිර නිවස අඵත් අහසක් සහ අඵත් පොළොවක් ගැන බයිබලය හදුන්වා දේ. යෙසායා 65:17 සහ එළිදරව් 21:1 යන පද දෙකෙන්ම හදුන්වා දෙන්නේ සදාතනික රාජ්‍යය මිස දැනට පවතින ස්වර්ගය ගැන නොවේ. දුක්ගාවිනාව, අවසාන විනිශ්චය සහ විශ්වයේ නැවත මැවීම සිදුවන තෙක් සෑම කදුළක්ම පිස දැමීමේ පොරොන්දුව ඉටු නොවේ.

යොහාන් තුමාට එළිදරව් වූ දර්ශනයේ ඔහු ස්වර්ගයේ දුක් වේදනාව දුටුවේය. දෙවියන්වහන්සේගේ වචනය නිසාද, තමන් දැරූ සාක්‍ෂිය නිසාද මරනු ලැබූවන්ගේ ආත්මයන් පූජාසනය යට දිටිමි. ඔවුහු කතා කරමින් ස්වාමීනි, ශුද්ධවු සත්‍යය වු තැනැන්වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක්ද කියා මහ හඩින් මොර ගැසූහ. (එළිදරව් 6:9–10) යොහාන්තුමා සැබවින්ම ස්වර්ගයේ සිටිමින් (එළිදරව් 4:1–2) තමන්හට සිදුවු අසාධාරණයන් සිහිකරන අය දකිමින් සහ ඔවුන්ගේ හඩ අසමින් සිටියේය. ශාපය ඉල්ලමින් ඔවුන්ගේ මහත් ඝෝෂාව පෙන්නුම් කරන්නේ දැනට පවතින ස්වර්ගයේදී, අප මෙලොව අයහපත් දේද ඇතුඵව ගත කළ ජීවිතය අපගේ මතකයේ තිබෙන බවය. එළිදරව් 6 හි සඳහන් ස්වර්ගය තාවකාලික වන අතර එය, එළිදරව් 21 හි සඳහන් සදාතන රාජ්‍යය සඳහා මග පාදයි.

ලුක් 16:19–31 හි සඳහන් ලාසරස් සහ පොහොසතාගේ කථාන්දරය මගින්, මිය ගිය අයට තම මෙලොව ජීවිතය ගැන මතකයේ ඇති බවට තවදුරටත් සනාථ වේ. පොහොසතා ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටින්නේ තමාගේ සහෝදරයන් හට, අධර්මිෂ්ඨ අයට අත් වන ඉරණම ගැන අනතුරු හැඟවීමක් කිරීමට, ලාසරස්ව නැවත මෙලොවට යවන ලෙසටය. (27:28) එහිදි පොහොසතා හට තම නෑදෑයන් සිහිපත් වේ. එසේම ඔහු ගත කළ ආත්මාර්ථකාමී සහ පාපිෂ්ඨ ජීවිතය ද සිහිපත් වේ. (25 පදය) මෙම මතකයන්, නිරයේ සිටින මෙම පොහොසතාගේ දුක් විඳීමේ කොටසක් වේ. මෙම කථාන්දරයෙන් ලාසරස් ආබ්‍රහම් හට මෙලොව සිදුවන දේ ගැන හරි අවබෝධයක් තිබිණ. (25 පදය) ධර්මිෂ්ඨයන්ගේ සියඵම දුක් පීඩා නිමවන්නේ ඔවුන් සදාතනික රාජ්‍යයට ලඟාවු විටදීය.

English


නැවතත් සිංහල මුල් පිටුවට
අප ස්වර්ගයේ සිටින විට මෙලොව අප ගත කළ ජීවිතය සිහිපත් වේද?