settings icon
share icon
ප්‍රශ්නය

දික්කසාදයකින් පසුව සිදුවන නැවත විවාහයක් හැමවිටම කාමමිථ්‍යාචාරයක් ලෙස සැලකිය හැකිද?

පිළිතුර


මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම ආරම්භ කිරීමට පෙර දෙවියන්වහන්සේ දික්කසාදයට දැඩි ලෙස විරුද්ධ වන සේක. (මලාකි 2:16) යන බයිබල් පාඨය නැවත නැවත ආවර්ජනය කරමුව. දෙවියන්වහන්සේ දික්කසාදයට දැඩි ලෙස විරුද්ධ වීමට හේතු වීමේ එක් කරුණක් වන්නේ, එමඟින් බොහෝ අය අත් විඳින වේදනාව, සංකූලතාවය සහ කණස්සල්ල නිසා වීමය. දේව වචනාකූලව දික්කසාද වීමට වඩා අසීරු වන්නේ නැවත විවහා වීමය. දික්කසාද වන බොහෝ දෙනෙක් නැවත විවාහ වෙති. එසේ නොමැති නම් එසේ කිරීමට අපේක්‍ෂා කරති. මේ සම්බන්ධව බයිබලය පෙන්වා දෙන්නේ කුමක්ද?

මතෙව් 19:9 අනුව තවදුරටත් ඔබට මෙසේ කියමි. වේශ්‍යාකම නිසා මිස තම භාය්‍ර්‍යාව දික්කසාද කොට වෙන ස්ත්‍රීයක සරණ පාවා ගන්නා කවරෙක් නමුත්, කාමමිථ්‍යාචාරය කරන්නේය. මතෙව් 5:32 ද බලන්න. මෙම බයිබල් පාඨ පැහැදිළිවම පෙන්වා දෙන්නේ වේශ්‍යාකම නිසා සිදුවු දික්කසාදයකදී හැර වෙනත් හේතු සඳහා දික්කසාද වූ කෙනෙකු නැවත විවහා වුවහොත් එම තැනැත්තා කාමමිථ්‍යාචාරයේ යෙදෙන බවය. මෙම බැහැර කිරීමේ වගන්ති සහ එහි අනුමිතිය සඳහා කරුණාකර පහත දැක්වෙන ලිපියන් කියවන්න. මා දික්කසාද වී ඇද්ද? මා හට නැවත විවාහ විය හැකිද?

නැවත විවාහ වීම කාමමිථ්‍යාචාරයක් ලෙස නොසලකා, දික්කසාද විමට සහ නැවත විවාහ වීමට සමහර අවස්ථාවන්හි අවසර ලබා දී ඇති බව අපගේ මතය වේ. පසුතැවිලි නොවන අනියම් ලිංගික ඇසුරු, තම සහකරුව සහ දරුවන්ව කායිකව අපයෝජනයට ලක් කිරීම සහ ඇදහිලිවන්ත සහකරුව, නොඇදහිලි සහකරු විසින් අත්හැර දමා යාම යන කරුණු එම අවස්ථාවන්ට ඇතුළත් වේ. නමුත් එම අවස්ථාවන්ට යටත්වු කෙනෙකු නැවත විවාහ විය යුතුයයි අප පවසන්නේ නැත. බයිබලය නිශ්චිත වශයෙන්ම අනුබල දෙනුයේ නැවත විවාහ නොවී සිටීම හෝ එම බිඳුන විවාහය යලි සමඟි කර ගැනීමය. ( 1 කොරින්ති 7:11) ඒ සමඟම අපගේ මතය වනුයේ දික්කසාද වීමකදී නිදොස් පාර්ශවයට දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ කරුණාව සහ අනුග්‍රහය දානය කරන අතර එම තැනැත්තාව කාමමිථ්‍යාචාරය කිරීම යන වරදට පත් නොකොට නැවත විවාහ වීමට ඉඩ සලසන බවය.

ඉහත සඳහන් හේතු වලට අමතර හේතු සඳහා දික්කසාදයක් ලබාගෙන නැවත විවාහ වන තැනැත්තෙකු කාමමිථ්‍යාචාරය කිරීමේ වරදට යටත් වේ. (ලුක් 16:18) එවිට පැනනඟින ප්‍රශ්නය වනුයේ, මෙම නැවත විවාහය කාමමිථ්‍යාචාරය කිරීමක්ද? නැතහොත් කාමමිථ්‍යාචාරය කිරීමේ තත්වයක්ද? යනුය. මතෙව් 5:22,19:9 සහ ලුක් 16:18 ග්‍රීක භාෂාවේ වර්තමාන කාලය අනුව දිගින් දිගටම කාමමිථ්‍යාචාරයේ යෙදීම බව පෙන්නුම් කළද, ග්‍රීක භාෂාවේ වර්තමාන කාලය හැමවිටම එවැනි තත්වයක් පෙන්නුම් නොකරයි. සමහර විට එයින් අදහස් වන්නේ යම් සිදුවීමක් ගැනය. (කාල නියමයක් නොදක්වන, අවබෝධ කර ගැනීමට අපහසු නමුත් උපදේශාත්මක) උදාහරණයක් වශයෙන් ගතහොත් මතෙව් 5:32 හි දික්කසාදය යන වචනය වර්තමාන කාලයට අයත්ය, නමුත් දික්කසාද කිරීමක් කෙනෙකු දිගින් දිගටම කෙරෙන ක්‍රියාවක් නොවේ. එබැවින් අපගේ මතය වනුයේ කුමන තත්වයක් යටතේ වුවද නැවත විවහා වීමද කෙනෙකු දිගින් දිගටම කරගෙන යන අනියම් ලිංගික ඇසුරක් නොවේ. නැවත විවහා වීම යන ක්‍රියාව පමණක් අනියම් ලිංගික ඇසුරක් වනු ඇත.

පැරණි ගිවිසුමේ නීති අනුව කාමමිථ්‍යාචාරය කිරීම සඳහා ලබා දුන් දඩුවම නම් මරණයයි. (ලෙවී ව්‍යවස්ථාව 20:10) ඒ අතරම ද්වීතිය නීති සංග්‍රහාය 24:1–4 හි සඳහන් පරිදි දික්කසාදයට පසුව නැවත විවහා වීම කාමමිථ්‍යාචාරය කිරීමක් ලෙස හඳුන්වා නැති අතර, දෙවැනි විවාහයට ඇතුළත් වු සහකරුවාට මරණීය දඩුවම ලබා දිය යුතු යයි ඉල්ලා නැත. දෙවියන්වහන්සේ දික්කසාදයට දැඩි ලෙස විරුද්ධ වන බව (මලාකි 2:16) බයිබලයේ පැහැදිළිව පෙන්වා දී ඇති අතර, බයිබලයේ කිසිඳු තැනක දෙවියන්වහන්සේ නැවත විවහා වීමට දැඩි ලෙස විරුද්ධ වන බව පැහැදිළිවම සඳහන්ව දී ඇත. එසේ නැවත විවාහ වු යුවලකට දික්කසාද වීමට බයිබලය අණකර නැත. ද්වීතිය නීති සංග්‍රහාය 24:1–4 අනුව නැවත විවාහ වීම බලරහිත බව විස්තර කර නැත. දෙවන විවාහයක් දික්කසාදයකින් අවසන් කිරිම, පළමු විවාහයක් දික්කසාදයකින් අවසන් කිරීම මෙන්ම පාපීය ක්‍රියාවකි. මේ අවස්ථා දෙකෙහිදීම දෙවියන්වහන්සේ ඉදිරියෙහිද, විවාහ වන යුවළ අතරද, සාක්‍ෂිකරුවන් ඉදිරියේද දුන් පොරොන්දු කඩ කිරිම සිදු වේ.

කිනම් තත්වයක් යටතේ වුවද, නැවත විවාහ වු යුවලක් තම විවාහ දිවිය විශ්වාසනීයවද, දෙවියන්වහන්සේට ගෞරවනීයවද ක්‍රිස්තුස්වහන්සේ තමන්ගේ විවාහ දිවියේ ප්‍රධාන ස්ථානය ලෙස සලකා ජීවිතය ගත කළ යුතුය. විවාහය වනාහි විවාහයකි. දෙවියන්වහන්සේ නව විවාහය බලරහිත හෝ කාමමිථ්‍යාචාරවු විවාහයක් ලෙස සලකන්නේ නැත. නැවත විවාහ වු යුවලක් දෙවියන්වහන්සේට හා එකිනෙකාට කැපවී, තමන්ගේ විවාහය සදා පවතින සහ දෙවියන්වහන්සේට ප්‍රධාන ස්ථානය ලබාදෙන ජීවිත කරගෙන, එමඟින් උන්වහන්සේට ගෞරවය ගෙනදිය යුතුය. (එපීස 5:22–33)

English



නැවතත් සිංහල මුල් පිටුවට

දික්කසාදයකින් පසුව සිදුවන නැවත විවාහයක් හැමවිටම කාමමිථ්‍යාචාරයක් ලෙස සැලකිය හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries