settings icon
share icon
ප්‍රශ්නය

බොහෝ යුද්ධ වලට හේතු කාරකය ආගම වේද?

පිළිතුර


නිසැකවම පෙනී යන ආකාරයට ඉතිහාසය පුරාම විවිධ ආගම් හා සම්බන්ධ වූ ගැටුම් රාශියක් ආගමික හේතූන් කරණකොටගෙන ඇති වී ඇත. උදාහරණ වශයෙන් කිතුණු ආගමෙහි සිදුවීම් කිහිපයක් නම් කරහොත්:

• කුරුස යුද්ධ – 11 වන ශතවර්ෂයේ සිට 13 වන ශතවර්ෂය දක්වා ක්‍රියාමාලාවන් සමග මුස්ලිම් ආක්‍රමණිකයන්ගෙන් ශුද්ධ භූමිය නැවත පවරා ගැනීම පිළිබද ප්‍රකාශිත අරමුණ සහ බයිසැන්තියානු අධිරාජ්‍යයේ ආධාරයට පැමිණීම.

• ප්‍රංශ ආගමික යුද්ධ – 16 වන ශතවර්ෂයේ ප්‍රංශයේ යුද්ධ අනුක්‍රමයක් කතොලිකයන් සහ රෙපරමාදු හියුගන් ජනතාව අතර පැවතුනි.

• තිස් අවුරුදු යුද්ධය – 17 වන ශතවර්ෂයේ කතොලිකයන් සහ රෙපරමාදුවන් අතර දැන් ජර්මනිය නම් වූ රටෙහි පැවති යුද්ධය.

මෙම ලැයිස්තුව කිසිසේත් දීර්ඝ විස්තර සහිත නොවේ. මීට අමතරව යමෙකුට ටායිපින් කැරැල්ල සහ උතුරු අයර්ලන්තයේ ගැටළු මෙයට එකතු කළ හැක. කිතුණු ආගම වසර 2000ක ඉතිහාසය පුරාවටම බොහෝ ගැටුම් වල සාධකයක් බවට පත් වි තිබිණි.

ඉස්ලාම් ධර්මයේ අපට "ජිහාඩ්" නොහොත් "ශුද්ධ යුද්ධ" නමැති සංකල්පය දක්නට ලැබේ. "ජිහාඩ්" නමැති වචනය වචනානුසාරයෙන්ව කිවහොත් එහි අරුත "අරගලය" වන අතර එම සංකල්පය භාවිතා කරනු ලැබ ඇත්තේ ව්‍යාප්ති යුද්ධය සහ ඉස්ලාමීය යුද්ධය විස්තර කිරීම සදහාය. පසුගිය අර්ධ ශතකය පුරා මැදපෙරදිග පැවතුන අඛණ්ඩ යුද්ධය නිසැකවම බොහෝ යුද්ධයන් සදහා ආගම හේතු කාරකයක් වී ඇත යන අදහසට දායක වි ඇත. එක්සත් ජනපදය තුළ සැප්තැම්බර් 11 ඇතිවූ ප්‍රහාරය ජිහාඩ් ලෙස දැක තිබෙන්නේ ඇමරිකවේ "මහා සාතන්ට" එරෙහිව වන අතර මුස්ලිම් නෙත් වලින් බලන කළ ක්‍රිස්තියානි ආගමට බොහෝ සමාන කම් දරයි. යුදෙව් ආගමට අනුව පොරොන්දු දේශය ජය ගනු ලැබූ විජයග්‍රහණ යුද්ධ දෙවියන්වහන්සේගේ අණ පරිදි පැරණි ගිවිසුමේ රචනා වි ඇත (විශේෂයෙන්ම යොෂුවා පොත).

මානව ඉතිහාසයේ බොහෝ යුද්ධ වලදී ආගම නිසැකවම දායක වී ඇති යන කරුණ ඉතා පැහැදිලි විය යුතුයග කෙසේ නමුත් යුද්ධ වලට හේතුව ආගම් පමණක්මද? යන්න විවේචකයින් විසින් ඉදිරිපත් කරන ලද කාරණය තුළින් සනාථ වනු ලබයිද? එයට පිළිතුර නම් "ඔව්" හෝ "නැත" යන්නය. "ඔව්" යන්න ද්විතීයික හේතුවක් ලෙස ගතහොත් ආගම මතුපිටින් හෝ බොහෝ ඝටිටනයන්ට ප්‍රගාමකයක් ලෙස ක්‍රියා කර ඇතග කෙසේ නමුත් "නැත" යන පිළිතුර ඒ අර්ථයෙන් ගත් කළ යුද්ධයන්ට කිසිසේත් මූලික හේතුව ආගම නොවේ.

මෙම කරුණ ආදර්ශනය කර පෙන්වීමට අප 20 වන සියවස දෙස අපගේ අවධානය යොමු කරමුග සියලූම වාර්තාවන්ට අනුව මානව ඉතිහාසයේ බොහෝ සෙයින් ලේ වැගුරුනු සියවසක් ලෙසට 20 වන සියවස සැලකිය හැක. කිසිඳු ආගමකට සම්බන්ධ නොවූ ඉතා දරුණු යුද්ධයන් දෙකක් වූ යුදෙව් සංහාරය සහ රුසියාව, චීනය, අග්නිදිග ආසියාවේ සහ කියුබවේ කොමියුනිස්ට් විප්ලවයන් කරණකොටගෙන මිලියන 50–70 අතර මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇතග (සමහර ඇස්තමේන්තු මිලියන 100 දක්වා ඉහළ යයි– මෙම ගැටුම් සහ ජනඝාතන තුළ ඇති එක් පොදු කරුණක් නම් ඒවා දෘෂ්ඨිවාදාත්මක වීම විනා ආගමික ස්වභාවයක් නොගන්නා බවය. අපට පහසුවෙන්ම ඉදිරිපත් කළ හැකි කරුණක් නම් මිනිස් ඉතිහාසයේ බොහෝ මිනිසුන් ආගමට වඩා දෘෂ්ඨිවාදය කරණකොටගෙන මිනිසුන් මිය ගොස් ඇති බවටය. කොමියුනිස්ට් දෘෂ්ඨිවාදය අන් අය කෙරෙහි පාලනය කිරීම අවශ්‍යය බව පමුණුවයි. නාසි දෘෂ්ඨිවාදය "පහත්" ජාතීන් ඉවත් කිරීම අවශ්‍යය බව පමුණුවයි. මෙම දෘෂ්ඨිවාදයන් දෙක පමණක් මිලියන ගණනක මරණ වලට හේතුකාරකයක් වූ අතර මේවා ආගමට කිසිඳු සම්බන්ධයක් නොවීය. නියත වශයෙන්ම කිවහොත් කම්යුනිස්ටිවාදය, නිර්වචනයට අනුව අදේවවාදී දෘෂ්ඨිවාදයකි.

ආගම සහ දෘෂ්ඨිවාදය වූ කලී යුද්ධයට ද්වීතියික හේතුවේ. කෙසේ නමුත් සියලූ යුද්ධ වලට මූලික හේතුව පාපයයි. පහත සදහන් ශුද්ධ ලියවිලි සලකා බලන්න:

"ඔබ සැම අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ ඔබ සැමගේ අවයවයන් තුළෙහි යුද්ධ කරන ඔබ සැමගේ තෘෂ්ණා වලින් නොවේද? ඔබ සැම ආශා වන්නහුය නමුත් නොලැබෙන්නේය. ඔබ සැම මිනී මරන්නහුය ඊර්ෂ්‍යාවන්නහුය නමුත් ලබාගන්ට බැරිවන්නේය. ඔබ සැම ඩබරද යුද්ධද කරන්නහුයත ඔබ සැම නොඉල්ලන බැවින් ඔබ සැමට නොලැබෙන්නේය. ඔබ සැමගේ තෘෂ්ණා ගැන වියදම් කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත" (යාකොබ් 4:1–3).

"නපුරු සිතිවිලි මිනිමැරුම් කාමමිථ්‍යාචාරකම් වෛශ්‍යාකම් සොරකම් බොරු සාක්ෂිකීම් සහ අපහාස කිරීම සිතින් නික්මෙන්නේය" (මතෙව් 15:19).

"සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිඩග ඒක කාට දැනගන්ට පුළුවන්ද"? (යෙරමියා 17:9)

"මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමින්වහන්සේ දුටු සේක" (උත්පත්ති 6:5)

යුද්ධයේ මූලික හේතුවට ශුද්ධ ලියවිල්ල තුළින් වන සාක්ෂ්‍යය කුමක්ද? අපගේ හදවත් දුෂ්ටවේ. ආගම සහ දෘෂ්ඨිවාදය හුදෙක් අපගේ හදවත් තුළ දුෂ්ටකම පුහුණු කරනු ලබන මාර්ගවේ. බොහෝ සෘජුවම කථා කරනු ලබන අදේවවාදීන් සිතන පරිදි "ආගම සදහා වන ප්‍රායෝගික නොවන අවශ්‍යයතාවය" කෙසේ හෝ අපට ඉවත ලා හැකි නම් අපට වඩාත් සාමකාමී සමාජයක් නිර්මාණය කළ හැකි වන්නේ මානව ස්වභාවය පිළිබදව වැරදි දෘෂ්ඨියක් තිබීම හේතුවෙනි. මානව ඉතිහාසයේ සාක්ෂ්‍යය නම් අප විසින් ආගම ඉවත් කරනු ලැබුවහොත් වෙනත් යමක් සිදුවන අතර ඒ සිදුවන යමක කිසිවිටක ධනාත්මත නොවේ. යථාර්ථය වූ කලී සැබෑ ආගම, වැටුණාවූ මනුෂ්‍ය සංහතිය පිළිබදව අවේක්ෂණය කරනු ලබයි; එය නොමැතිව දුෂ්ටකම සහ පාපය උත්තරීතර ලෙස රජ කරනු ලබයි.

කිතුණු ආගම සැබෑ ආගමික බලපෑමකින් හෝ නමුදු මෙම වත්මන් යුගයේ සාමය කිසිදාක අපට දැකිය නොහැක. ලෝකයේ කොතැනක හෝ කිසියම් ගැටුමකින් තොරව කිසිදිනක් නොමැතිවේ. යුද්ධයට එකම විසඳුම සාමයේ කුමාරයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පමණක්වේ ක්‍රිස්තුස්වහන්සේ පොරොන්දු වූ පරිදි නැවත පැමිණෙන විට උන්වහන්සේ විසින් මෙම වත්මන් යුගය වසා දමා සදාකාලික සාමය ස්ථාපිත කරනු ඇත:

"උන්වහන්සේ ජාතීන් අතරේ විනිශ්චය කොට බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරන සේක. ඔව්හූ තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත" (යෙසායා 2:4).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බොහෝ යුද්ධ වලට හේතු කාරකය ආගම වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries