settings icon
share icon
ප්‍රශ්නය

කිතුණු සබදතාවයන්ට උපදෙස් ඔබ විසින් මා හට දිය හැකිද?

පිළිතුර


අපට බොහෝවිට මෙම පේළි ඔස්සේ අසන්ට ලැබෙන ප්‍රශ්න නම්: "මම පිරිමි ළමුන් දෙදෙනෙක් පිළිබදව උනන්දුවක් දක්වන්නෙමි නම් මාගේ පෙම්වතා ලෙස තෝරා ගත යුත්තේ කුමන පුද්ගලයාවද?" නොඑසේත් නම් "මම සබදතාවයක සිටින්නෙමි එසේම මගේ පෙම්වතිය කීවාය / කළාය එසේ නම් මා ඈ සමග සබදතාවය නවතාලිය යුතුද?" මෙවන් ප්‍රශ්න වලට පිලිතුරු දීමට අපට ඉතා අපහසුවේ. Gotquestions.org වනාහී කිතුණු සබදතා උපදේශන සේවයක් නොවේ. අප විසින් සෑම විටම මහත් පරිශ්‍රමයක් දරනු ලබන්නේ කිසියම් අවස්ථාවක් පිළිබදව දේව වචනයේ සදහන් දේ ඔබට ප්‍රකාශ කිරීමටය. කෙසේ නමුත් සබඳතා උපදේශන කාරණා සම්බන්ධව අප විමසනු ලබන අවස්ථාවන් පිළිබදව දේව වචනයෙහි නිරූපිත වශයෙන්ම සදහන් කරනු ලබන්නේ ඉතා කලාතුරකිනි. දේව වචනය බොහෝ සැලකිලිමත් වන්නේ අපට දෙවියන්වහන්සේ හා සමග ඇති සම්බන්ධතාවය පිළිබදවය.

සබදතා පිළිබද උපදෙස් දීමට අප එතරම් ලැදිකමක් නොදක්වමු. පෞද්ගලික ප්‍රශ්නයකට ප්‍රඥාවන්ත උපදේශනයක් යම්කිසි ලියවිල්ලක් තුළින් දීම අපහසු කාර්‍යයක් වේ. යම්කිසි තත්වයකට සම්බන්ධ වී සිටින අයවලූන්ව අප පෞද්ගලිකව නොදන්නා අවස්ථාවන්හීදීත්, අපට සියලූම විස්තර නොලැබෙන විට සහ / හෝ අපට දැන ගැනීමට ලැබෙන්නේ යම් කථාවක එක් කොටසක් පමණක් නම් කිතුණු සබඳතා උපදෙස් ලබා දීමට අපට බලවත් ලෙස අපහසුවේ. කිතුණුවන්ට ප්‍රාධිකාරි සබඳතා උපදෙස් ලබා දීම වෙනුවෙන් දෙවියන්වහන්සේට කථා කිරීමට අප පූර්වානුමාන නොකරන්නෙමු.

එය එසේ පවසා තිබියදී අපගේ උපදෙස කුමක්ද? අපගේ උපදෙස නම් ඔබගේ සබඳතාවය පිළිබදව දෙවියන්වහන්සේ හා සමග කථා කරනු ලබන ලෙසය. ඔබ විසින් කළ යුතු දේ පැහැදිලිව අනාවරණය කර දෙන මෙන් අයදිමින් දෙවියන්වහන්සේ යාච්ඤා කරන්න (පිලිප්පි 4:6–7). ඔබට ප්‍රඥාව සහ සියුම් නුවණ දෙන ලෙස දෙවියන්වහන්සේගෙන් අයදින්න (යකොබ් 1:5). උන්වහන්සේගේ කැමැත්තට අනුව අයදිනු ලබන යාච්ඤා ඉල්ලීම් වලට පිළිතුරු සැපයීමට දෙවියන්වහන්සේ පොරොන්දු වන සේක 1 යොහාන් 5:14–15). බුද්ධිමත්ව සහ සියුම් නුවණකින් සිටීම ඒකාන්තයෙන්ම දෙවියන් වහන්සෙගේ කැමැත්තවේ. දෙවියන්වහන්සේට අවශ්‍යය වන්නේ ඔබ විසින් යහපත් සබඳතා පිළිබද තීරණ ගැනීම වේ. දෙවියන්වහන්සේගේ අභිප්‍රාය වන්නේ කිතුණුවන් තමන්ගේ සබඳතාවන්හී ප්‍රතිඵලයක් ලෙස ප්‍රීතිමත්ව සහ අවබෝධයෙන් පූර්ණව සිටීමය. ඔබ දෙවියන්වහන්සේගෙන් විවෘතවූ හදවතකින් සහ යටහත් ආත්මයකින් අයදින්නේ නම් ඔබට ඕනෑ කරන සබඳතා උපදෙස් උන්වහන්සේ විසින් ඔබට දෙනු ලබන සේක.

අවසානයේදී බොහෝ වසර ගණනාවක් විවාහ වී සිටින මෙන්ම එම කාලාන්තරය පුරාම දෙවියන්වහන්සේ හා සමග ගමන් කර ඇති පරිණත කිතුණුවන්ගෙන් ප්‍රඥාවන්ත උපදෙස් ලබා ගන්න. ඔබගේ පාලකවරයාගෙන්, වැඩිමහල්ලන්ගෙන් හෝ අනෙකුත් පරිණත සභා නායකයන්ගෙන් මගපෙන්වීම ලබා ගන්න. ඔවුන් වසර ගණනාවක් පුරා ලබා ඇති අත්දැකීම් කරණකොටගෙන ඔවුන්ට ප්‍රඥාවන්තව සහ දෙවියන්වහන්සේ විසින් ඔවුන්ගේ ජීවිත වල තබා ඇති දැනුමෙන් යුක්තව කථා කිරිමට බලය ලබා දෙන සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණු සබදතාවයන්ට උපදෙස් ඔබ විසින් මා හට දිය හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries