මිනිසුන් යේසුස් වහන්සේව සිය ගැළවුම්කරු ලෙස ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?



ප්‍රශ්නය: මිනිසුන් යේසුස් වහන්සේව සිය ගැළවුම්කරු ලෙස ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

පිළිතුර:
සදාකාල ජීවිතය පිළිබඳව තීරණය කිරීමේදී යේසුස් වහන්සේව ගැළවුම්කරු ලෙස පිළිගැනීම හා ප්‍රතික්ෂේප කිරීම වැදගත් කොට සැලකේ. බොහෝ මිනිසුන් යේසුස් වහන්සේව සිය ගැළවුම්කරු ලෙස ප්‍රතික්ෂේප කිරීමට හේතු කවරේද? මිනිසුන් යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරන බැවින් සමහරවිට අපට නිගමනය කළ හැක්කේ උන් වහන්සේ මෙසේ ප්‍රතික්ෂේප වන්නේ මන්දයත් දැයි? නමුත් පහත සඳහන් හේතුන් ප්‍රධාන හේතුන් ලෙස වර්ග කළ හැක.

1) සමහර මිනිසුන් සිතන්නේ ඔවුන්ට ගැළවුම්කරුවෙකු අනවශ්‍යය බවයි. සමහරුන් ඔවුන්ම සාපේක්ශව යහපත් යැයි සළකන අතර, මිනිසුන් සියල්ලන් පව්කරුවන් හා ඔවුන්ගේ හැකියාවෙන් දෙවියන් වහන්සේ තුළට යා නොහැකි බව ඔවුන් තේරුම් නොගනියි. නමුත් යේසුස් වහන්සේ පැවසුවේ, “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14:6). යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරන්නාට කිසිදින දෙවියන් වහන්සේ ඉදිරිපිට සිට ගැනීමට නොහැකි අතර ඔවුන්ට සාර්ථකව ඔවුන්ගේ සුදුසුකම් අනුව ළඟා කරගැනීමටද නොහැකිය.

2) සමහර මිනිසුන් යේසුස් වහන්සේව ගැළවුම්කරු ලෙස පිළිගැනීමට අකමැති වන්නේ සමාජ ප්‍රතික්ෂේප කිරීම් හා විරුද්ධ කරුවන්ගේ බලපෑම්වලට (බාධාවලට) ඇති බය නිසාය. යොහන් 12:42-43 පවසන ආකාරයට නොඇදහිලිකාර මිනිසුන් යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලබන්නේ ඔවුන්ගේ පවුල් පැලැන්තියේ මිනිසුන් හා සිරිත් විරිත් වලට තිබෙන උනන්දුව දෙවියන් වහන්සේගේ ඇති කැමැත්තට වඩා ආස නිසාය. තමාගේ නිලයට තිබෙන ආලය හා අන් අයගේ උසස් කිරීමේදී එයට ආදරය කළ පරිසිවරුන් එයින් අන්ධවී සිටියහ. “මක්නිසාද ඔව්හූ දෙවියන් වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට ප්‍රිය වූවෝය.”

3) නූතනයේ මිනිසුන් පිටස්තරයෙන් සිත් ඇද ගන්නා සුළු දේ කිරීමට පෙළඹීම ඇකිය හැකිය. ආත්මුක හෙවත් ඇතුළාන්ත දෙයට වඩා පිටස්තර දෙයට ඔවුන් බොහෝ සේ ඇලුම් වේ. මතෙව් 19:16-23 පරිච්ඡේදයන්හී අපි එවැනි වූ පුද්ගලයෙකුගේ කථාවක් ඉගෙන ගෙන තිබේ. මෙම කථාවෙහි හමුවන මිනිසා සදාකාලික සම්බන්ධතාවයක් ලබා ගැනීමට සිය භුමිකවූ දේපල අත් හැරීමට අකමැති වේ (2 කොරින්ති 4:16-18 දෙසද බලන්න).

4) බොහෝ මිනිසුන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිලිවන්තකමට ළඟාකර ගැනීමට උත්සහ කරන මුත් මිනිසුන් එය සරළව මග හැර එයට විරෝධය එල්ල කරයි. මුල් කිතුනු සභාවේ සාමාජිකයෙක් වූ ස්ටේපන් ඔවුන්ව මරන්ට ආ සියල්ලට මෙසේ පැවසුවේය. “තදවූ කුලල් ඇත්තෙනි, සිතින්ද කන්වලින්ද අචර්මඡේදිතයෙනි, නුඹලා නිතරම ශුද්ධාත්මයාණන්ට විරුද්ධව සිටිහුය. නුඹලාගේ පියවරුන් කළාක් මෙන් නුඹලාත් කරහුය”(ක්‍රියා 7:51). අපෝස්තලික පාවුල්තුමාද මේ ආකාරයටම සුභාරංචිය ප්‍රතික්ෂේප කරන්නන්ටද වැකියක් පැවසුවේය (ක්‍රියා 28:23-27).

යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කිරීමට මොනයම් හෝ හේතු තිබුණත්, ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම විනාශ දායකවූ සදාකාල ජීවනයයි. “වෙන කිසිවෙකු තුළ ගැලවීම නැත්තේය. මක්නිසාද අපේ ගැලවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේ යයි කීවේය” (ක්‍රියා 4:12). සැබවින්ම උන් වහන්සේව ප්‍රතික්ෂේප කිරීම, මොන යම් හේතුවකදී පිටත අන්ධකාරයෙයි සිටීමත්, හැඬීමත් දත්මිටිකෑමත් වන්නේය (මතෙව් 25:30).



නැවතත් සිංහල මුල් පිටුවට



මිනිසුන් යේසුස් වහන්සේව සිය ගැළවුම්කරු ලෙස ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?