settings icon
share icon
ප්‍රශ්නය

පුනරුත්පත්තිය පිළිබදව දේව වචනයේ කුමක් ප්‍රකාශ කරනු ලබයිද?

පිළිතුර


දේව වචනයෙහි පුනරුත්පත්තිය යන සංකල්පය මුළුමනින්ම කිසිඳු පදනමකින් තොර වන්නේ අප මිය යන්නේ එක් වරක් බවත් ඉන් අනතුරුව අප විනිශ්චයට මුහුණ දෙනු ලබන බවත් පැහැදිලිව සදහන් කරනු ලබන හෙයිනි (හෙබ්‍රව් 9:27). දේව වචනයෙහි කිසිම විටෙක මනුෂ්‍යයන් ජීවිතයේ දෙවැනි අවස්ථාවක් ලැබීම හෝ වෙනත් මනුෂ්‍යයන් හෝ සත්වයන් ලෙස නැවත පැමිණෙනු ලබන බව සදහන් නොකරයි. යේසුස්වහන්සේ කුරුසයෙහි සිටි අපරාධකරුවාට ප්‍රකාශ කරනු ලැබුවේ "අදම ඔබ මා සමග පාරාදීසයෙහි සිටින්නෙහියයි" (ලුක් 23:43) මිස "ඔබට මේ පොළොවෙහි ජිවත් වීමට තවත් අවස්ථාවක් ලැබේ" යන්න නොවේ. මතෙව් 25:46 හී නිරූපිත වශයෙන්ම අපට ප්‍රකාශ කරනු ලබන්නේ ඇදහිලිවන්තයන් සදාකාල ජීවනයට ගමන් කරන අතර නොඇදහිලිවතුන් සදාකාල දඩුමට ගමන් කරනු ලබන බවත්ය. පුනරුත්පත්තිය වසර දහස් ගණනක් පුරාවට ජනප්‍රිය විශ්වාසයක් බවට පත්ව තිබුනත් එය කිසි විටෙක කිතුණුවන් විසින් හෝ යුදා ආගම අනුගමනය කරන්නන් විසින් පිළිගනු නොලැබුවේ එය ශුද්ධ ලියවිල්ලට පටහැනි වන හෙයිනි.

පුනරුත්පත්තියට සාක්ෂ්‍යය ලෙස සමහරුන් යොමු කරනු ලබන එකම පාඨය නම් මතෙව් 17:10–12 හී යොහාන් බව්තීස්ත එලියා හා සමග සම්බන්ධවීමය. කෙසේ නමුත් එම පාඨයෙහි යොහාන් බව්තීස්ත වනාහී පුනරුත්පත්තිය ලැබූ එලියා බව ප්‍රකාශ නොරකන අතර ජනතාව ඔහුගේ වචන විශ්වාස කරනු ලබා එමගින් යේසුස්වහන්සේ මෙසියස්වහන්සේ බව විශ්වාස කරනු ලැබුවේ නම් ඔහු විසින් එලියාගේ අනාවැකිය සම්පූර්ණ කරන්නට තිබිණ (මතෙව් 17:12). ජනතාව නිරූපිත වශයෙන්ම යොහාන් බව්තීස්තගෙන් අසනු ලැබුබේ ඔහු එලියාද යන්නය, එවිට ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ "එසේ නොවේයයි" යන්නය (යොහාන් 1:21).

පුනරුත්පත්තිය පෞරාණික ප්‍රපංචයක් මෙන්ම කේන්ද්‍රිය පිළිගත් මතයක් ලෙස හින්දු ධර්මය, සිකදහම සහ ජෛන ධර්මය වැනි ඉන්දියානු ආගමික සංසකෘතීන් බහුතරයක් තුළ වූ විශ්වාසයක් විය. බොහෝ නූතන මිථ්‍යාදෘෂ්ටිකයන්ද පුනරුත්පත්තිය පිළිබදව නව යුගයේ සමගි සන්ධානයන් හා ලෙසම විශ්වාස කරනු ලබන්නේ භූත විශ්වාසයන් අනුගමනය කරනු ලබන්නන් හා සමගය. කිතුණුවාට කෙසේ නමුත් කිසිඳු සැකයක් තිබිය නොහැක: පුනරුත්පත්තිය දේව වචනානුකූල නොවන මෙන්ම ව්‍යාජයක් ලෙස ප්‍රතික්ෂේප කළ යුත්තක් වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පුනරුත්පත්තිය පිළිබදව දේව වචනයේ කුමක් ප්‍රකාශ කරනු ලබයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries