settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයට අනුව පුනරුත්පාදනය යනු කුමක්ද?

පිළිතුර


පුනරුත්පාදනය සඳහා තවත් වචනයක් නම් නැවත ඉපදීමයි. එය නැවත" ඉපදීම යන බයිබලානුකුල වාක්‍ය ඛණ්ඩයට සම්බන්ධය. අපගේ නැවත ඉපදීම අපගේ පළමු උපතින්ම වෙන්කර හඳුනාගත හැකිය. නව උපත අධ්‍යාත්මික, ශුද්ධ හා ස්වර්ගීය උපතකි. එහි ප්‍රතිපල වන්නේ අප අධ්‍යාත්මිකව ජීවත් වීමයි. ක්‍රිස්තුස්වහන්සේ විසින් "ජීවත්කරන"තෙක් (පුනරුත්පාදනය වන තෙක්) මිනිසා ස්වභාවිකතත්වයේ "වැරදිවලින් හා පාපවලින් මැරී"සිටී. මෙය සිදුවන්නේ ඔහු ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබූ විටය (එපීස 2:1).

පුනරුත්පාදනය යනු අති විශේෂ වෙනසකි. අපගේ භෞතික උපතෙහි ප්‍රතිපලයක් ලෙස නව පුද්ගලයෙකු භූමික ක්ෂේත්‍රයට ඇතුළු වූවාසේම, අපගේ අධ්‍යාත්මික උපතෙහි ප්‍රතිපලය වන්නේ නව පුද්ගලයෙකු ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමයි (එපීස 2:6). පුනරුත්පාදනයෙන් පසු, අපි දිව්‍යමය දේ දැකීමට, ඇසීමට හා සෙවීමට පටන් ගනී. අපි ඇදහිල්ලෙන් හා ශුද්ධකමින් යුත් ජීවිතයක් ගත කිරීමට පටන් ගනී. දැන් ක්‍රිස්තුස්වහන්සේ හදවත් තුළ පිහිටුවා ඇත; දැන් අපි නව ජීවීන් බවට පත්වී දිව්‍යමය ස්වභාවයේ කොටස් කරුවන්වේ. (2 කොරින්ති 5:17). මෙම පරිවර්තනයේ උල්පත මිනිසා නොව දෙවියන්වහන්සේය (එපීස 2:1, 8). දෙවියන්වහන්සේගේ ඉමහත් ප්‍රෙමය සහ නිදහස් ත්‍යාගය, උන්වහන්සේගේ උතුම් කරුණාව සහ බහුල දයාව නැවත ඉපදීමට හේතුවයි. දෙවියන්වහන්සේගේ බලවත් බලය, එනම් ක්‍රිස්තුස් වහන්සේව මළවුන්ගෙන් උත්ථාන කළ බලය — පව්කාරයන්ගේ නැවත උත්පාදනය පුනර්ජීවනය හා හැරීම තුළ ප්‍රදර්ශනයවේ (එපීස 1:19-20).

නැවත උත්පාදනය අවශ්‍යයි. පව්කාර මිනිස් මාංශයට දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටිය නොහැක. නිකොදේමුස් සමඟ කළ සංවාදයේදී යේසුස් වහන්සේ දෙවරක් පැවසුවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය දැකීමට මිනිසෙකු නැවත ඉපදිය යුතු බවයි (යොහන් 3:3, 7). පුනරුත්පාදනය විකල්පයක් නොවේ. මක්නිසාදයත් "මාංසය මාංසය බිහිකරයි, නමුත් ආත්මයාණන් ආත්මය බිහි කරයි"(යොහන් 3: 6). භෞතික උපත අපට පොළොවට ගැලපේ; අධ්‍යාත්මික නැවත ඉපදීම අපට ස්වර්ගයට ගැලපේ. එපීස 2:1 බලන්න; 1 පේතෘස් 1:23; යොහන් 1:13; 1 යොහන් 3:9; 4: 7; 5: 1, 4, 18.

පුනරුත්පාදනය යනු ගැලවීමේ මොහොතේ දෙවියන්වහන්සේ අප වෙනුවෙන් කරන දේවල කොටසක් වන අතර මුද්‍රා තැබීම (එපීස 1:14), දරුකමට හදාගැනීම (ගලාති 4:5), නැවත දෙවියන්වහන්සේ හා සමාදානවීම (2 කොරින්ති 5:18-20) යනාදිය වේ. පුනරුත්පාදනය යනු දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ලේ ප්‍රතිපලයක් ලෙස මනුෂ්‍යායාට ආත්මිකව ජීවත්විමට සලස්වයි. ගැලවීම ලැබිමට පෙර අපි දෙවියන් වහන්සේගේ දරුවන් නොවෙමු (යොහන් 1:12-13); ඒවෙනුවට, අපි උදහසේ දරුවෝව සිටියෙමු (එපීස 2:3; රෝම 5:18-20). ගැළවීමට පෙර අප පරිහානියට පත්විය. ගැලවීම ලැබිමෙන් පසු අප පුනරුත්පාදනය වේ. පුනරුත්පාදනයේ ප්‍රතිපලය වන්නේ දෙවියන්වහන්සේ සමග සමාදානය (රෝම 5:1), නව ජීවිතය (තීතස් 3:5; 2 කොරින්ති 5:17) සහ සදාකාල පුත්‍රත්වය (යොහන් 1:12-13; ගලාති3:26). නැවත උත්පාදනය ශුද්ධ කමේ ක්‍රියාවලිය ආරම්භ කරන අතර එහිදී දෙවියන්වහන්සේ අප වීමට අදහස් කරන පුද්ගලයන් බවට පත්වේ (රෝම 8:28-30).

පුනරුත්පාදනය සඳහා ඇති එකම මාර්ගය නම් කුරුසියේ ක්‍රිස්තුස්වහන්සේ සම්පූර්ණ කලාවු ක්‍රියාව කෙරෙහි ඇදහිමයි. කිසිම යහපත් ක්‍රියාවක් හෝ නීතිය පිළිපැදීමෙන් හදවත නැවත උත්පාදනය කළ නොහැකිය. "නීතියේ ක්‍රියා නිසා කිසිම මිනිසෙකු [දෙවියන්වහන්සේ ඉදිරියෙහි යුක්ති සහගත වන්නේ නැත]" (රෝම 3:20). මිනිස් හදවතේ සම්පූර්ණ දුෂ්ටකමට ප්‍රතිකාරයක් ලබා දෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ පමණි. අපට නැවත ගොඩ නැගිමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍ය නොවේ; අපට නැවත ඉපදීම අවශ්‍යවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයට අනුව පුනරුත්පාදනය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries