settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු එකඟත්වය නම් කුමක්ද? අපට දෙවියන් වහන්සේ සමග සමගිකිරීමක් අවශ්‍ය වන්නේ ඇයි?

පිළිතුර


යහළුවන් දෙදෙනෙකු අතර දබරයක් හෝ වාදයක් (තර්කයක්) හට ගත්තා යැයි සිතන්න. ඔවුන් තුළ තිබූ යහපත් සබඳතාවය පළුදු වීමකට යොමුවේ. ඔවුන් එකිනෙකා සමග කථා කිරීමද වලකයි. සන්නිවේදනය ඉතාමත් දුර්වලවේ. යහළුවන් ටිකෙන් ටික අමුත්තන් බවට පත්වේ. එවැනි තත්වයන් යථා තත්වයට පත් කළ හැක්කේ සමගි කිරීමකින් පමණි. සමගි කිරීම නම් මිත්‍රත්වය හෝ සුහදත්වයක් ඇති කිරීමයි. පැරණි යහළුවන් ඔවුන්ගේ වෙනස්කම් හදාගෙන සම්බන්ධතාවය අළුත් කර ගන්නා විට සමගි කිරීම සිදුවී ඇත / ඒකත්වයකට පැමිණ ඇත. 2 කොරින්ති 5:18-19 පවසනා දෙය නම් “සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන තමන් වහන්සේට අප සමගි කරගන, සමගිකිරීමේ සේවය අපට දුන් සේක. එනම්, දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන් වහන්සේට සමගි කර ගනිමින් සිටිය සේක. සමගි කිරීමේ වචනයද අපට භාර දුන් සේක.”

බයිබලය පවසනවා ක්‍රිස්තුස් වහන්සේ අපව දෙවියන් වහන්සේ හා සමග සමගි කළ බව (රෝම 5:10; 2 කොරින්ති 5:18; කොලොස්සි 1:20-21). අපට සමගි කිරීමක් අවශ්‍යව ඇත්තේ දෙවියන් වහන්සේ හා අප සමග තිබූ සබඳතාවය කැඩී තිබුණ නිසාය. දෙවියන් වහන්සේ ශුද්ධ නිසා, වරද අප මතයි (දොස් තැබීම අපටයි). අපගේ පාපය උන් වහන්සේගෙන් අපව වෙන් කරා. රෝම 5:10 පවසනවා අප දෙවියන් වහන්සේගේ හතුරන්ව සිටි බව “මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන් වහන්සේ සමග අපි සමගි කරනු ලැබු වෙමු නමුත්, සමගි වුනාවූ අපි ඊටත් වඩා උන් වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගලවනු ලබන්නෙමුව.”

ක්‍රිස්තුස් වහන්සේ කුරුසියෙහි මැරුණු කළ, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ විනිශ්චය තෘප්තිමත් කර උන් වහන්සේගේ සතුරන්ටද ලබා දුන්නා, අපට උන් වහන්සේ සමග සමගි වීමට. අපේ “සමගි කිරීම” දෙවියන් වහන්සේ සමග අපට උන් වහන්සේගේ කරුණාව හා සමාව ලබා ගැනීමේ හැකියාව ලැබේ. යේසුස් වහන්සේගේ පූජාවේ ප්‍රතිඵලය නම් සතුරන්ව සිටි අපව මිතුරන් බවට පත්වීමයි. “තවත් නුඹලාට දාසයෝයයි නොකියමි මක්නිසාද මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝය” (යොහන් 15:15). කිතුනු සමගි කිරීම මහිමවත් සත්‍යතාවකි! අප දෙවියන් වහන්සේගේ සතුරන්ව සිටියේය, නමුත් දැන් උන් වහන්සේගේ මිතුරන්ය. අපගේ පාපය නිසා අපව වරදට පත්ව සිටියේය. නමුත් දැන් සමාව ලැබී ඇත. දෙවියන් වහන්සේ සමග යුද්ධයක අප සිටියේ නමුත් සියලු දැන ගැන්ම තුළ සමාදානය අපට ඇත (පිලිප්පි 4:7).

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු එකඟත්වය නම් කුමක්ද? අපට දෙවියන් වහන්සේ සමග සමගිකිරීමක් අවශ්‍ය වන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries