settings icon
share icon
ප්‍රශ්නය

කැරළිකාර දරුවෙකුට කුමක් කළ යුතුද යන්න දේවවචනයේ සඳහන්වේද?

පිළිතුර


කැරළිකාර ලේඛාවක් ප්‍රදර්ශනය කරන දරුවා විවිධ හේතුන් කරණකොටගෙන එසේ කරන්නට යෙදිය හැක. කර්කශ ඇල්මක් නොමැති සහ විවේචනාත්මක මාපිය කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස බොහෝවිට කැරළිකාර ස්වභාවයක් උද්ගතවිය හැක. ඒ ආකාර සැලකිලි හේතුවෙන් ඉතාමත් අනුකුල දරුවෙකු පවා ඇතුලාන්තයෙන් හෝ පිටස්තරව කැරළි ගැසීමට හේතුවිය හැක. ස්වභාවයෙන්ම මෙවැනි මාපිය කටයුතු මග හැරිය යුතු වේ. මීට අමතරම මෙවැනි ස්වභාවිකව දෙමව්පියන්ට විරුද්ධව කැරළි ගැසීම් අපට දක්නට ලැබෙන්නේ තම පවුල් වලින් කෙමෙන් ඇත්වී තම ජීවිත තහවුරු කර ගැනීමෙන් තමාටම අනන්‍යතාවක් ගොඩ නගා ගැනීමට උත්සාහ දරණ ගැටවර වයසේ දරුවන් තුලින්ය.

කැරළිකාර දරුවෙකු ස්වභාවයෙන්ම ප්‍රබල අභිමතයක් සහිත පෞරුෂත්වයකින් හෙබි යැයි අප උපකල්පනය කලහොත්, ඔහුව විදහා දැක්වෙන්නේ, නොයෙකුත් සීමාවන් අත්හදා බැලීමටත්, පාලනය කිරීමට ඇති ආශාව ප්‍රතික්ෂේප කිරීමට සහ සියළු ආධිපත්‍යයන්ට ප්‍රතිවිරුද්ධවීමට ඇති කැපවීමට ඇති ආනතිය හේතුවෙනි. වෙනත් වචන වලින් කිවහොත් ඔහුගේ මද්දුම නාමය “කැරළිකාර භාවයයි.” මීට අමතරව මෙම ප්‍රබල අභිමතයන් සහිත කැරළිකාර දරුවන් බොහෝවිට ඉතා බුද්ධිමත් අය වන අතරම මවිත කරන සුළු වේගයකින් ඔවුන්ට නොයෙක් පාලනයට ගත හැකි මාර්ගද සොයා ගැනීමට සමත් වේ. මෙවන් දරුවන් තම මව්පියන්ට අතීශයින්ම පීඩා සහිත සහ හෙහෙසවන අභියෝගයක් විය හැක.

භාග්‍යයකට මෙන් කව්රුන් සහ කිනම් අය ලෙස දරුවන් නිර්මාණය කොට ඇති බවට සත්‍යය. උන් වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන අතරම එම අභියෝගයන්ට මුහුණ දීම පිණිස දෙමව්පියන්ව සම්පත් නොමැතිව හැර දමාද නොමැත. මෙවන් කැරළිකාර පබල අභිමතයන් සහිත දරුවන් කාරුණිකව ආමන්ත්‍රණය කොට ඔවුන් සමග ගණුදෙනු කරන ආකාරය විදහා දක්වන බයිබලය හා සම්බන්ධ මූලධර්ම තිබේ. පළමුව, හිතෝපදේශ 22:6 හී සඳහන් වන්නේ “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණු කර පන්න, එවිට ඔහු වයස් ගතවූ විටත් එයින් අහක්ව නොයන්නේය.” දේවවචනය සියළු දරුවන්ට ඉගැන්වීම නිරාකරණය වන්නේ, ඒ තුලින් ඔවුන්ටදෙවියන් වහන්සේ යනු කවුරුන්ද යන්නත් එතුමාණන්ට උපරිම ලෙස සේවය කරන්නේ කෙසේද යන්නත් තේරුම් ගැනීම පිණිසය. මෙම ප්‍රබල අභිමතයන් සහිත දරුවකු පෙළඹවෙන්නාවූ කරුණ තේරුම් ගෙන-එනම් පාලනය කිරීමට ඇති ආශාව ඔහුගේම මාර්ගය සොයා ගැනීමට මහත් රුකුලක්වේ. කැරළිකාර දරුවෙකු තේරුම් ගත යුතු කරුණක් නම් මේ ලෝකය ඔහුගේ භාරයේ නොමැත-භාරව සිටින්නේ දෙවියන් වහන්සේ බවත් ඔහු ක්‍රියා කළ යුත්තේ දෙවියන් වහන්සේගේ ක්‍රමයට බවත්ය. මෙම සත්‍යය දෙමව්පියන් උදක්ම ඒත්තු ගෙන ඊට අනුකුලව ජීවත්වීමත් අවශ්‍යය වන්නකි. දෙවියන් වහන්සේට විරුද්ධව කැරළි ගසන දෙමව්පියෙක් ඇත්ද ඔහුට කිසි කලෙක තම දරුවාට අවනත වීමට ඒත්තු ගැනීවීමට නොහැකි වේ.

කැරළිකාර දරුවන් කොන්දේසි සාදනු ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බව දෙමව්පියන් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔවුන් දරුවන්ගේ මනසේත් තහවුරු කළ යුත්තේ ඔවුන් එතුමන්ගේ උපකරණ බවත් දෙවියන් වහන්සේගේ සැලැස්ම නම් දෙමව්පියන් විසින් මග පෙන්වනු ලැබීමටත් දරුවන්ට ඒවා පිළිපැදීමටත්ය. මෙම අග්‍රයේ කිසිඳු දුර්වලතාවයක් තිබිය නොහැක. ප්‍රබල අභිමතයක් සහිත දරුවකුට නියම තීරණයකට එළඹීමට ඇති නොහැකියාව දුර සිටම හඳූනාගෙන නයකත්වයේ රික්තය පිරවීමට ඇති අවස්ථාව ලබා ගැනීමට මෙන්ම එහි පාලනය තමා අතට ගැනීමට ඉක්මන් විය හැක. ආධිපත්‍යයට අවනත වීමේ මූලධර්මය ප්‍රබල අභිමතයක් ඇති දරුවෙකුට නිර්ණායක වේ. ළමා වියේදීම අවනතවීමට ඉගෙන නොගතහොත් ඔවුන්ගේ අනාගතය පිළිඹ්බු වන්නේ සේවායෝජකයන්, පොලීසිය, උසාවි හා හමුදා නායකයන් යන සියළු ආධිපත්‍යයන් හා සමග ඇතිවන ඝට්ටන තුළින්ය. අපට ඉහලින් සිටින අධිපතීන් දෙවියන් වහන්සේ විසින් තහවුරු කර ඇති හෙයින් අප ඔවුන්ට අවනත විය යුතු බව රෝම 13:1-5 හී පැහැදිලි කරනු ලබයි.

එසේම ප්‍රබල අභිමතයක් ඇති දරුවෙකු නීති රීති සහ කොන්දේසි හා සමග එකඟවීමට කැමැත්ත පල කරනු ලබන්නේ ඒවා තුළින් තේරුම් ගත හැකි අදහසක් පල කළහෙත් පමණි. කොන්දේසියකට ස්ථීර හේතුව ඔහුට දෙන්න, එලෙසෙම අප යම්කිසි දේවල් කරනු ලබන්නේ දෙවියන් වහන්සේට ඒවා එලෙස කිරීමට අවශ්‍යය නිසාත් එය ගණුදෙනු කළ නොහැක්කක්ද බව නිරන්තරයෙන්ම පුනර්වාචනය කිරීමෙන්ය. දරුවන්ට ප්‍රේම කිරීම සහ හික්මවීමට දෙවියන් වහන්සේ දෙමව්පියන්ට වගකීමක් දී ඇති බවත් ඔවුන් එසේ නොකළහොත් දෙවියන් වහන්සේට දෙමව්පියන් අකීකරුවන බවත් ඔවුන්ට පහදා දිය යුතුය. කෙසේ නමුත් හැකි සෑම මොහොතකම දරුවන් සම්පූර්ණයෙන්ම බල රහිත නොවන පිණිස ඔවුන්ටද තීරණ ගැනීමට අවස්ථාවක් උදා කොට දිය යුතුවේ. උදාහරණයක් ලෙස සභාවට යෑම කිසිසේත් හුවමාරුවකට ලක් කළ නොහැක්කක් වන්නේ එය දෙවියන් වහන්සේ විසින් ආඥා කොට ඇත්තේ අනෙකුත් ඇදහිලිවන්තයන් හා සමග එකට එකතු විය බව හෙයිනි (හෙබ්‍රෙව් 10:25), එනමුත් ඔවුන් පළදින්නේ කුමක්ද පවුල සභාවෙහි හිඳ ගන්නේ කොතැන්හිද යනාදිය දරුවන්ට තීරණය කිරීමට (හේතු සහිතව) හැකියාවක් ඇත. පවුලේ නිවාඩුවක් සැලසුම් කිරීම වැනි ව්‍යාපෘති ඔවුන්ට භාර කළ යුත්තේ ඔවුන්ගේ අදානය එයට එකතුකොට ගත හැකි හෙයිනි.

තවද මාපිය කටයුතු ස්ථාවරභාවයකින් සහ ඉවසිලිවන්ත භාවයකින් කළ යුත්තකි. දෙමව්පියන් කිසිවිටක කෝපයෙන් ඔවුන්ගේ කටහඬ හෝ දෑත් නොඉස්සිය යුතුය. මෙවන් දෑ ප්‍රබල අභිමතයක් ඇති දරුවෙකුට ඔහු මහත් සේ ආඥා කරන පාලනය කිරීමේ හැඟීමක් ගෙන දෙන අතර ඔබව පාලනය කරන්නේ කෙසේද යන්න ඔහු වහාම සිතා බලන්නේ ඔබව භාවාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීමට තරම් ව්‍යර්ථිකරණය කිරීමෙනි. භෞතික සංයමය මෙවැනි දරුවන්ට නිශ්ඵල වන්නේ ඔවුන් තම දෙමව්පියන්ව බිඳුම් අවස්ථාව දක්වා තෙරපීම භුක්ති විඳිනවා මෙන්ම ඔවුන් සිතනු ලබන්නේ කුඩා වේදනාවක් දැනීම ගෙවීමට වටිනා ප්‍රයෝජන සහිත මිලක් ලෙසය. ප්‍රබල අභිමතයක් ඇති දරුවන්ගේ දෙමව්පියන් පැමිණිලි කරනු ලබන්නේ ඔවුන්ගේ දරුවන්ට පහර දෙන විට දරුවන් ඔවුන්ට සිනාසෙන බවය. එසේ හෙයින් ඔවුන් හික්මවීමට භාවිතා කළ හැකි සුදුසුම ක්‍රමය පහරදීම නොවන බවයි. සමහරවිට කිතුනු ජීවිතයේ කිසිවිටක ආත්මයාණන් වහන්සේගේ ඵල වන ඉවසීම සහ ආත්ම දමනය (ගලාති 5:23) මෙවැනි ප්‍රබල අභිමතයක් ඇති / කැරළිකාර දරුවෙකු වෙනුවෙන් අවශ්‍යය නොවන්නට පිළිවන.

මෙවැනි දරුවන් රැකබලා ගැනීම දෙමව්පියන් කෙතරම් බලවත් කෝපය උපදවන ක්‍රියාවක් වූවත් මෙව්පියන්ට දෙවියන් වහන්සේගේ පොරොන්දුව පරිදි අපගේ පුලුවන් කමට වඩා පරීක්‍ෂා කරනු නොලබන හෙයින් (1 කොරින්ති 10:13). ඒතුලින් සහනයක් ලබා ගත හැක. දෙවියන් වහන්සේ ඔවුන්ට ප්‍රබල අභිමතයක් ඇති දරුවකු දුන හොත් උන් වහන්සේ කිසිඳු වැරැද්දක් කර නැති බවත් එම කාර්යය කිරීමට අවශ්‍යය වන මග පෙන්වීම සහ පුළුවන්කමත් දෙන බවට දෙමව්පියන් සහතික විය හැක. සමහරවිට දෙමව්පියකුගේ ජීවිතයේ කිසි අවස්ථාවක “නොකඩවා යාච්ඤා කරන්න” (1 තෙසලෝනක 5:17) යන පදය මෙවැනි ප්‍රබලඅභිමතයක් ඇති ගැටවරයෙකු හා සමග තරම් අර්ථවත් නොවන්නට පිළිවන. මෙවැනි දරුවන්ගේ දෙමව්පියන්ට බොහෝ කාලයක් ස්වාමින් වහන්සේ ඉදිරියේ දනින් සිට ප්‍රඥාව ඉල්ලා සිටිය යුතු වන්නේ එතුමාණන් එසේ කිරීමට පොරොන්දුවී සිටින හෙයිනි (යාකොබ් 1:5). අවසාන වශයෙන් ප්‍රබල අභිමතයක් ඇති දරුවන්ව හොඳින් පුහුණු කළ විට ඔවුන් උසස් ජයග්‍රහකයන් සහ සඵල වැඩිහිටියන් ලෙස වැඩෙන අය බව දැන ගැනීම සැනසීමට කරුණකි. බොහෝ කැරළිකාර දරුවන් එඩිතර කැපවුනු කිතුනුවන් බවට පත්වී ඔවුන්ගේ සැලකිය යුතු තලෙන්ත ඔවුන්ගේ දෙමව්පියන්ගේ උත්සහාය සහ කාර්යක්ෂමතාව කරණකොටගෙන දැනගෙන ඔවුන් ප්‍රේම කරන්නාවූ සහ ගරු කරන්නාවූ ස්වාමින් වහන්සේට සේවය කරනු පිණිස භාවිතා කරනු ලබති.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කැරළිකාර දරුවෙකුට කුමක් කළ යුතුද යන්න දේවවචනයේ සඳහන්වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries