settings icon
share icon
ප්‍රශ්නය

රස්ටාෆාරිවාදය යනු කුමක්ද?

පිළිතුර


රස්ටාෆාරිවාදය යන වචනය බොහෝවිට මනසට ගෙන එන්නේ ගෙතූ වරලස හෝ ස්වාභාවික කෙස් රැළි, ගංජා (මරිජුවානා), ජැමෙයිකාවේ කිංස්ටන්හී මාවත් සහ බොබ් මාලිගේ රෙගේ සංගීතය යන දේවල් වල ඇති එකාකාරි ප්‍රතිරූපයය. රස්ටාෆාරිවාදය තුළ සමස්තයක් ලෙස පිළිගත් නායකයන් හෝ පැහැදිලි ප්‍රතිපත්තිද නොමැත. එහි අන්තර්ගත වන්නේ කළු ජාතීන් ගැන අවධානය යොමු කරවන අප්‍රිකානු – බටහිර කොදෙව් සංවිධානයක් වන අතර එමගින් ආගමික හා ඊට අනුබද්ධිත සමාජීය අවබෝධත්වය දෙදරා යාමක් සිදුවී ඇති බැවින් රස්ටාෆාරිවාදීන් ඉටුකරන සමාජ සේවය ආගමක් වැළද නොගෙන මිනිසුන් හට අගය කළ හැකිවේ.

මෙම සංවිධානයට එම නාමය ලැබී ඇත්තේ "රස්ටාෆාරි" යන පදවී නාමය මගින්ය. ඉතියෝපියානු (ඇමිහැරික්) භාෂාවෙන් රස යන්නෙහි අර්ථය "හිස" "කුමාරයා" "හමුදාවේ උසස් නිලධාරියා" වන අතර මෆාරි යනුවෙන් අර්ථවත් වනුයේ "බිය විය යුතු" යනුවෙනි. මෙම රස්ටාෆාරිවාදය තුළ මෙම නම් බෙහෙවින් ආදේශ වනුයේ රස්ටාෆාරි මැකනොන් කෙරෙහිය (1892 – 1975) ඔහු හේලි සෙලාසි නමින් (ඔහු බවිතීස්ම ලැබූ නාමය) 1930දී ඉතියෝපියාවේදී අධිරාජ්‍යවරයා ලෙස පදවිප්‍රාප්ත විය. එමෙන්ම ඔහුට "යුදාවේ සිංහයා, දෙවියන්වහන්සේ තෝරාගත් තැනැත්තා, රජුන්ගේ රජවරයා" යන නම් පටබැඳුනි. මෙම කරුණු අප්‍රිකානු – බටහිර කොදෙවි සංස්කෘතිය තුළ කැළඹීමක් ඇති කළේය. ජැමෙයිකාවේ කිංස්ටන් නුවර වීදි වල දේශනාකරුවන් ප්‍රකාශ කළේ හේලි සෙලාසි යනු බොහෝ කලක් බලාපොරොත්තුවෙන් සිටි මෙසියස් එනම් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම ලෙසය. සෙලසි ජීවමාන දෙවියන්වහන්සේ සහ කළු ජාතික මෙසායා ලෙස සැලකූ රස්ටාෆාරිවාදයේ එක් අංශයක් එමගින් බිහිවූ අතර ඔහු එවකට පැවති න්‍යායන් අහෝසිකර කළු ජාතික රාජ්‍යාධිපත්තියක් ගොඩ නගන බවද එම දේශනාකරුවන් ප්‍රකාශ කළහ.

මෙම මෙසියස්වහන්සේ කෙනෙකු පිළිබද අපේක්ෂණය සමගම රස්ටාෆාරිවාදයේ තවත් පැතිකඩක් පැන නැගුණේය. එම කණ්ඩායම ලෙනාඩි පර්සිවෙල් හොවල් යන අය කේන්ද්‍ර කරගෙන ඇති අතර එහි හින්දු මූලිකාංග අඩංගුවේ. 1930 වර්ෂයේ මුල් සහ මැද කාලයේද "ප්‍රොමිස්ඩි කී" ග්‍රන්ථයක් හොවෙල් නිර්මාණය කළ අතර එමගින් රොසෙන්කායෙටස්වාදය සමග හින්දු ධර්මයේ බලපෑමට ලක්වූ රස්ටාෆාරිවාදය තුළ දෙවන අංශයක් බිහිවීම සදහා අවශ්‍ය පසුබිම සකස්විය. මෙම න්‍යායයේ බොහෝ නායකයන් රහසේ එකිනෙකාට උදව් කරගන්නා අය වූහ. එහි ප්‍රතිඵලය වූයේ "එකිනෙකා තුළ ඇති සිංහ ජීවය එනම් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවය" සොයා යන රස්ටාෆාරී සර්වේශ්වරවාදය ඇති වීමය.

සර්වේශ්වරවාදය මගින් පිළිඹ්බු වන රස්ටාෆාරී ධර්මයේ ලක්ෂණ වල සාරාංශය වනුයේ මෙම විශ්වාසයන්ය. එනම් දෙවියන්වහන්සේ මනුෂ්‍යයා බව සහ මනුෂ්‍යයා දෙවියන්වහන්සේ බවද මිදීම ලෞකික බවද තම ජීවිතය අත්විදීම සහ ආරක්ෂා කරගැනීම මනුෂ්‍යය වර්ගයාට පැවරී ඇති බවත් දේවත්වය සහ බලය ප්‍රකාශිත වදන් මගින් විදහාපෑම තුළින් විනාශය නිර්මාණවීම සහ ළගාවීම යන දෙකටම සිදුවිය හැකි බවත් පාපය පෞද්ගලික හා සාමුහික ක්‍රියාවක් බවත් දෙවියන්වහන්සේගේ බලය ප්‍රකාශ කිරීම සහ ලොව තුළ සාමය ව්‍යාප්ත කිරීම සදහා රස්ට සහෝදරයන් තෝරාගෙන ඇති බවත්ය.

රස්ටාෆාරිවාදයේ මෙම අංශ දෙකම බයිබලය මගින් අනාවරණය වී ඇති දේව වචනයට පටහැනිය. පළමුව හේලි සෙලාසි මෙසියස්වහන්සේ නොවේ. ඔහුට නමස්කාර කරන අය එම නමස්කාරය පුද කරන්නේ ව්‍යාජ දෙවිවරයෙකුටය. අපට ඇත්තේ එක් රජුන්ගේ රජෙක් එක් යුදාහී සිංහයෙක් වන අතර ඒ යේසුස් ක්‍රිස්තුස්ය. එතුමා මතු කාලයේ මෙලොව උන්වහන්සේගේ රාජ්‍යය පිහිටුවීම සදහා නැවත එන සේක (එළිදරව් 5:5; 19:16). එතුමාගේ පැමිණීමට පෙරාතුව මහත් පීඩා සිදුවන අතර ඉන්පසුව පොළොවේ සියළු ජාතීන්ම "යේසුස්වහන්සේ මහත් තේජශ්‍රීයෙන් අහසේ වළාකුළු මත වඩිනු දකින්නෝය" (මතෙව් 24:29, 31). හේලි සෙලාසි මනුෂ්‍යයෙකු වූ අතර සෑම මනුෂ්‍යයෙකු මෙන් ඔහු ඉපදී ජීවත් වී මිය ගියේය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සැබෑ මෙසියස්වහන්සේ වන අතර එතුමා ජීවමානව පියාණන්ගේ දකුණු පස වැඩහිදින සේක (හෙබ්‍රව් 10:12).

රස්ටාෆාරිවාදයේ සර්වේශ්වරවාදී පැතිකඩද ඊට සමානව ව්‍යාජ වන අතර එය පදනම් වී ඇත්තේ සාතන් ඒදන් උයනේදී මනුෂ්‍යය වර්ගයා මුලා කල බොරුව මතමය. "ඔබ දෙවියන්වහන්සේට සමාන වනු ඇත" (උත්පත්ති 3:4). දෙවිවරුන් කීපදෙනෙක් නැත. ඇත්තේ එක් දෙවිතුමෙක් පමණය. ඇදහිලිවතුන් තුළ ශුද්ධාත්ම බලය ඇතිව ඔවුන් දෙවියන්වහන්සේට අයත් වන්නන් වුවද අප දෙවියන්වහන්සේ නොවෙමු. "මා පමණක් දෙවිදාණන් බවද මා හා සමාන අන් කිසිවකු නැති බවද පිලිගන්න" (යෙසායා 46:9). "ගැළවීම ලෝකයෙන්ය." යන්න දේව වචනයට පටහැනිය. ක්‍රියාවෙන් ගැළවිම ලබාගත හැකිය යන මතයද එසේමය. යහපත් ලෞකික ක්‍රියාවන් කොතරම් සිදු කළත් ශුද්ධවූ පරිපූර්ණවූ දෙවියන්වහන්සේ ඉදිරියේ අපට පිළිගත හැකි අය විය නොහැක. උන්වහන්සේ තමන්ගේ එකම පුත්‍රයා කුරුසියේ දිවි පුදා අපගේ පාප සදහා වන්දිය ගෙවීමට මෙලොවට එවන ලද්දේ ඒ නිසාය (2 කොරින්ති 5:21) අවසන් වශයෙන් සදහන් කරනුයේ රස්ටාෆාරිවාදීන් දෙවියන්වහන්සේ තෝරාගත් සෙනග නොවේ. යුදෙව් ජාතීන් දෙවියන්වහන්සේ තෝරාගත් සෙනග වන අතර ඔවුන් මුදවා ගැනීමේ සැළසුම දෙවියන්වහන්සේ තවමත් සම්පූර්ණ කර නොමැති බව දේව වචනයෙන් පැහැදිලිවේ (නික්මයාම 6:7; ලෙවී කථාව 26:12; රෝම 11:25–27).

English



නැවතත් සිංහල මුල් පිටුවට

රස්ටාෆාරිවාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries