settings icon
share icon
ප්‍රශ්නය

සභාව ඔසවා ගැනීම නම් කුමක්ද?

පිළිතුර


“ඔසවා ගැනීම” යන වචනය බයිබලයේ සඳහන් නොවේ, ඔසවා ගැනීමේ අදහස ලියවිල්ලේ පැහැදිලිව සඳහන් කර තිබුනත්. ඔසවා ගැනීම නම් ක්‍රිස්තුස් වහන්සේ ඇදහිලිවන්තයන් මේ පොළොවෙන් ඉවතට ගැනීමයි. උන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය පොළොව මත සිදු කිරීමට පීඩා කාලය අතරතුර. ඔසවා ගැනීම ගැන 1 තෙසලෝනික 4:13-18 හා 1 කොරින්ති 15:50-54 හී විස්තරාත්මකව සඳහන් කර ඇත. දෙවියන් වහන්සේ විසින් මිය ගිය සියලු ඇදහිලිවන්තයන්ව උත්ථාන කරයි. ඔවුනට මහිමාන්විත ශරීර දෙනවා, ඊට පසු ඔවුන්ව පොළොවෙන් ඉවතට ගන්නවා, තවත් ජීවත්ව සිටින ඇදහිලිවතුන්ද සමග ඔවුන්ටද ඒ වන විට මහිමාන්විත ශරීර දී ඇත. “මක්නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේව දූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුළ මාළාවූ අය පළමු කොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල් වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමුව” (1 තෙසලෝනික 4:16-17).

ඔසවා ගැනීම ස්වබාවධර්මයෙන්ම ක්‍ෂණයකින් සිදුවේ. එමෙන්ම අපට මහිමාන්විත ශරීර ලැබේ. එම මෙහොතේ “මෙන්න, නුඹලාට රහසක් කියමි. අපි සියල්ලෝම නොසැතපෙන්නෙමුව, නමුත් අන්තීම හොරණෑව පිඹින කළ මොහොතකින්, ඇසි පිය හෙළන ක්‍ෂණයකින්, අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නෙමුව. මක්නිසද හොරණෑව පිඹිනු ලබන්නේය, එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය, අපිද වෙනස් කරනු ලබන්නෙමුව” (1 කොරින්ති 15:51-52). ඔසවා ගැනීම නම් අප සියලු දෙනා ආශාවෙන් බලා සිටිය යුතු මහිමාන්විත අවස්ථාවකි. අවසානයේදී අප පාපයෙන් නිදහස් වේ. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අප සැම දෙනාම සාදා කාලෙටම සිටි. තවත් බොහෝ තර්ක ඇත ඔසවා ගැනීම පිළිබඳ අදහස් හා විශය පිළිබඳව. මෙය දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව නොවේ. ඊට වඩා ඔසාවා ගැනීමට අදාල දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා “එකිනෙකා ධෛර්ය්‍යමත් කිරීමට මේ වචන වලින්” (1 තෙසලෝනික 4:18).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාව ඔසවා ගැනීම නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries