settings icon
share icon
ප්‍රශ්නය

අපගේ මිදීමේ මිලය යේසුස් වහන්සේ විසින් කාහට කෙළෙස ගෙවන ලද්දේද?

පිළිතුර


අත්අඩංගුවේ සිටින / සිරභාරයට ගත් කෙනෙක් මුදවා ගැනීම පිණිස ගෙවන දෙය මිදීමේ මිලය වේ. යේසුස් වහන්සේ අපව පාපයෙන්, මරණයෙන් සහ නිරයෙන් මුදන පිණිස මිදීමේ මිලය අප උදෙසා ගෙවූ සේක. නික්මයාම, ලෙවි කථාව, ගණන් කථාව සහ ද්වීතීය කථාව තුළින් දෙවියන් වහන්සේ පූජා පැවැත්වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි. පරණ ගිවිසුමෙහි කාලයේදී දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට නිෂ්කෘතියට / සමඟි කිරීමේ ආදේශණයක් වශයෙන් සත්ව පූජා පවත්වන පිණිස අණ කරණ ලදී. එහිදී පුද්ගලයෙකුගේ මරණයක් උදෙසා සතෙක් මරණයට පත්විය, මරණය පාපයට දඬුවම විය (රෝම 6:23). නික්මයාම 29:36 සඳහන් කරනු ලබන්නේ "නුඹ සමඟි කිරීම පිණිස පාප පූජාවේ ගොනා හැමදාම පූජා කළ යුතුය".

දෙවියන් වහන්සේ ශුද්ධත්වය පිළිබඳ අවධාරණය කරයි (1 පේත්‍රැස් 1:15-16). දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ශුද්ධත්වය අවධාරණය කරයි. අප කරනු ලබන්නාවූ පාපයන් නිසා සම්පූර්ණ ශුද්ධත්වයක් දෙවියන් වහන්සේට දිය නොහැක (රෝම 3:23). එබැවින් එතුමාණෝ තමන්වහන්සේගේ ව්‍යවස්ථාව තෘප්තිමත් කල යුතු බවට අවධාරණය කරයි. එතුමාට පවත්වන ලද පුද පූජා අවශ්‍යතාවය තෘප්තියට පත් කරන ලදී . මෙහිදි යේසුස් වහන්සේ කරලියට පැමිණේ. හෙබ්‍රෙව් පොතෙහි 9:12-15 දක්වා අපට මෙසේ පවසයි." එළුවන්ගේත් වස්සන්ගේත් ලේ කරණකොට ගෙන නොව තමන්ගේම ලේ කරණකොට ගෙන, අප උදෙසා සදාකාල මීදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වූ සේක. මක්නිසාද එළුවන්ගේත් ගොනුන්ගේත් ලේ වලින්ද, අශුද්ධවී සිටින්නන්ට එළ නෑම්බියෙකුගේ අළු ඉසීමෙන්ද මාංසය පවිත්‍ර වෙන හැටියට පිරිසිදු කරනු ලබන්නේනම්, කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන් වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස් වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරණ පිණිස මළ ක්‍රියා වලින් නුඹලාගේ හෘදසාක්‍ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදු කරනු නොලබන්නේද? මේ කාරණය නිසා උන්වහන්සේ අළුත් ගිවිසුමක මැදහත්කාරයාව සිටින සේක. එසේ වන්නේ පළමුවෙන් ගිවිසුමේ කාලයේදී කළ වරද වලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිද්ධවූ බැවින් කැඳවනු ලැබුවාවූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය".

එලෙසම රෝම 8: 3-4 හි පවසනු ලබන්නේ " මක්නිසාද දෙවියන් වහන්සේ තමන් වහන්සේගේම පුත්‍රයාණන් පාප-මාංසයේ සමානකමෙන්ද පාපය නිසාද ඒවා, මාංසයේ පාපය අඬුවමට පත් කරමින්, මාංසය කරණකොට ගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ට කල සේක. එසේ කළේ මාංසික ලෙස නොව ආත්මික ලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණ වන පිණිසය".

පැහැදිලිවම යේසුස් වහන්සේ අපගේ ජීවිත උදෙසා මිදීමේ මිලය දෙවියන් වහන්සේට ගෙවූ සේක. එතුමාණන්ගේ ලෙය වගුරවමින්, එතුමාණන්ගේම ජීවිතය පූජාකරමින් මිදීමේ මිලය ලෙස ගෙවන ලදී. එතුමාණන්ගේ පූජාවීමේ මරණය නිසා, පොළොවේ සිටින සෑම මනුෂ්‍යයෙකුටම එම සමඟි කිරීමේ දීමනාව පිළිගෙන දෙවියන් වහන්සේගෙන් කමාව ලද හැකිය. එතුමාණන් වහන්සේගේ මරණය නොමැතිව දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව තෘප්තිමත් කළ හැක්කේ අපගේම මරණයෙන් පමණි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපගේ මිදීමේ මිලය යේසුස් වහන්සේ විසින් කාහට කෙළෙස ගෙවන ලද්දේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries