settings icon
share icon
ප්‍රශ්නය

නිහඬ කාලය යනු කුමක්ද?

පිළිතුර


නිස්කලංක කාලය කිතුනුවන්ගේ එදිනෙදා ජීවිතයේ වැදගත් අංගයකි. මක්නිසාදයත්, ඔහු තම නිවසේ (සාමාන්‍යයෙන්) සුවපහසු හා හුදෙකලා ස්ථානයකට යන විට, ඔහුට කිසිම බාධාවකින් තොරව දෙවියන්වහන්සේට ළං විය හැකි බැවිනි. නිහඩ කාලය යනු ඇදහිලිවන්තයෙකු හා දෙවියන්වහන්සේ අතර රැස්වීමක් සඳහා සෑම දිනකම වෙන් කරන ලද කොටසකි. ඇදහිලිවන්තයා විසින්ම තෝරා ගෙන යාච්ඤා කිරීම පිළිබඳව බයිබලයේ කොටසක් කියවීමෙන් එය සමන්විත වේ.

සෑම ඇදහිලිවන්තයෙකුටම ස්වාමින්වහන්සේ සමඟ නිහඩ කාලයක් අවශ්‍ය වේ. යේසුස් වහන්සේට එය අවශ්‍ය නම්, අපට තව කොපමනණ අවශ්‍යද? පහත සඳහන් ශුද්ධලියවිල්ලෙහි අපට පවසන පරිදි, යේසුස්වහන්සේ නිතරම තම පියාණන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා අන් අය ගෙන් වෙන් විය. "එවිට යේසුස්වහන්සේ තම ගෝලයන් සමඟ ගෙත්සෙමන නම් ස්ථානයට ගොස්, එතුමන් ඔවුන්ට මෙසේ පැවසීය. "මම අතනට ගොස් යාච්ඤා කරන තෙක් මෙතන හිඳ ගෙන සිටින්න" (මතෙව් 26:36). "උදේ පාන්දරින්ම අදුර වැටී සිටියදී යේසුස්වහන්සේ නැඟිට නිවසින් පිටවී හුදෙකලා ස්ථානයට ගොස් යාච්ඤා කළ සේක" (මාර්ක් 1:35). "නමුත් යේසුස්වහන්සේ බොහෝවිට හුදෙකලා ස්ථානවලට ගොස් යාච්ඤා කළ සේක" (ලූක් 5:16).

නිහඬ කාලයෙහි දිර්ඝවීම වැදගත් නැත. නමුත් කියවූ දේ ගැන මෙනෙහි කිරීමට මෙන්ම ඉන් පසුව ඒ ගැන හෝ වෙනත් මතකයට එන ඕනෑම දෙයක් ගැන යාච්ඤා කිරිමට කාලය ප්‍රමාණවත් විය යුතුය. දෙවියන්වහන්සේ වෙතට ළංවීම ප්‍රතිඵල දායක අත්දැකීමක් වන අතර දිනපතා නිස්කලංක කාලයක් ගත කිරීමට පුරුද්දක් ඇති කරගත් පසු, අධ්‍යයනය හා යාච්ඤාව සඳහා නිශ්චිත කාලයක් ඇති කරගැනීමටඋනන්දුවක් නිරායාසයෙන්ම ඇති වේ. අපගේ කාල සටහන් කොතරම් පිරී ඇත්ද යත්, අපගේ ස්වර්ගීක පියාණන්වහන්සේ හමුවීමට අපට දිනපතා කාලයක් ගත කළ නොහැකි යැයි අපට හැඟේනම්, "කාර්ය බහුලකම " ඉවත් කිරීම සදහා අපගේ කාල සටහන් සංශෝධනය කිරීම පිළිවෙලින් සිදු විය යුතුය.

ප්‍රවේසම් සහගත සටහනක්: භාවනා කිරීමේ මුලධර්ම උගන්වන සමහර පෙරදිග ආගම් වල "මනස හිස් කර ගැනීම" සඳහා ශබ්දයක් හෝ විශේෂිත වචනයක් නැවත නැවතත් පුනරාවර්තනය කිරීම කරණකොටගෙන හැකිවන බවට උපදෙස් දේ. නමුත් එසේ කිරීමෙන් සාතන්ට ඇතුළුවීමට හැකිවන පරිදි හා මනසෙහි විනාශයක් ඇති වීමට ඉඩ සලසයි. ඒ වෙනුවට කිතුනුවන්, පිලිප්පි 4:8 හී ප්‍රේරිත පාවුල් උපදෙස් පිළිපැදිය යුතුය. අවසාන වශයෙන් "ඉතින් සහෝදරයෙනි, යම් පමණ දේ සබෑද, යම් පමණ දේ ගරු කටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමන දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහි කරපල්ලා" . මෙම සුන්දර සිතුවිලි වලින් මනස පුරවා ගැනීමෙන් කිසිදු උපකාරයක් නැති වූවද සමාදානය ගෙනෙන අතර දෙවියන් වහන්සේ සතුටු කළ හැකි වේ. අපගේ නිහඬ කාලය අපගේ මනස අළුත් කිරීම තුළින් පරිවර්තනය විය (රෝම 12:2) යුතු කලයක් වන අතර එය හිස් කර ගැනීමකින් නොවේය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නිහඬ කාලය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries