settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේව ප්‍රශ්න කිරීම වැරදිද?

පිළිතුර


ප්‍රශ්නය වන්නේ අපි දෙවියන් වහන්සේව ප්‍රශ්න කිරිම නොවේ, අපි උන් වහන්සේව ප්‍රශ්න කරන ශෛලිය (ආකාරය), හේතුව කුමක්ද? කියාය. දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කිරීම වැරදි නොවේ. අනාගතවකතෘ හබකුක්ට දෙවියන් වහනාසේගෙන් ඇසීමට ප්‍රශ්න තිබුණා, දෙවියන් වහන්සේගේ සැලැස්මේ කාල හා නියෝජිතයන් පිළිබඳව. හබකුක්ගේ ප්‍රශ්න කිරීම නිසා ඔහුව නෙරපා හැරීම වෙනුවට ඉතා ඉවසීමෙන් පිළිතුරු දුන්නා, එසේම අනාගතවකතෘ තම පොත අවසන් කළේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගීයක්ද සමගය. ගීතාවලියෙහි දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කිරීම් කීපයක් සඳහන් වේ (ගීතාවලිය 10, 44, 74, 77) මේවා පීඩාවට ලක්ව දෙවියන් වහන්සේගේ මැදහත්වීම හා පිළිතුර අපේක්‍ෂාවෙන් සිටින අයට. දෙවියන් වහන්සේ අපට උවමනා ලෙසටම අපගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදුන්නත්, මෙම බයිබල් කොටස් වලින් අපි සොයා ගන්නා දෙය නම් සැබෑවූ හදවතින් අසනා ප්‍රශ්න වලට දෙවියන් වහන්සේ සවන් දෙන බවට.

කපටි ප්‍රශ්න වල, හෝ වංචනික හදවතින් අසන ප්‍රශ්න වෙනත් තත්වයක්. “නුමුත් ඇදහිල්ල නැතුව උන් වහන්සේව ප්‍රසන්න කරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නා විසින් උන් වහන්සේ විද්‍යාමාන බවත්, උන් වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාස කරන්ට ඕනෑය” (හෙබ්‍රෙව් 11:6). සාවුල් රජ දෙවියන් වහන්සේට අකීකරුවීමට පසු, ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු නොලැබින (1 සාමුවෙල් 28:6). දෙවියන් වහන්සේ මෙවැනි තත්වයන් වලට ඉඩ හරින්නේ ඇයි කෙලින්ම උන් වහන්සේගේ යහපත්කම ප්‍රශ්න කිරීම වෙනුවට, එය සම්පූර්ණයෙන්ම වෙනස්. සැකයන් තිබීම වෙනස් දෙයකි උන් වහන්සේගේ සවිබලය හා චරිතයට පහරදීමට වඩා. කෙටියෙන් අවංක ප්‍රශ්නයක් පාපයක් නොව, නමුත් තිත්තකම, නොඇදහිල්ල, හෝ කැරලිකාර හදවත. දෙවියන් වහන්සේ ප්‍රශ්න නිසා බිය නොවේ. දෙවියන් වහන්සේ අපව කිට්ටු සම්බන්ධතාවයකට ආරාධනා කරයි. අපි “දෙවියන් වහන්සේව ප්‍රශ්න කළ විට” එය යටහත් ආත්මයකින් හා විවතෘ මනසකින් විය යුතුය. අපට දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කළ හැක. නමුත් සැබවින්ම අපට ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍ය නැති නම් එම ප්‍රශ්නය නොඅසන්න. දෙවියන් වහන්සේ අපගේ හදවත දන්නා සේක. එසේම අපව ආලෝකමත් කිරීම උදෙසා අවංකවම ප්‍රශ්න අසනවාද යන්න දන්නා සේක. අප‍ෙග් හදවතේ ස්වභාවය අනුවයි දෙවියන් වහන්සේව ප්‍රශ්න කිරීම හරිද වැරදිද යන්න තීරණය වන්නේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේව ප්‍රශ්න කිරීම වැරදිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries