settings icon
share icon
ප්‍රශ්නය

ස්වර්ගයේ රැජින කවුද?

පිළිතුර


"ස්වර්ගයේ රැජින" යන වාක්‍ය ඛණ්ඩය දෙවරක් යෙරෙමියා පොතේ සඳහන් වේ. පළමු සිදුවීම සමිඳාණන්වහන්සේ කෝපයට පත්කළ ඉශ්රායෙල්වරුන් කළදේ හා සම්බන්ධ ය. සියලුම පවුල් රූප වන්දනාවට සම්බන්ධ වූහ. ළමයින් ලී එකතු කළ අතර, මිනිසුන් බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීම සඳහා පූජාසන සෑදීමට එය භාවිතා කළහ. ස්ත්‍රීන් "ස්වර්ගයේ රැජින" වෙනුවෙන් පිටිගුලිය සහ පාන් කේක් පුළුස්සා දැමීමේ නිරතව සිටියහ (යෙරෙමියා 7:18). මෙම මාතෘකාව ඇසිරියානු සහ බබිලෝනීය දේවතාවියක් වන ඉෂ්තාර් වෙත යොමු කරන ලද අතර වෙනත් කණ්ඩායම් විසින් අෂ්ටොරෙත් හෝ ඇස්ටාර්ට් ලෙසද හැඳින්වේ. ඇය බාල් නැමති බොරු දෙවියාගේ බිරිඳ යැයි සිතනු අතර මොලෙක් ලෙස ද හදුන්වනු ලැබීය. අෂ්ටොරෙත්ට නමස්කාර කිරීමට කාන්තාවන් පෙලඹවීම සාරවත් දේවතාවියක් ලෙස ඇයගේ කීර්තියට හේතුවූ අතර, දරුවන් බිහිකිරීම එම යුගයේ කාන්තාවන් අතර බෙහෙවින් අපේක්ෂා කළ හෙයින්, මිථ්‍යාදෘෂ්ටික ශිෂ්ටාචාරයන් අතර මෙම "ස්වර්ගයේ රැජින" වන්දනා මාන කිරීම බහුලව දක්නට ලැබුණි. කනගාටුවට කරුණක් නම්, එය ඊශ්‍රායෙලිතයන් අතරද ජනප්‍රිය වීමයි.

ස්වර්ගයේ රැජින පිළිබඳ දෙවන සඳහන යෙරෙමියා 44: 17-25 හී සොයා ගත හැකිය. එහිදී දෙවියන්වහන්සේ තමාට පැවසූ ස්වාමීන්වහන්සේගේ වචනය යෙරමියා ජනයාට ලබා දෙයි. ඔවුන්ගේ අකීකරුකම සහ රූපවන්දනාව නිසා සමිඳාණන්වහන්සේ ඔවුන් කෙරෙහි දැඩි කෝපයක් ඇති කර ඔවුන්ට විපතකින් දඩුවම් කරන බවට මිනිසුන්ට මතක් කර දෙයි. පසුතැවිලි නොවන්නේ නම් ඔවුන්ට විශාල දඩුවම් පැමිණ විය හැකි බවට යෙරෙමියා ඔවුන්ට අනතුරු අඟවයි. ඔවුන්ගේ පිළිම වන්දනාව අත්හැරීමේ කිසිදු අදහසක් ඔවුන්ට නොමැති බවත්, ස්වර්ගයේ රැජින වන අෂ්ටොරෙත්ට දිගටම පානීය පූජා ඔප්පු කරන බවට පොරොන්දුවී ඇති බවට පිලිතුරු දුන් අතර, දෙවියන්වහන්සේගේ කරුණාව සහ දයාව නිසා ඔවුන් වරක් භුක්ති විඳි සාමය හා සමෘද්ධිය ගැන ඇයට ගෞරවය දීමට තරම් දුරක් ගියේය.

අෂ්ටොරෙත් යෙහෝවාගේ "භාර්යාවක්" යන අදහස ඇතිවූයේ කොතැනින්ද යන්න පැහැදිලි නැත, නමුත් පහසුවෙන් දැක ගත හැකිවේ සැබෑ ස්වර්ගයේ රජුවන යෙහෝවා වහන්සේට නමස්කාර කිරීමත් සමඟ දේව තාවියක් උසස් කරන තරමට මිථ්‍යාදෘෂ්ටියට කෙතරම් පහසුවෙන් මුසුවි ඇත්ද යන්න. අෂ්ටොරෙත් වන්දනාවට ලිංගිකත්වය (සශ්‍රීකත්වය, ප්‍රජනනය, සිද්ධස්ථාන ගණිකා වෘත්තිය) සම්බන්ධවූ හෙයින්, එහි ප්‍රතිපලයක් වශයෙන්, අප කීර්තිමත් මනසට ඇති සම්බන්ධතාවය ස්වාභාවිකවම ලිංගික ස්වභාවයක් වනු ඇත. පැහැදිලිවම, "ස්වර්ගයේ රැජින" ස්වර්ගයේ රජුගේ බිරිඳ හෝ අනියම් බිරිඳ ලෙස සැලකීම රූපවන්දනාව වන අතර හා එය බයිබලානුකුල නොවේ.

ස්වර්ගයේ රැජිනක්නැත. කවදාවත් ස්වර්ගයේ රැජිනක් හිටියේත් නැහැ. ස්වර්ගයේ රජෙක්, සේනාවල අධිපතියා වන යෙහෝවා වහන්සේ පමනක් ඇත. උන්වහන්සේ පමණක් ස්වර්ගය පාලනය කරයි. උන්වහන්සේ තම පාලනය හෝ සිංහාසනය හෝ උන්වහන්සේගේ අධිකාරය කිසිවෙකු සමඟ බෙදාගන්නේ නැත. යේසුස්වහන්සේගේ මව වන මරියාතුමිය ස්වර්ගයේ රැජින යන අදහසට කිසිම ශුද්ධ ලියවිලිමය පදනමක් නැත. රෝමානු කතෝලික පල්ලියේ පූජකවරුන් හා පාප්වරුන්ගේ ප්‍රකාශයන් වෙනුවට එය පැන නගී. ලෝකයේ ගැළවුම්කාරණන් දරා ගැනීමට තෝරාගනු ලැබීම ගැන මරියතුමිය සැබවින්ම දේව භක්තික තරුණියක් වූවත්, ඇය කිසිම ආකාරයකින් දිව්‍යමයවූවා නොවේ, ඇය පව් රහිතවූවා නොවේය, ඇයට නමස්කාර කිරීමට, ගෞරවයට පාත්‍ර වීමට හෝ යාච්ඤා කිරීමට අවශ්‍ය නැත. ස්වාමීන්වහන්සේගේ සියලු අනුගාමිකයන්ට නමස්කාර කිරිමත් ප්‍රතික්ෂේප කරයි. පේතෘස් සහ ප්‍රේරිතයන් නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළා (ක්‍රියා 10: 25-26; 14: 13-14). ශුද්ධ දූතයන් නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කරයි (එළිදරව් 19:10; 22: 9). ප්‍රතිචාරය සැමවිටම එක හා සමානයි: "දෙවියන් වහන්සේට නමස්කාර කරන්න!" දෙවියන්වහන්සේට මිස වෙන කිසිවෙකුට නමස්කාරය, ගෞරවය හෝ ගෞරවය පිරිනැමීම රූප වන්දනාවට වඩා අඩු දෙයක් නොවේ. මරියාණන්ගේ "උදාන ගීයේ" (ලූක් 1: 46-55) හි සඳහන් වචනවලින් හෙළිවන්නේ ඇය කිසිවිටෙකත් තමා "නිර්මල" හා ගෞරවයට පාත්‍රවූ කෙනෙකු ලෙස නොසිතූබවත්, ඒ වෙනුවට ගැළවීම සඳහා දෙවියන්වහන්සේගේ වරප්‍රසාදය මත රඳාසිටි බවත් ය. "මාගේ ආත්මය දෙවියන්වහන්සේ ගැන ප්‍රීතිවේ. ගැලවුම්කරුවා අවශ්‍යවන්නේ පව්කාරයන්ට පමණක් වන අතර මරියතුමි එම අවශ්‍යතාවය තමා තුළ මහඳුනා ගත්තේය.

තවද, "ඔබව බිහිකොට පෝෂණය කළ මව භාග්‍යවන්තයෙකි" (ලූක් 11:27) තමාට මොරගැ සූස්ත්‍රියකට යේසුස්වහන්සේ මෘදු ලෙස තරවටු කළේය. දෙවියන්වහන්සේට කීකරු වන්න. එසේ කිරීමෙන්, මරියතුමිය වන්දනාමාන කිරීමේ වස්තුවක් ලෙස ඔසවා තැබීමේ ඕනෑම ප්‍රවණතාවක් උන්වහන්සේ විසින් සීමා කරන ලදි. "උන්වහන්සේ විසින් ඔව්, ස්වර්ගයේ රැජිනට ආශීර්වාද වේවා!" කියා උන්වහන්සේට නිසැකවම පැවසිය හැකියි. ස්වර්ගයේ රැජිනක් නැති බවත්, "ස්වර්ගයේ රැජින" ගැන ඇති එකම බයිබලානුකුල සඳහන් වන්නේ පිළිම වන්දනාවේ, ව්‍යාජ ආගමක දේවතාවියක් යන්නයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වර්ගයේ රැජින කවුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries