settings icon
share icon
ප්‍රශ්නය

යාච්ඤාවේ අරමුණ (අර්ථය) කුමක්ද?

පිළිතුර


යාච්ඤාව කිතුණු ජීවිතයේ වැදගත් අංගයකි. එය අප සමිඳාණන් වහන්සේ සමඟ සන්නිවේදනය කරන ආකාරය සහ උන්වහන්සේට ප්‍රශංසා කරන ආකාරයයි. යාච්ඤාවේ අරමුණ (අර්ථය) අවබෝධ කර ගැනීම සඳහා, යාච්ඤාව යනු කුමක්දැයි මුලින්ම තේරුම් ගැනීම වැදගත්ය. කිතුණුවන් අතර පවා යාච්ඤාව සම්බන්ධයෙන් ලෝකයේ සහ සංස්කෘතියේ බොහෝ වැරදි මත පවතින අතර, මේවාට ප්‍රථමයෙන් අවධානය යොමු කළ යුතුය. යාච්ඤාව නොවේ

• දෙවියන්වහන්සේ සමඟ කේවල් කිරීම.

• දෙවියන්වහන්සේගෙන් ඉල්ලීම් කිරීම.

• දෙවියන්වහන්සේගෙන් පමණක් දේවල් ඉල්ලා සිටීම.

• චිකිත්සක, භාවනා ආකාරයේ ව්‍යායාමයක්.

• දෙවියන්වහන්සේට කරදර කිරීම සහ උන්වහන්සේගේ කාලය ගත කිරීම.

• ස්වාමීන්වහන්සේව පාලනය කිරීමට ක්‍රමයක්.

• කෙනෙකුගේ අධ්‍යාත්මිකත්වය අන් අය ඉදිරියේ පෙන්වීමට මාර්ගයක්.

බොහෝ අය විශ්වාස කරන්නේ යාච්ඤාව යනු දෙවියන්වහන්සේගෙන් දේවල් ඉල්ලා සිටීම පමණක් බවයි. කන්නලව් කිරීම යාච්ඤාවේ කොටසක් වුවද (පිලිප්පි 4:6), එය යාච්ඤාවේ එකම අරමුණ නොවේ. අපගේ සහ අන් අයගේ අවශ්‍යතා සඳහා යාච්ඤා කිරීම අවශ්‍ය සහ ප්‍රයෝජනවත් වේ, නමුත් යාච්ඤාවට තවත් බොහෝ දේ ඇත. දෙවියන්වහන්සේ අපගේ සෑම ප්‍රාර්ථනාවකටම පිළිතුරු දෙන මායා බහිරවයෙකු හෝ අපගේ යාච්ඤාවෙන් පාලනය කළ හැකි දුර්වල දෙවිකෙනෙකු නොවේ.

යාච්ඤාවේ අරමුණ ගැන ඉගෙන ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් යේසුස් වහන්සේගේ භූමික දේවසේවයේදී උන්වහන්සේගේ ආදර්ශය අධ්‍යයනය කිරීමයි. යේසුස්වහන්සේ තමන් වෙනුවෙන් සහ අන් අය වෙනුවෙන් යාච්ඤා කළ අතර, උන්වහන්සේ පියා සමඟ අදහස් හුවමාරු කිරීමට යාච්ඤා කළේය. යොහන් 17 යනු යේසුස්වහන්සේගේ යාච්ඤාව භාවිතා කිරීම දැකීමට කදිම ස්ථානයකි. උන්වහන්සේ පියාණන්වහන්සේව මහිමයට පත් කරන ලෙස යාච්ඤා කරනවා පමණක් නොව, උන්වහන්සේගේ ගෝලයන් වෙනුවෙන් සහ “ඔවුන්ගේ පණිවිඩය තුළින් මා කෙරෙහි විශ්වාස කරන අය” වෙනුවෙන්ද යාච්ඤා කරයි (යොහන් 17:20). පියාණන්වහන්සේගේ කැමැත්තට යටත් වීම යේසුස්වහන්සේගේ යාච්ඤා ජීවිතයේ තවත් අංගයක් වූ අතර, ගෙත්සෙමන උද්‍යානයේ උන්වහන්සේගේ යාච්ඤාවෙන් උද්දීපනය කරන ලදී: “එසේ වුවද මා කැමති ලෙස නොව, ඔබ කැමති පරිදි” (මතෙව් 26:39). අපට ඇති ඕනෑම ඉල්ලීමක් සමඟ, අපි දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත් විය යුතුය.

අන් අය වෙනුවෙන් මැදිහත් වීමට අමතරව, දෙවියන්වහන්සේ සමඟ අපගේ සබඳතාව ශක්තිමත් කිරීමට යාච්ඤාව ද මාර්ගයකි. යේසුස්වහන්සේ ආදර්ශය තැබුවේ, උන්වහන්සේ තම භූමික දේවසේවය පුරාවටම පියාණන් වහන්සේට යාච්ඥා කළ ආකාරයටය (ලූක් 6:12; මතෙව් 14:23). සබඳතා ඇති අය ස්වභාවිකවම එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට උත්සාහ කරනු ඇත, යාච්ඤාව යනු දෙවියන්වහන්සේ සමඟ අපගේ සන්නිවේදනයයි. යාච්ඤාවේ කාලය ගත කළ අය ගැන බයිබලයේ ඇති තවත් හොඳ උදාහරණ වන්නේ දාවිත්, හෙසකියා සහ පාවුල්ය.

අවසාන වශයෙන්, යාච්ඤාවේ ප්‍රධාන අරමුණ වන්නේ නමස්කාරයයි. අප ස්වාමින්වහන්සේට යාච්ඤා කරන විට, උන්වහන්සේ කවුද සහ උන් වහන්සේ කර ඇති දේ හඳුනාගෙන, එය නමස්කාරයේ ක්‍රියාවකි. 2 රාජාවලිය 19:15, 1 ලේකම් 17:20, ගීතාවලිය 86:12-13, යොහන් 12:28, සහ රෝම 11:33-36 ඇතුළුව යාච්ඤාව නමස්කාර ක්‍රියාවක් බවට බයිබලයේ බොහෝ උදාහරණ ඇත. අප යාච්ඤා කරන ආකාරය මෙම අරමුණ පිළිබ්ඹු විය යුතුය; අපගේ අවධානය යොමු විය යුත්තේ දෙවියන්වහන්සේ කවුද යන්න ගැන මිස අප ගැන නොවේ.

සිත්ගන්නා කරුණ නම්, ස්වාමීන්වහන්සේගේ යාච්ඤාව ලෙස හඳුන්වනු ලබන මතෙව් 6:9-13 හි යේසුස්වහන්සේ ගෝලයන්ට දුන් යාච්ඤාවේ ආකෘතියේ මෙම සියලු අංග ඇත. පළමු කොටසට දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම සහ නමස්කාර කිරීම ඇතුළත් වේ (මතෙව් 6: 9), ඉන්පසු දෙවන කොටස දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම සඳහා යාච්ඥා කිරීම වෙත ගමන් කරයි (මතෙව් 6:10). මෙයින් පසු, අප සහ අන් අය වෙනුවෙන් අයැදීමක් ඇත (මතෙව් 6:11-12), මෙන්ම පරීක්ෂාව සමඟ කටයුතු කිරීමට ශක්තිය ඉල්ලා සිටීම (මතෙව් 6:13). යේසුස්වහන්සේ මෙම යාච්ඤාව තම ගෝලයන් සඳහා ආදර්ශවත් කළ අතර, නමස්කාරයේ කේන්ද්‍රීය අවධානය සමඟ යාච්ඤාව සඳහා සියලු හේතු පෙන්වයි.

යාච්ඤාව කිතුණු ජීවිතයේ වැදගත් අංගයක් වන අතර කෙනෙකුගේ යාච්ඤා ජීවිතය දියුණු කළ යුතුය. යාච්ඤාව අපගේ ජීවිතයට සහ අන් අයගේ ජීවිතවලට බලපානවා පමණක් නොව, එය ස්වාමින්වහන්සේ සමඟ සන්නිවේදනය කිරීමට සහ උන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය වර්ධනය කිරීමට මාර්ගයකි. යාච්ඤාවේ හදවතේ ඇත්තේ සමිඳාණන් වහන්සේට නමස්කාර කිරීමකි. දෙවියන්වහන්සේගේ වචනය යාච්ඤාවේ බලය සහ අරමුණ කෙරෙහි අවධාරණය කරයි, එබැවින් එය නොසලකා හැරිය යුතු නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යාච්ඤාවේ අරමුණ (අර්ථය) කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries