settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයට අනුව මිනිසාගේ අරමුණ කුමක්ද?

පිළිතුර


දෙවියන් වහන්සේ මනුෂ්‍යා මැවූ බවත් උන්වහන්සේගේ මහිමය උදෙසා උන්වහන්සේ මනුෂ්‍යයා මැවූ බවත් බයිබලය පැහැදිලිවම පෙන්වා දෙයි (යෙසායා 43:7). එම නිසා මිනිසාගේ අවසාන අරමුණ බයිබලයට අනුව, දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීමවේ. සමහරටවිට පිළිතුර දීමට අසීරු ප්‍රශ්ණය වන්නේ දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීම මොන ආකාරයෙන් සිදු විය යුතුද යන්න විය හැකිය. ගීතාවලිය100:2,-3 හි අපට පෙන්වා දී ඇත්තේ දෙවියන්වහන්සේට ප්‍රීතියෙන් නමස්කාර කරන ලෙසයි. "ස්වාමින් වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගන්න. උන්වහන්සේ අප සෑදූ සේක. අප එතුමන් වහන්සේගේය. අප එතුමන්වහන්සේගේ සෙනඟය, එතුමන්ගේ තණ බිම්වල බැටළුවන්ය". දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීමේ කොටසක් ලෙස පෙනෙන්නේ දෙවියන්වහන්සේ කවුදැයි කියා දැන (මැවුම්කරුවාණන් සහ ආරම්භකයාණන්) එතුමාණන්ව ප්‍රශංසා කිරීම හා නමස්කාර කිරීමයි.

අපගේ පරමාර්ථයවන දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීම සම්පූර්ණ කිරීම නම් එතුමා හා සම්බන්ධතාවය පවත්වා ගනිමින් අවංකව සේවය කිරීමවේ (1සාමුවෙල් 12:24, යොහාන් 17:4). දෙවියන් වහන්සේ එතුමාණන් වහන්සේගේ ස්වරූපයට මනුෂ්‍යයා මැවූ බැවින්, එතුමාණන් වහන්සේ නොමැතිව, මනුෂ්‍යයාගේ අරමුණ ඉටු කළ නොහැක. සලමොන් රජතුමා තමාගේ සතුට වෙනුවෙන් ජීවත් වීමටඋත්සාහ කළ නමුත්, අවසානයෝදී ඔහු නිගමනය කළේ ජිවිතයේ ඇති එකම වටිනාකම නම් දෙවියන්වහන්සේට ගෞරව කිරීම හා කිකරුව ජීවත්වීම බවයි (දේශනාකාරයා 12:13-14).

අපගේ වැටුන තත්වය තුළ, පාපය අපව දෙවියන් වහන්සේගෙන් වෙන් කරන අතර, අප විසින්ම අපටම තනිවම උන්වහ්සේව මහිමයට පත් කළ නොහැක. නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පූජාව තුළින් නැවත වතාවක් අප දෙවියන් වහන්සේ සමඟ සමඟි කිරීමේ සම්බන්ධතාවයට ඇතුල්වන අතර, අපගේ පව් කමා කරනු ලබනඅතර තවදුරටත් අප දෙවියන් වහන්සේ අතර බාධකයක් නොවේ (රෝම 3:23-24).

ප්‍රීතියට තුඩු දෙන කාරණය නම් අපට දෙවියන් වහන්සේ මහිමයට පත් කළ හැකි වන්නේ ප්‍රථමව එතුමාණන් අපව මහිමයට පත් කළ බැවිනි. දාවිත් තුමා ගීතාවලිය 8:4-6 දක්වා මෙසේ පවසයි. "ඔබ මනුෂ්‍යයා සිහි කිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යයා සැලකීමට ඔහු කවරෙක්ද? ඔබ ඔහු දෙවියන් වහන්සේට මඳක් පහත් කොටසෑදූ සේක. මහිමය හා ගෞරවය නැමති ඔටුන්නේන් ඔහු සරසන සේක. ඔබගේ හස්ත කර්ම කෙරෙහි ඔහු අධිපති කළ සේක. එසේය, සියල්ල ඔහුගේ පාදයටට දැමූ සේක." (මෙය හෙබ්‍රෙව් 2:6-8 පුනරාවර්තනයවේ). මෙම පදයෙන් දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයාට දෙන ලද තතවත් අරමුණක් ප්‍රකාශවේ. එනම් පොළොව කෙරෙහි ආධිපත්‍ය (උත්පත්ති 1:28-29). නැවතත් මෙය නිසි ලෙස ඉටු කළ හැක්කේ දෙවියන් වහන්සේ හා නිවැරදි සම්බන්ධතාවයකින් පමණි.

අපගේ මැවුම්කරුවාණන් වහන්සේව අප දැන ගන්නා තරමට හා අප උන්වහන්සේට ප්‍රේම කරන තරමට (මතෙව් 22:37-38) අප කවුරුන්ද යන්න සහ අපගේ අරමුණ කුමක්ද යන්න අපට වඩා හොඳින් අවබෝධ වේ. අප මවන ලද්දේ උන්වහන්සේට මහිමය ගෙනෙන පිණිසය. සෑම මනුෂ්‍යයෙකු සඳහාම දෙවියන්වහන්සේට අද්විතීය සැලසුම් හා අරමූණු ඇත (ගීතාවලිය139:13-16). නමුත් එම සැලසුම් කුමක් වුවත් අවසානයේදී ඒවා දෙවියන්වහන්සේගේ මහිමයට හේතුවන බව අපට දැන ගත හැකිය (හිතෝපදේශ 3:6, 1 කොරින්ති 10:31).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයට අනුව මිනිසාගේ අරමුණ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries