ප්‍රසිද්ධියේ කරන්නාවූ යාච්ඤාව දේව වචනයට අනුකූලද? ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීම සුදුසුද?


ප්‍රශ්නය: ප්‍රසිද්ධියේ කරන්නාවූ යාච්ඤාව දේව වචනයට අනුකූලද? ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීම සුදුසුද?

පිළිතුර:
ප්‍රසිද්ධියේ කරන්නාවූ යාච්ඤාව වූ කලී බොහෝ කිතුණුවන් අරගල කරනු ලබන කාරණාවකි. දේව වචනයේ සදහන් වන පරිදි යේසුස්වහන්සේ, තමන්වහන්සේ මෙන්ම බොහෝ ඇදහිලිවන්තයින් ප්‍රසිද්ධියේ යාච්ඤා කරන්නවුන් ලෙස දැනුවත්ව සිටි අතර ප්‍රසිද්ධියේ කරන්නාවූ යාච්ඤාවෙහි කිසිඳු වරදක් නොමැත. පැරණි ගිවිසුමෙහි සිටි බොහෝ නායකයන් තම ජාතිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ යාච්ඤා කළහ. සලමොන් මුළු මහත් ජාතිය ඉදිරිපිට ඔවුන් වෙනුවෙනුත් ඔහු වෙනුවෙනුත් යාච්ඤා කළේය. එසේ කළාවූ යාච්ඤාව ස්වාමින්වහන්සේට පිළිගත නොහැකි වූවක් බවට කිසිඳු ඇගවීමක් හෝ නොමැත (1 රාජාවලිය 8:22–23). බබිලෝනියේ වහල්භාවයෙන් පසුව ඉශ්‍රායලිතයන්ගේ ආපසු පැමිණීමෙන් අනතුරුව සැබෑවූ දෙවියන්වහන්සේට කරන්නාවූ නමස්කාරය ඉශ්‍රායලිතයන් විසින් අතහැර දැමූ බවට අවබෝධ කරගත් එස්රා දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට යාච්ඤා කරමින් මහත් ශෝකයෙන් යුතුව හැඩුවේය. ඔහු කෙතරම් ජ්වලිතව යාච්ඤා කලේද යත් ඒ කරණකොටගෙන "පුරුෂයන්ද ස්ත්‍රීන්ද ළමයින්ද ඉතා මහත් සමූහයක්" උනන්දු කරනු ලැබුවේ ඔහු සමග එක් රැස්වී මහත් ශෝකයෙන් යුක්තව හඩනු පිණිසය (එස්රා 10:1).

කෙසේ නමුදු හන්නාගේ සහ දානියෙල්ගේ නිදසුන් තුළින් විදහා පාන්නේ ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීම කරණකොටගෙන වැරදි ලෙස වටහා ගැනීමටත් හිංසා කරනු ලැබීමටත් හැකියාවක් ඇති බවය. අනෙකුත් සියලූ යාච්ඤාවන් මෙන් ප්‍රසිද්ධියේ කරන්නාවූ යාච්ඤාවද පුද කළ යුත්තේ නිරවද්‍ය ආකල්පයන්ගෙන් සහ අභිප්‍රායන්ගෙන් යුතුවය. ශුද්ධ ලියවිල්ලේ නිදසුන් කිහිපයක් තුලින් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිගත හැකි වූත් ගෞරවය ලැබිය හැකිවූත් ප්‍රසිද්ධියේ කරන්නාවූ යාච්ඤාවන් පිළිබද පැහැදිලි පින්තාරුවක් ලබා ගත හැක.

දිවැසිවර සාමුවෙල්ගේ මව වූ හන්නාල වසර ගණනාවක් වඳව සිටි අතර දේව වචනය පිළිබද වකවානු වලදී වඳභාවය කරණකොටගෙන ස්ත්‍රියකට අත් විදින්ට වූ නින්දාව සහ හිංසනය විද දරාගෙන යාමට ඇයට සිදුවිය (1 සාමුවෙල් 1:1–6). ඇය ක්‍රමානුකූලව දේව මාළිගයට යනු ලැබුවේ ඇයට දරුවකු ලබා දෙන ලෙස දෙවියන්වහන්සේ කන්නලව් කරනු සදහා ජ්වලිතවත් "මහත් වූ සංවෙිගයකින් සහ ශෝකයකින්" යුක්තව යාච්ඤා කරනු පිණිසත්ය. ඇයගේ යාච්ඤාව කෙතරම් හෘදයාංගම වූවාද කිවහොත් ඒලී නම් පූජකයා ඇය වෙරිමතින් සිටින බවට ප්‍රත්‍යක්ෂ කර ගත්තේය (1 සාමුවෙල් 1:10–16).

ප්‍රසිද්ධියේ කරන්නාවූ යාච්ඤාවන් සාවද්‍ය ලෙස අර්ථ වින්‍යාස කරනු ලැබූ නිදසුනක් නම් මෙසේය. හන්නාගේ යාච්ඤාව ධර්මිෂ්ඨ වූ අතර ඇයගේ හදවත නිවැරදි ස්ථානයක තිබිණි. ඇය විසින් උත්සාහ දරනු ලැබුවේ ඇය කෙරෙහි අවධානය යොමු කර ගැනීමට නොව හුදෙක්ම ශෝකය කරණකොටගෙන සිත කැළඹීමට පත්ව සිටිම සහ සම්පූර්ණයෙන්ම එයින් යටවී සිටි හෙයින් යාච්ඤා කිරීමේ අවශ්‍යතාවය කෙරෙහිය. ඒලී ඇය වෙරිමතින් සිටින බව සිතූ නමුත් එය ඔහුගේ අත්වැරුද්දක් වූ නමුත් එය ඇයගේ පාපයක් නොවීය.

දානියෙල්ගේ ප්‍රසිද්ධියේ කළාවූ යාච්ඤාව වූ කලී ඔහුගේ සතුරන්ට ඔහුට හිංසා කිරීමටත් ඔහුව ඝාතනය කිරීමේ උත්සාහයට ඉඩ ප්‍රස්ථාවකුත් සලසා දෙනු ලැබීය. දානියෙල් වනාහී ඔහුගේ රාජකාරිය කරනු ලැබුවේ දාරියුස් රජු යටතේ සේවය කළ පරිපාලකයකු ලෙස කෙතෙරම් විශිෂ්ටත්වයකින් යුක්තවද කිවහොත් රජු අරමුණු කොටගත්තේ ඔහුව මුළු රාජ්‍යයේම ප්‍රධානියා බවට පත් කරනු සදහාය (දානියෙල් 6:1–3). එය හේතුකොටගෙන අනෙකුත් පරිපාලකයන් කෝපාවිෂ්ඨ වූ අතර ඔවුන් දානියෙල්ව අපකීර්තියට ලක් කිරීමට සහ විනාශ කිරීමට මාර්ගයක් සෙවීය. ඔවුන් දාරියස්ව ධෛර්‍යයමත් කරනු ලැබුවේ එන්නාවූ දින 30 ඇතුළත ඔහුගේ යටත් වැසියන්ට රජුට හැර වෙන කිසිවෙකුට යාච්ඤා කිරීම තහනම් කරන්නාවූ නියෝගයක් පණවන පිණිසය. අකීකරුවීමේ දණ්ඩනය නම් සිංහ ගුහාවට දමනු ලැබීමය. දානියෙල් කෙසේ නමුත් දෙවියන්වහන්සේට විවෘතවම යාච්ඤා කිරීම නොකඩවාම කරනු ලැබුවේ ඔහු එසේ කරන අයුරු ඔහුගේ නිදනකාමරයේ ජනේලය තුලින් පෙනෙන ආකාරයටය. දානියෙල් යාච්ඤා කරනු ලැබුවේ අන් අයට දෘෂ්‍යමාන වන ආකාරයට පමණක් නොව ඔහුගේ සතුරන්ටද නිරාවරණය වන ආකාරයටය. කෙසේ නමුත් දෙවියන්වහන්සේ ඔහුගේ යාච්ඤාව කරණකොටගෙන ගෞරව ලැබූ බව ඔහු පැහැදිලිවම දැන සිටි හෙයින් ඔහුගේ සිරිත ඔහු විසින් අත්නොහරිනු ලැබීය. ඔහු ඔහුගේ මතයන් හෝ මනුෂ්‍යයන්ගේ තර්ජනයන් දෙවියන්වහන්සේට කීකරු වීමට ඔහුට තිබූ ආශාවට වඩා ඉහළින් නොතැබුවේය.

මතෙව් 6:5–7 හී යේසුස්වහන්සේ විසින් අපගේ යාච්ඤා ධර්මිෂ්ඨ බව සහතික කර ගනු වස් මාර්ග දෙකක් සදහන් කරනු ලබයි. පළමුව නම්, අපගේ යාච්ඤා අන් අය විසින් ධර්මිෂ්ඨ හෝ "ආත්මික" දැකීම සදහා නොවිය යුතුය. දෙවනුව නම්, එය හද පත්ලෙන්ම නැගෙන්නාක් මෙන් "අව්‍යාජ" විය යුතු අතරම එය හුදෙක් නිශ්ඵල පුනරුචිචාරණයක් හෝ "නිරර්ථක වාක්‍ය ඛණ්ඩයන්" නොවිය යුතුවේ. කෙසේ නමුදු මනුෂ්‍යයන් ප්‍රසිද්ධියේ කරන්නාවූ යාචඤොවන් පිළිබද සදහන් කරන වෙනත් ශුද්ධ ලියවිලි පාඨයන් හා සසදන කළ අප දන්නාවූ කරුණක් වනුයේ මෙය වනාහී සෑම විටකම තනිවම යාච්ඤා කරන පිණිස දෙනු ලබන අනුශාසනාවක් නොවන බවය. මෙම කාරණය නම පාපය මගහැර ලීමටය. ධර්මිෂ්ඨ යයි පෙන්වා ලීමට ඇති ආශාවට බලවත් පරිශ්‍රමයක් දරන්නාවූ අය සහ ප්‍රසිද්ධියේ කරන්නාවූ යාච්ඤාවන් තුළදී පරීක්ෂාව කෙමෙන් රිංගා එන බව දකින්නාවූ අය යේසුස්වහන්සේ විසින් කරන ලද නියම කිරීම එනම් අපට රහසින් ප්‍රතිවිපාක දෙනු ලබන පියාණන්වහන්සේට පමණක් හුදෙකලාවම යාච්ඤා කිරිමට බෙහෙවින් සැලකිල්ලක් දක්වනු ලබති. යේසුස් වහන්සේ විසින් දැන සිටිනු ලැබුවේ ඵරිසිවරුන්ගේ අභිප්‍රාය වූයේ මනුෂ්‍යයන් විසින් ධර්මිෂ්ඨ යයි දකිනු ලැබීමට විනා සත්‍යය වශයෙන් දෙවියන්වහන්සේට කථා කිරීම නොවන බවය. යාච්ඤාව පිළිබද මෙම ප්‍රකාශනයේ අර්ථාන්විතය වූයේ දෝෂ්‍යනිශ්චය කිරීම සහ කිතුණුවන්ට උපදේශ සහිත විම නමුත් එහි අර්ථය සෑම යාච්ඤාවක්ම රහසිගත විය යුතු බව නොවේ.

ප්‍රසිද්ධියේ කරන්නාවූ යාච්ඤාව දෙවියන්වහන්සේ ගෞරවය ගෙන දෙන්නාවූත් පරාර්ථකාමී වූත් දෙවියන්වහන්සේට සත්‍යය වශයෙන්ම කථා කිරීමට ඇති අභිප්‍රාය මත රදා පැවතිය යුතු මිස මනුෂ්‍යයන්ට කථා කිරීම නොවේ. මෙම මූලධර්ම උල්ලංඝනය නොකොට අපට ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීමට හැකි නම් ප්‍රසිද්ධියේ කරන්නාවූ යාච්ඤාව අපට සඵල කර ගත හැකිවේ. කෙසේ නමුත් අපගේ හෘද සාක්ෂ්‍යය එය ප්‍රතිශේධ කරයි නම් රහසින් පුද කරනු ලබන යාච්ඤාවන් ඵලදායි වීමේ අඩුවක් නොමැත.

English


නැවතත් සිංහල මුල් පිටුවට
ප්‍රසිද්ධියේ කරන්නාවූ යාච්ඤාව දේව වචනයට අනුකූලද? ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීම සුදුසුද?