settings icon
share icon
ප්‍රශ්නය

ගැලවීම සඳහා ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරිම අවශ්‍යද (රෝම 10: 9-10)?

පිළිතුර


රෝම 10:9-10 බොහෝ යහපත් ක්‍රිස්තියානීන් විසින් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරා යමෙකු ගෙන ඒමේ උත්සාහයක් ලෙස භාවිතා කරයි. "යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේ" බව ඔබේ මුඛයෙන් ප්‍රකාශ කර දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් උත්ථාන කළ බව ඔබේ හදවතේ විශ්වාස කළ හොත් ඔබ ගැළවෙනු ඇත. මක්නිසාද ඔබේ හදවත තුලින් ඔබ විශ්වාස කිරිම තුලයි ධර්මිෂ්ධ කරනු ලබන්නේ. ඔබ ප්‍රකාශ කිරිම තුල ගැළවීම ලබන්නේ ඔබේ මුඛයෙන්ය."

මෙම ඡේදය අප ගැලවීම ලැබෙන්නේ ඇසෙන ඇදහිල්ලේ වෘත්තියක් මගින් නොවන බව තේරුම් ගත යුතුයි. ගැළවීම ලබන්නේ ඇදහිල්ලේ ත්‍යාගය තුළින් ලැබෙන කරුණාවෙන් බව අපි දනිමු (එපීස 2:8-9), අප කථා කරන වචන වලින් නොවේ. එමනිසා, රෝම 10 නිවැරදිව තේරුම් ගැනීමට නම්, සියලු ශුද්ධ ලියවිල්ලෙහි මෙන්ම, සන්දර්භයද ඉතා වැදගත්වේ.

රෝම පොත ලියන අවස්ථාවේදී, පුද්ගලයෙකුට ක්‍රිස්තුස්වහන්සේව පිළිගෙන උන්වහන්සේව ස්වාමින්වහන්සේ ලෙස ප්‍රකාශ කිරීම සාමාන්‍යයෙන් පීඩා සහ අවසානයේ මරණයට පවා හේතුවිය. එකල, ක්‍රිස්තුස් වහන්සේව වැලඳගෙන උන්වහන්සේව ස්වාමීන් ලෙස පිළිගැනීම, පීඩා අනිවාර්යයෙන්ම පැමිණෙන බව දැන සිටීම සැබෑ ගැලවීම හා ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාව පිළිබඳ ඇඟවීමකි. කෙනෙකුගේ ජීවිතය අනතුරේ පවතිනවිට ඇදහිල්ල පිළිබඳ බාහිර වෘත්තීන් දුර්ලභ වන අතර මුල් සභාවට වඩා වැඩි නොවේ. "ඔබ ගැළවෙනු ඇත" යන වාක්‍යයෙන් අදහස් කරන්නේ ඇදහිල්ල පොදුවේ ප්‍රකාශ කිරිම තුලින් ගැලවීම සඳහා කොන්දේසියක් හෙළිකිරීම නොව, මරණයට මුහුණ දෙන කිසිවෙකු ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින්වහන්සේ ලෙස ප්‍රකාශ කරන්නේ ඔහු හෝ ඇය ගැළවුණේ නම් පමණි.

රෝම 10:10 හි අපට මෙසේ කියවීමට තිබේ " මක්නිසාද මනුෂ්‍යයා ධර්මිශ්ධකම පිනිස සිතින් අදහා ගන්නේය; ගැලවිම පිනිස මුඛයෙන් කියා දෙන්නේය. ග්‍රීක් භාෂාවෙන් මෙහී අර්ථය හදවතින් පැමිණිදේ මුඛයෙන් "ස්ථිර කිරිම" තුල ස්තුතිවන්ත වීමවේ. රෝම 10:13 පවසනවා, "යමෙක් ස්වාමීන්වහන්සේගේ නාමයට අයැදින තැනැත්තා ගැළවෙන්නේය." කෙසේ වෙතත්, 14 වන පදයෙහි සඳහන් වන්නේ, සමිඳාණන්වහන්සේගේ නාමයට අයැදිම දැනටමත් මුදවාගෙන ඇති අයගේ වරප්‍රසාදය බවයි: "එසේ නම්, කෙසේද ඔවුන් විශ්වාස නොකරන කෙනාට අය දිනුයේ ? 12 වන පදයෙහි, "මක්නිසාද යුදෙව්වන් හා ග්‍රීක ජාතිකයන් අතර වෙනසක් නැත. මක්නිසාද එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ගේ ස්වාමීන් වන අතර උන්වහන්සේගෙන් අයැදින සියල්ලන්ටම ආශීර්වාද කරයි." පැහැදිලිවම, 14 වන පදය අනුව "කැඳවන" අය දැනටමත් "විශ්වාස කරන" බැවින් "තමාගෙන් අයැදින සියල්ලන්ටම ආශීර්වාද කරයි"

නිගමනය කිරීම සඳහා, රෝම 10:9-10 යනු ගැළවීම සඳහා පූර්ව අවශ්‍යතාවක් ලෙස පොදුවේ ප්‍රකාශ කිරිමක් ගොඩ නගන්නේ නැත. ඒ වෙනුවට, යමෙකු ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා පසුව ස්වාමින්වහන්සේ ලෙස ප්‍රකාශ කර, පීඩා පැමිණෙන බව නිසැකවම දැන ගත්විට, එම පුද්ගලයා අව්‍යාජ ගැලවීම පිළිබඳ සාක්ෂි ලබා දෙන්නේය. ගැලවීම ලැබූ අය ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ ලෙස පිළිගන්නේ උන්වහන්සේ දැනටමත් ඔවුන්ගේ හදවත් තුළ ඇදහිල්ල ඇති කර ඇති බැවිනි. බව්තීස්මය හා සියලු යහපත් ක්‍රියා මෙන්ම, පොදුවේ ප්‍රකාශකිරිම ගැලවීමේ මාධ්‍යයක් නොවේ; එය ගැලවීමේ සාක්ෂියයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගැලවීම සඳහා ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරිම අවශ්‍යද (රෝම 10: 9-10)?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries