settings icon
share icon
ප්‍රශ්නය

වේශ්‍යාකම පිලිබදව බයිබලය අපට පෙන්වා දෙන්නේ කුමක්ද? වෙසගනකට දෙවියන්වහන්සේ කමාව දෙන සේක්ද?

පිළිතුර


වේශ්‍යාකම පැරණිම වෘතිය ලෙස බොහෝ විට හදුන්වනු ලැබේ. ඇත්ත වශයෙන්ම එය බයිබලීය කාලයේදි පවා හැමවිටම ස්ත්‍රීන්ට පොදුවේ මුදල් ඉපැයීමේ මාගීයක් විය. වේශ්‍යාකම අනාධ්‍යාත්දමික බව බයිබලයේ අපට පෙන්වා දේ. හිතෝපදේශ 23:27–28 හි සදහන් වන පරිදි වෙසගන ගැඹුරු වලකි. සලෙලූලිය පටු ලිදකි.මොවුහු හොරුන් මෙන් සැගවී බලා සිටිති. බොහෝ දෙනා පරදාර සේවනයට පෙළඹවති.

වෙසගන සමග සම්බන්ධතාවයන් තබා ගැනීම දෙවියන්වහන්සේ තහනම් කර ඇත්තේ එවැනි ක්‍රියාවන් පුරුෂයන් සහ සහ ස්ත්‍රීන් යන දෙපාර්ශවයටම හානිදායක බව උන්වහන්සේ දන්නා බැවිනි. වෙසගනගේ දෙතොලින් මී පැණි වෑහෙයි. ඇගේ තෙපුල් ඔලිව තෙලට වඩා සුමුදුයි එහෙත් ඒවා අවසානයේදී දිවි කදුරු මෙන් තිත්ත වනු ඇත. දෙපිට කැපෙන කඩු පතක් මෙන් තියුණු වනු ඇත. ඇගේ දෙපා මරණය බලා යයි. ඇගේ පියවර පාතාල ලෝකයට යයි (හිතෝපදේශ 5:3–5 ). වේශ්‍යාකම විනාශ කරනුයේ විවාහ ජිවිතය, පවුල, සහ ජිවිත පමණක් නොව, කායික සහ ආත්මික මරණය ගෙන දෙන පරිදි ආත්මය සහ ප්‍රාණය විනාශ කරන්නේය. දෙවියන්වහන්සේගේ අභිප්‍රාය වනුයේ අප ශුද්ධව වාසය කරමින් උන්වහන්සේගේ සේවයට සහ මහිමය සදහා අපගේ ශරීරයන් ආයුධ ලෙස පාවිච්චි කිරීමය. (රෝම 6:13). 1 කොරින්ති 6:13 හි සදහන් පරිදි ශරීරයන් ආනාචාරය පිණිස නොවේ. එය ස්වාමින්වහන්සේ උදෙසාය.

වේශ්‍යාකම පාපයක් වුවද, වෙසගනන් දෙවියන්වහන්සේගේ සමාව ලැබීමෙන් තොරවු අය නොවේ. වෙසගනක් වු රාහබ්ව දෙවියන්වහන්සේ තමන් වහන්සේගේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සදහා උපයෝගි කරගත් බව බයිබලයේ සදහන් වේ. ඇයගේ කීකරුකම නිසා ඇය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් සියඵදෙනාම ඇගයීමට ලක්ව ආශිර්වාදය කරනු ලැබුවෝය. (යොෂුවා 2:1), 6:17–25) ලිංගික ක්‍රියාවල යෙදිම නිසා පාපිෂ්ඨ කෙනෙක් ලෙස සලකනු ලැබු ස්ත්‍රියක්, යේසුස් වහන්සේ මුණගැසු පසුව කමාව ලබා පාපයන් සෝදා හැරීම ලබා, යේසුස්වහන්සේ පරිසිවරයකුගේ නිවසට පැමිණ විටකදි උන්වහන්සේ උපස්ථාන කීරිමට අවස්ථාවක් ලබාගත් බව නව ගිවිසුමේ සදහන් වේ. එම ස්ත්‍රිය යේසුස්වහන්සේ කවුරුන්ද කියා හදුනාගත් විට, වටිනා සුවද විලවුන් බදුනක් උන්වහන්සේ වෙතට ගෙනාවාය. ඇය මනස්ථාපිතව සහ පසුතැවිලිවී හඩමින්, එම සුවද විලවුන් උන්වහන්සේගේ පාදවල තවරා ඇයගේ හිසකෙස් වලින් පිසදැමුවාය. යේසුස් වහන්සේ මෙම අශිලාචාර ස්ත්‍රියගේ ක්‍රියාව අනුමත කිරිම ගැන පරිසිවරු විවේචනය කල විට, උන්වහන්සේ ඔවුන්ව ප්‍රතික්ෂේප කොට ඇයගේ සියඵම පාප වලට කමාව ලබාදී ඇයව තමන් වහන්සේගේ රාජ්‍යයට පිලිගත් සේක (ලූක් 7:26–50).

තමන්වහන්සේ ගැන සත්‍යතාවය පිලිගැනීමට අකමැති අයට කථාකරන විට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ වදාල සේක. සැබවින්ම මම නුඹලාට කියමි. අයකැමියෙත්, වෙසගනෝත් ඔබට පළමුවෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යට පැමිණෙති, මන්ද, යොහාන් ධර්මිෂ්ඨ මාර්ගය පෙන්වන පිණිස ඔබ වෙත ආවේය. ඔබ ඔහු විශ්වාස කලේ නැත. එහෙත් අයකැමියොත්, වෙසගානෝත් ඔහු විශ්වාස කලෝය. ඔබ එය දැක ඉන්පසුව වත් ඔහු කෙරෙහි විශ්වාසය කරන පිණිස මනස්තාපනය නොවුවහුය (මතෙව් 21:31–32).

අනෙකුත් අය මෙන්, වෙසගනන් හටත්, ගැලවීම ලබා දෙවියන්වහන්සේගෙන් සදාතන ජිවනය ලබා ගැනීමටත්, ඔවුන්ගේ සියඵම අධර්මිෂ්ඨ ක්‍රියාවලින් මිදිම ලබා ගැනීමටත් ඔවුන්ගේ සියඵ අධර්මිෂ්ඨ ක්‍රියාවලින් මිදීම ලබා නව ජිවනයක් ලැබීමටත් හැකියාව ඇත. ඔවුන් කල යුත්තේ ඔවුන්ගේ පාපිෂ්ඨ ජීවිත රටාවන් අත්හැර දමා සීමාරහිත කරුණාව සහ දයාව සහිත ජීවමාන දෙවියන්වහන්සේ වෙතට හැරී ඒමය. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටී නම් එතැන ඇත්තේ නව මැවිල්ලකි පැරණී දේ පහව ගොස් ඇත. දැන් සියල්ලම අඵත් වී තිබේ (2 කොරින්ති 5:17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

වේශ්‍යාකම පිලිබදව බයිබලය අපට පෙන්වා දෙන්නේ කුමක්ද? වෙසගනකට දෙවියන්වහන්සේ කමාව දෙන සේක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries