settings icon
share icon
ප්‍රශ්නය

ශාන්තිකර පූජාව නම් කුමක්ද?

පිළිතුර


ශාන්තිකර පූජාව කිරීම යන වචනය විශේෂයෙන්ම දෙවියන්වහන්සේ කෙරෙහි සංසිඳු වීමක් හෝ සෑහීමට පත් කිරීමක් පිළිබදව මූලික අදහසක් දරයිග ශාන්තිකර පූජාව වනාහී කොටස් දෙකක ක්‍රියාවක් වන අතර එය අමනාප වූ පුද්ගලයෙකුගේ කෝපය සංසිඳු වීම සහ ඔහු සමග සමාදාන විම ඇතුළත්වේ.

දෙවියන්ව සංසිඳුවීමේ අවශ්‍යතාවය වූ කලී බොහෝ ආගම් වලට පොදු වූ දෙයකි. පුරාණ මිථ්‍යදෘෂ්ඨික ආගම් වල මෙන්ම වර්තමාන ආගම් වලද උගන්වනු ලබන අදහස නම් මිනිසා දෙවියන්වහන්සේව සංසිඳුවනු ලබන්නේ බොහෝ ත්‍යාගයන් මෙන්ම පූජාද ඔප්පු කිරීම තුළින් බවය. කෙසේ නමුත් දේව වචනය තුළින් උගන්වනු ලබන්නේ දෙවියන්වහන්සේ තමන් විසින්ම උන්වහන්සේගේ උදහස සංසිඳු විය හැකි මෙන්ම පාපිෂ්ඨ මනුෂ්‍යයා උන්වහන්සේ හා සමග සමගි වීමට ඇති එකම මාර්ගය සපයා දී ඇති බවය. නව ගිවිසුමෙහි සෑම විටම ශාන්තිකර පූජාව යොමු දක්වන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාව විනා මනුෂ්‍යයා විසින් කරනු ලබන පූජාවන් හෝ ත්‍යාගයන් නොවේ. එයට හේතුව නම් සදාකාලිකවම නිරයේ ගත කිරීම හැරුණු කොට දෙවියන්වහන්සේගේ යුකුතිය තෘප්තිමත් කිරීමට මනුෂ්‍යයාට මුළුමනින්ම නොහැකි වීමය. දෙවියන්වහන්සේගේ ශුද්ධ උදහස සංසිඳුවීමට හෝ උන්වහන්සේගේ පරිපූර්ණ යුක්තිය සෑහීමට පත් කිරීමට හෝ මනුෂ්‍යයාට කළ හැකි සේවාවක්, පූජාවක් හෝ ත්‍යාගයක් නොමැත. දෙවියන්වහන්සේට පිළිගත හැකි මෙන්ම මනුෂ්‍යයා උන්වහන්සේ හා සමග සමගි කළ හැකි එකම සෑහීම හෝ ශාන්තිකර පූජාවදෙවියන්වහන්සේ විසින් කළ යුතුව තිබිණි. මේ හේතුව කරණකොටගෙන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මනුෂ්‍යය ආකාරයකින් මේ ලොව තුළට පැමිණියේ පාපය උදෙසා පරිපූර්ණ පූජාවක් වීම මෙන්ම සමගි කිරීමක් කිරීමට හෝ "සෙනගගේ පව් උදෙසා ශාන්ති පූජාවක් ඔප්පු කිරීමට" ය :හෙබ්‍රව් 2:17).

ශාන්තිකර පූජාව යන වචනය බොහෝ පදයන්හී භාවිතා වන්නේ යේසුස් වහන්සේගේ කුරුසිය මත මරණය කරණකොටගෙන උන්වහන්සේ විසින් ඉෂ්ට සම්පූර්ණ කළ දේ පැහැදිලි කරනු වස්ය. නිදසුනක් ලෙස රෝම 3:24–25 හී ඇදහිලිවන්තයින් "උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨ කරනු ලබන්නෝ වෙති. ඇදහීම කරණකොටගෙන උන්වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන්වහන්සේ නියම කළ සේක. කුමකටද? දෙවියන් වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා පසුගිය පව ගණන් නොගෙන හැරීම කරණකොටගෙන තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය." මෙම පද රෝම පෙතෙහි පාවුළුගේ තර්කයේ ප්‍රධාන කරුණක් වන අතර එය සත්‍යය වශයෙන්ම සුභාරංචි පණිවුඩයේ හදවත වී තිබේ.

රෝම පොතේ පළමුවන පරිච්ඡේද තුනෙහි පාවුළු තර්ක කරනු ලබන්නේ යුදෙව්වා සහ අන්‍යජාතිකයා එකාකරවම දෙවියන්වහන්සේගේ දෝෂාරෝපණය යටතේ සිටින මෙන්ම උන්වහන්සේගේ උදසහ කෙරෙහිද සුදුසුකම් ලබති (රෝම 1:18). සියල්ලන්ම පව් කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති (රෝම 3:23). අප සියල්ලන්ම උන්වහන්සේගේ උදහස සහ දඩුවම කෙරෙහි සුදුස්සන් වන්නෙමු. දෙවියන්වහන්සේගේ අසීමිත කරුණාවෙන් සහ දයාවෙන් උන්වහන්සේගේ උදහස සමනය කළ හැකි මාර්ගයක් සපයා ඇති අතර අපට උන්වහන්සේ සමග සමගි විය හැකිය. ඒ මාර්ගය නම් උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පූජනීය මරණය තුළින් පාප වලට වන්දිය ගෙවීම වේ. අපට දෙවියන්වහන්සේ හා සමග සමගි විය හැක්කේ දෙවියන්වහන්සේගේ පරිපූර්ණ පූජාවක් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙනවේ. මුළාවූ මෙන්ම නිරයට සුදුස්සෙකු වූ පව්කාරයෙකුට ශුද්ධ දෙවියන්වහන්සේ හා සමග සමගි විය හැක්කේ ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ මරණය හා තුන්වන දින උන්වහන්සේගේ උත්ථානය නිසා පමණකිග සුභාරංචියේ ආශ්චර්‍යමත් සත්‍යය නම් කිතුණුවන් දෙවියන්වහන්සේගේ උදහසින් ගැළවීම සහ දෙවියන්වහන්සේ හා සමග සමගි වීම නිසා නොවන අතර "එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේම කළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට අපේ පවි උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය" (1 යොහාන් 4:10).

යේසුස්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ "මාර්ගයද සත්‍ය්‍යද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත" (යොහාන් 14:6). පාපිෂ්ඨ මනුෂ්‍යයාට එරෙහිව දෙවියන්වහන්සේගේ උදහස සංසිඳුවීමට සහ දෙවියන්වහන්සේ සමග අප සමගි වීමට ඇති එකම මාර්ගය නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේයග වෙනත් කිසිඳු මාර්ගයක් නොමැත. මෙම සත්‍යය 1 යොහාන් 2:2 හීද සන්නිවේදනය කොට ඇත. "උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවයත අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය." ක්‍රිස්තුස්වහන්සේගේ ගැළවීමේ කාර්‍යයයේ වැදගත් අංගයක් වනුයේ දෙවියන්වහන්සේගේ උදහසින් මිදීමවේ; දෙවියන් වහන්සේගේ දිව්‍යමය වශයෙන් පාපය කෙරෙහි ඇති ද්‍යේෂාරෝපණය ඉවත ලා හැක්කේ යේසුස්වහන්සේගේ කුරුසිය මතවූ ශාන්තිකර පූජාව තුළින් පමණි. ක්‍රිස්තුස්වහන්සේව තමන්ගේ ගැළවුම්කරුවාණන් ලෙස නිශ්ප්‍රභා කරන මෙන්ම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරන අයවලූන් ගැළවීම පිළිබදව කිසිඳු බලාපොරොත්තුවක් නොමැත. ඔවුනට බලාපොරොත්තු විය හැක්කේ එළඹෙන විනිශ්චය දවස සදහා ඔවුන් ගබඩා කර ඇති දෙවියන් වහන්සේගේ උදහසට මුහුණ දීම පමණි (රෝම 2:5). ඔවුන්ගේ පාපය වෙනුවෙන් කළ හැකි වෙනත් ශාන්තිකර පූපාවක් හෝ කැප කිරීමක් නොමැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශාන්තිකර පූජාව නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries