settings icon
share icon
ප්‍රශ්නය

නූතන සභාවේ අනාගතවක්තෘවරුන් වෙත්ද?

පිළිතුර


අනාගතවාක්‍ය පැවසීමේ දීමනාව තාවකාලික දීමනාවක් ලෙස දෙවියන් වහන්සේ දෙනු ලැබුවේ සභාව ස්ථාපනය කිරිම සඳහාය. ප්‍රොපේතවරුන් සභාවේ අත්තිවාරම විය (එපීස 2:20). මුල් ඇදහිලිවතුන්ට ප්‍රොපේතවරුන් දෙවියන් වහන්සේගේ පණිවිඩය ප්‍රකාශ කළෝය. සමහර අවස්ථාවලදී ප්‍රොපේතවරයාගේ පණිවිඩය එළිදරව්වක්වූ අතර එය (දෙවියන් වහන්සේ ගෙන් නව එළිදරව්වක් හා සත්‍යතාවයක්) විය. සමහර අවස්ථාවල ප්‍රොපේතවරයාගේ පණිවිඩය පුරෝකථ්‍යයක් විය (ක්‍රියා11:28, සහ 21:10 බලන්න). මුල් කිතුණුවන්ට සම්පූර්ණ බයිබලය තිබූණේ නැති අතර සමහර අළුත් ගිවිසුමෙහි පොත් වලට පිවිසෙන්නටද නොහැකි විය. අළුත් ගිවිසුමෙහි ප්‍රෙපේතවරුන් සිදු කරණු ලැබුයේ එසේ පිවිසෙන්නට නොහැකි අයට දෙවියන් වහන්සේගේ පණිවිඩය රැගෙන යමින් "හිඩස පිරවූයෝය." අළුත් ගිවිසුමෙහි අවසාන පොත පළවෙනි ශත වර්ෂයෙහි අවසාන භාගයවන විටත් සම්පූර්ණවී තිබූණේ නැති බැවින් දෙවියන් වහන්සේගේ වචනය මනුෂ්‍යයා ප්‍රකාශ කරණ පිණිස ප්‍රොපේතවරුන් දෙවියන් වහන්සේ විසින් එවන ලදී.

වර්තමානයේ සැබෑ ප්‍රොපේතවරුන් සිටීද? ප්‍රොපේතවරයෙකු ගේ අභිප්‍රාය වූයේ දෙවියන් වහන්සේගේ සත්‍යයතාවය එළිදරව් කිරීම නම්, දෙවියන් වහන්සේගේ සම්පුර්ණ එළිදරව් වචන බයිබලය අපට තිබියදී තව දුරටත් වර්තමානයේ ප්‍රොපේතවරුන් කුමකටද? මුල් සභාවේ "අත්තිවාරම" වූයේ ප්‍රොපේතවරු නම් තවමත් අපි "අත්තිවාරම" ගොඩ නඟමින් සිටින්නේද? යම් කෙනෙකුට පණිවිඩයක් භාර දීම සඳහා තවත් කෙනෙකුට පැවරීම දෙවියන් වහන්සේට කළ හැකිද? සම්පූර්ණයෙන්ම හැකිය. දෙවියන් වහන්සේ යම් කෙනෙකුට අධිස්වභාවික ආකාරයකින් පණිවිඩයක්දී තවත් කෙනෙකුට පැවරීම සඳහා බලය පැවරිය හැකිද? අනිවාර්යයෙන්ම හැකිය, නමුත් මෙය බයිබලීය දීමනා වවන අනාගතවාක්‍ය පැවැසීමේ දීමනාවද? නැත.

දෙවියන් වහන්සේ වෙනුවෙන් යම් පුද්ගලයෙක් කතා කරණ බවට ප්‍රකාශ කරන්නේ නම් (අනාගතවාක්‍යයේ සාරය), ප්‍රධාන දෙය නම් ඇය හෝ ඔහු ප්‍රකාශ කරන දෙය බයිබලය හා සසඳා බැලීමය. වර්තමානයේ දෙවියන් වහන්සේ යම් පුද්ගලයෙක් හරහා කතා කරන්නේ නම්, පණිවිඩය සම්පූර්ණයෙන්ම දැනටමත් දෙවියන් වහන්සේ බයිබලයේ පවසා ඇති දෙය හා එකඟ විය යුතුය. දෙවියන් වහන්සේ තමන්ම පැවසූ දෙයකට විරුද්ධවයන්නේ නැත. 1 යොහාන් 4:1 හි අපට උපදෙස් දෙනු ලබන්නේ "ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින්, සියලු ආත්ම විශ්වාස නොකොට, ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන් දැයි පරීක්‍ෂා කරන්න. 1 තෙසලෝනික 5:20-21 හි ප්‍රකාශකරනු ලබන්නේ "අනාගතවාක්‍ය කීම” සුළුකොට නොසිතන්න. සියල්ල සෝදිසි කර බලා යහපත්දේ තදින් අල්ලා ගන්න". එබැවින් "දෙවියන් වහන්සේ ගෙන් වචනයක් නම්" එසේ නොමැතිව අනාගතවාක්‍යක් නම් අපගේ ප්‍රතිචාරය විය යුත්තේ ප්‍රකාශ කරන ලද දෙය හා දෙවියන් වහන්සේගේ වචනයේ පවසන්නේ කුමක්ද ලෙස සසදා බැලීමය. එය බයිබලයට විරුද්ධව යන්නේ නම් එය විසි කර දමන්න. එය බයිබලය හා එකඟ වන්නේ නම්, එය අදාළ කරගත යුත්තේ කෙසේදැයි දැන ගැනීම සඳහා ඥානය හා සියුම් අවබෝධය උදෙසා යාච්ඤා කරන්න (2 තිමොති 3:16-17, යාකොබ් 1:5).



English



නැවතත් සිංහල මුල් පිටුවට

නූතන සභාවේ අනාගතවක්තෘවරුන් වෙත්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries