settings icon
share icon
ප්‍රශ්නය

දිවැසි බලයෙන් යාච්ඤා කිරීම යනු කුමක් ද?

පිළිතුර


යාච්ඤා කිරීමේ ක්‍රමවේදයන් තුල ඇති එක් පැතිකඩක් වන කිදා බැසගත් යාච්ඤාව මෙන්ම, දිවැසි බලයෙන් යාච්ඤා කිරීම හෝ දිවැසි බලැති මැදිහත්කාරකම වනාහි, ශුද්ධ ලියවිල්ලට අනුව පදනම් රහිත සහ බයිබලයට අනුකූල නොවන, යාච්ඤාවේ බලය සහ ප්‍රතිලාභ සොයන යාච්ඤා ක්‍රමයකි.

දිවැසි බලයෙන් යාච්ඤා කිරීම අනුගමනය කරන අය, තමන් දෙවියන් වහන්සේගේ වචනය එපරිද්දෙන්ම ලෝකයා හට ලබා දෙන්නේ යයි විශ්වාස කරති. මෙලෙස යාච්ඤා පවත්වන්නන්, තමාටම ආරූඪ කරගත් දිවැසි බව ක් ඇතිව, ඔවුන් ප්‍රකාශ කරන පණිවිඩය දෙවියන්වහන්සේගේ මහිමාසනයේ සිට ඍජුවම ඔවුන්ට නිකුත් කළ හැකි බව විශ්වාස කරමින්, ඔවුන් දෙවියන් වහන්සේගේ වචනය බෙදාහරින අය ලෙස නිරතවමින් සිටින බව පෙන්වති. නමුත් එලිදරව් 22:18 පදය අනුව දේව වචනය එලිදරව් වීම අවසාන වී ඇත. මෙයින් පෙන්වා දෙන්නේ වර්තමානයේ, දිවැසිවරුන් යයි කියාගන්නා අය මගින් අඵත් එලිදරව් වීම් නොකරන බවය. දෙවියන්වහන්සේ ස්වකීය වචන තුලින් අපට කථා කර ඇති බැවින් අපගේ කාර්යභාරය වනුයේ සදහටම සැදැහැවතුන්ට බාර දුන් ඇදහිල්ල ගැන සෑහීමකට පත් වීමය. (ජුද් 1:3) තවදුරටත් දෙවියන්වහන්සේගේ එලිදරව් වීම්, අප සෙවිය යුතු නැත.

දිවැසි බලයෙන් සිදුකරන යාච්ඤා සාමාන්‍යයෙන් විස්තර කර ඇත්තේ, දෙවියන්වහන්සේගේ දිවැසි බලැති අභිප්‍රාය මෙලොව දී සම්පූර්ණ වීමෙන් උන්වහන්සේගේ කැමැත්ත ඉටුවීම සදහා කරන්නා වූ අණදීමක් ලෙසය. දිවැසි බලයෙන් කරන යාච්ඤා මගින් දෙවියන්වහන්සේගේ විනිශ්චය මෙලොව සිදු වී දේවරාජ්‍යය පිහිටුවීම. සිදු වෙතැයි, සමහර නූතන සභාවන් මගින් ඉගැන්වේ. නමුත් මතෙව් 6 අනුව, යේසුස්වහන්සේ අපට උගන්වන්නේ, දෙවියන් වහන්සේගේ කැමත්තට යටත් වීමටය. උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට කිසිම විශේෂ හැකියාවක් අපට ඇති බවක් එමගින් අපට උගන්වන්නේ නැත. දෙවියන්වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක වන්නේ, උන්වහන්සේගේ වේලාව අනුව වන අතර එය අප හට අණාවරණය කර නැත. (මතෙව් 24:36, 25:13 මාර්ක් 13:32, ලූක් 12:37–47). දිවැසි බලය කරණකොට ගෙන උන් වහ්නසේගේ රාජ්‍ය පිහිටු වීමට ඉල්ලීම අවිචාරවත් වන අතර, එය උන් වහන්සේට කරන නිග්‍රහයක් ලෙස සැලකීමට ඉඩ ඇත. උන්වහන්සේගේ කැමැත්ත ඉටුකරනුයේ ස්වමීන්වහන්සේමය. මා කියා ඇති දේ, මා යෝජනා කළ දේ එසේම සිදු වන්නේය. (යෙසායා 46:11).

දෙවියන්වහන්සේගේ අනුමැතිය ඇතිව දේවතත්වයේ එලිදරව්වන් සම්බන්ධව ප්‍රකාශ කිරීමට හැකි නූතන දිවැසිවරුන් , මෙන්ම දෙවියන්වහන්සේගේ ප්‍රකාශකයන් ලෙස පෙනී සිටින මනුෂ්‍යයන් ද සිටින බව ද දිවැසි බලයෙන් කරන යාච්ඤා මගින් පෙන්නුම් කරයි. යම් කෙනෙකු දිවැසි බලයෙන් යාච්ඤා කිරීමේ යෙදීමෙන්, ඒ තැනැත්තා ඉල්ලනුයේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටුකර දීම ගැන නොව, ඔහුගේ ඉල්ලීම් ඉටුකර දීමට දෙවියන්වහ්නසේට අණ කිරීමය. එමෙන්ම එලියා යාච්ඤා කළ විට වර්ෂාව ලැබුනාක් මෙන්, ඔවුන්ගේ යාච්ඤා ඉල්ලීම් වලටද දෙවියන්වහන්සේ අවනත විය යුතු බව ඔවුන් විශ්වාස කරති.

දිවැසි බලයෙන් යාච්ඤා කරන අය, යේසුස්වහන්සේගේ ආදර්ශ යාච්ඤාවේ ස!දහන් වචන වන zzඔබගේ රාජ්‍යය පැමිණෙත්වා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි දී මෙන් zzපොලොවෙහි ද ඉටුවේවා (මතෙව් 6ඃ7) යන්න පෙරදැරිකොට ගෙන ඔවුන්ගේ ඉගැන්වීම් සිදු කරති. ඔවුන් පවසන්නේ මෙම වදන් මගින් අපට උගන්වනුයේ දෙවියන්වහන්සේගේ කැමැත්ත, අවට ලෝකය තුල සිදු විය යුතු බව අප තරයේ ඉල්ලා සිටිය යුතු බවය. නූතන දිවැසිවරුන් දෙවියන්වහන්සේගේ වචනය පොලෝවැසියන්ට සහ අවට පරිසරයට බෙදා හරින කළ, ඔවුන් විශ්වාස කරන්නේ, තමන් එම!ගින් තමා අවට පරිසරය දෙවියන්වහන්සේගේ අණසකට සරිලන ලෙස වෙනස් කොට, දෙවියන්වහන්සේගේ අභිමතය ස!දහා මාර්ගය පාදාදෙන බවය. දිවැසි බලයෙන් යාච්ඤා කරන්නෙකු විශ්වාස කරන්නේ, අනාගතයේ සිදුවීමට තිබෙන දේ තමන් දිවැසින් ප්‍රකාශ කරන බව පමණක් නොව, තමන් ප්‍රකාශ කරන එම සිද්ධීන් සැබවින්ම තමන් නිර්මාණ කරන බවත්යග දිවැසි බලයෙන් යාච්ඤා කිරීම යනු, එම කාරණාව ස!දහා ඔවුන්ගේම පිලිතුරු එලිදැක්වීම බව අපගේ විශ්වාසය වේ. නමුත්, බයිබලය අනුව ප්‍රකාශ වන්නේ, තමන්වහන්සේ ක්‍රියාත්මක වන්නේ කෙදිනක දීද, කොතැනක දීද, සහ කුමන ආකාරයකින් ද යන්න තීරණය කරනුයේ දෙවියන්වහන්සේ පමණක්ම බවය. අප යාච්ඤා කළ යුත්තේ, අපගේ කැමැත්ත අනුව නොව, උන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්ත සහ වේලාව අනුව ක්‍රියාත්මක වන ලෙසටය.

දිවැසි බලයෙන් යාච්ඤා කරන අය විශ්වාස කරන තවත් කරුණක් නම්, අන් අයගේ යාච්ඤා ස!දහා පිලිතුරු ලබා දීම පිණිස දෙවියන්වහන්සේ ඔවුන්ව උපයෝගි කර ගන්නා බවත්, යම් කෙනෙක් තමාගේ යාච්ඤාවලට පිලිතුරු සොයන විට දෙවියන්වහන්සේ යම් දිවැසිවරයෙකුට, දිවැසි බලයෙන් යාච්ඤාකොට එම තැනැත්තාගේ යාච්ඤා ඉල්ලීම් ඉටුකර දීමට ඔහුව පොළඹවන බවත්ය. මෙලොව සිටින කිසිම දිවැැසිවරයෙකු මත යැපීම, අපගේ යාච්ඤාවලට පිලිතුරු ලැබීමට හේතුවක් නොවන බව බයිබලය අපට උගන්වයි. දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර ඇත්තේ එකම මැදිහත්කරුවකු පමණය. ඒ තැනැත්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. (1 තිමොති 2ඃ5) දිවැසි බලයෙන් යාච්ඤා කිරීම බයිබලයට අනුකූල ද? එසේ නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දිවැසි බලයෙන් යාච්ඤා කිරීම යනු කුමක් ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries