settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ පිළිබද යම්කිසි නිරුත්තර සාක්ෂ්‍යයක් තිබේද?

පිළිතුර


මෙම ප්‍රශ්නයට පිළිතුර විශාල වශයෙන් රදා පවතින්නේ නිරුත්තර සාක්ෂ්‍යයන් යනු කුමක්ද යන්න මතය. අප විසින් මනුෂ්‍යයන්ව ස්පර්ශ කරන හෝ දකින ආකාරයෙන් දෙවියන්වහන්සේ වෙතට ළගාවී අපට උන්වහන්සේව ස්පර්ශ කළ හෝ දැකිය හැකිවේද? නැත. එනමුත් දෙවියන්වහන්සේගේ පැවැත්ම සහ උන්වහන්සේ සැබෑ බවත් තමන්වහන්සේ කව්රුන්ද යන්න උන්වහන්සේ පවසන දේ පිළිබද ස්ථිරව දැන ගත හැකි ආකාරයන් අසංඛ්‍ය ප්‍රමාණයක් ඇත ගව්ද්‍යාව සහ දේව වචනය යන දෙකම භාවිතා කිරීමෙන් උන්වහවන්සේගේ පැවැත්ම සනාථ කිරීමට මාර්ග 3 ක් අපි කෙටියෙන් සලකා බලමු.

1. හේතුව සහ බලපෑම පිළිබදව න්‍යාය – විද්‍යාව පිළිබදව න්‍යාය ප්‍රකාශ කරනු ලබන්නේ සෑම හේතුවකටම බලපෑමක් ඇති බවත් සෑම බලපෑමකටම හේතුවක් ඇති බවත්ය. මෙම නීතිය සියලූ විද්‍යාවන්හී පදනම වේ. ඒ කරණාකොටගෙනම මෙම නීතිය ස්වර්ගයන්හී සහ පොළොවෙහි මූලා‍භයට ඇති සම්බන්ධතාවයක් දරයි. සත්‍යය වශයෙන්ම කිවහොත් විශ්වය සදහටම පැවතී නොමැති බවත් යම් අවස්ථාවකදී එයට ආරම්භයක් තිබී ඇති බවත් විද්‍යාඥයින් එකගවේ.

විද්‍යාඥයින් අතර බොහෝ දුරට සමස්ත ලෙස පිළිගැනීමක් ඇති සාපේක්ෂතාවාද න්‍යාය හේතුව සහ බලපෑම පිළිබදව න්‍යාය කෙරෙහි යම් යම් ඇගවීම් කරනු ලබයි. එක් හේතුවක් නම් කාලය, අවකාශය, කාරණය සහ භෞතික ශක්තිය ලෙස අර්ථ දක්වා ඇති විශ්වයට ආරම්භයක් තිබූ බවත් එය සදාකාලික නොවන බවත්ය. විශ්වයේ මූලාරම්භය තෙක් එනම් එය "විශිෂ්ඨ සිදුවීමක්" ලෙස බිහිවීම අනුරේඛනය කිරීමට විද්‍යාඥයින්ට හැකි වී ඇත්තේ අයින්ස්ටයින්ගේ සමීකරණය තුළිනි. විශ්වයට සැබවින්ම ආරම්භයක් තිබූ බවට විද්‍යාව සනාථ කොට ඇතග මෙහි අර්ථය නම් විශ්වයට ඉතිහාසයේ ආරම්භක ලක්ෂ්‍යයක් තිබූ බවත් ඒ කරණකොටගෙන එය ප්‍රත්‍යක්ෂය වශයෙන්ම පැවතීම ආරම්භවූ බවත් එහි පැවැත්මට හේතුවක් තිබිය යුතු බවත්ය.

එසේ හෙයින් විශ්වය ආරම්භය වීමට හේතුවක් අවශ්‍යය නම් එම හේතුව විශ්වය ඉක්මවා තිබිය යුතුය, එනම් කාලය, අවකාශය, කාරණය සහ භෞතික ශක්තිය වේ. එම හේතුව කිතුණුවන් "දෙවියන්වහන්සේ" ලෙස හඳුන්වන පුද්ගලයා හා සමාන විය යුතුය. අපගේ කාලයේ අදේවවාදය පිළිබදව පෙනෙන ආකාරයට වඩාත්ම කැපී පෙනෙන යෝජකයකු වූ රිචඩ් ඩෝවිකින් ටයිම්ස් මැගසීනයේ ලිපියක් මගින් පිළිගනු ලැබුවේ පුදුම සහගත මෙන්ම ආකූල සහ අපගේ වර්තමාන අවබෝධයෙන් ඔබ්බට ඇති යමක් තිබිය හැක. එසේය එනම් දෙවියන්වහන්සේය.

පහත සදහන් ප්‍රකාශයන් හා සමග මෙම අද්විතීය සාක්ෂ්‍යයන් ඉතා හොදින් සාරාංශගත කළ හැක:

(1) පැවැත්ම ආරම්භ වන කුමක් වුවද එහි පැවැත්මට හේතු කාරකයක් තිබිය යුතුය.

(2) විශ්වය පැවතීමට ආරම්භ විය.

(3) එසේ හෙයින් විශ්වයේ පැවැත්මට හේතු කාරකයක් තිබිය යුතුය.

(4) විශ්වයේ හේතු කාරකයන්ගේ ගුණාංග (කාලයක් නොමැති වීම, අවකාශයෙන් පිටත පැවතීම යනාදිය) දෙවියන්වහන්සේගේද ගුණාංගවේ.

(5) එසේ හෙයින් විශ්වයේ හේතු කාරකය නම් දෙවියන්වහන්සේ විය යුතුය (උත්පත්ති 1:1).

2. සාධ්‍යතාවාදය පිළිබද න්‍යාය – සාධ්‍යතාවාදය වූ කලී ස්වභාවික සංසිද්ධිවල නිර්මාණ හෝ අරමුණු අධ්‍යයනය කිරීමයි. විද්‍යාව පිළිබද න්‍යායෙන් ඉඳුරාම අර්ථවත් වන්නේ යම් කිසි වස්තුවක් තුළින් අරමුණ, ඉලක්කය හෝ නිර්මාණයක් පිළිබ්ඹු කරන කළ ඒ සදහා නිර්මාණ කරුවකු සිටිය යුතු විය. සරලවම ගතහොත් වස්තූන් ඒවාම නිර්මාණ කරගනු නොලබයි. විශවයේ බොහොදේ වලට මෙය සත්‍යය වන අතර එයට නිර්මාණ කරුවකු සිට ඇති බව සනාථවේ.

නිදසුනක් ලෙස සූර්‍යයා වටා පරිභ්‍රමණය වන පෘථිවිය සෘජු රේඛාවකින් නික්ම යන්නේ සෑම සැතපුම් 18 ටම අගලකින් නවයෙන් එකක ප්‍රමාණයකිනි – මානව භාෂිතයෙන් කිවහොත් ඉතාමත්ම සෘජු රේඛාවකි. සෑම සැතපුම් 18 දීම කක්ෂය අගලක දසයෙන් එකකින් වෙනස් කරනු ලැබුවහොත් එය අතීශයින් විශාල වනු ලබන මෙන්ම අප සියල්ලන්ම සීතලෙන් මිදී මරණයට පත් වනු ලබනු ඇත. මෙය අගලකින් අටෙන් එකක ප්‍රමාණයකින් වෙනස් වුවහොත් අප පිළිස්සී මිය යනු ඇත. සූර්‍යයා එහි අභ්‍යන්තරයේ සෙල්සියස් අංශක මිලියන 20 ක උෂ්ණත්වයකින් පමණ දැවෙනු ඇත. පෘථිවිය තවත් දුරටත් 10 පමණ දුරකට ගමන් කළේ නම් අප ඉතා ඉක්මනින් සීතලෙන් මිදී මරණයට පත් වනු ලබනු ඇත. තව දුරටත් 10 පමණ දුරකින් ළං වූයේ නම් අප අළු බවට පත් වනු ඇත. එවන් නියථාර්ථයක් "යෝග්‍ය ආකාරයට සිදුවූ බව" අප විසින් විශ්වාස කළ යුතුද? ඒ පිළිබදව සිතා බලන්න: සූර්‍යයා පෘථිවියේ සිට සැතපුම් මිලියන 93 ක් පමණ දුරින් අහසෙහි නිශ්චලව පැවතීම හුදෙක් නිවැරදිවේ. මෙය සිදුවූයේ අහම්බෙන්ද නැතහොත් සැළසුම් නිර්මාණයක් තුළින්ද? ගීතිකාකරු විසින් දෙවියන්වහන්සේ ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පියෙකු ලෙස සදහන් කිරීම පුදුමයට කරුණයක් නොවේ. "අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි; ගුවන් තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. ඔහුගේ නික්මයාම අහසේ කෙළවරෙන්වේ, වටේට යාමත් එහි කෙළවර දක්වා වේ" (ගීතාවලිය 19:1, 6).

3. සම්භාවිතාව සහ සම්පූර්ණ වූ අනාවැකි පිළිබදව න්‍යායන්. යේසුස්වහන්සේ සහ සභාව පිළිබදව සදහන් කරනු ලබන අනාගත වාක්‍යයන් 1093 ක් දේව වචනය තුළ අන්තර් වන අතර අනාගත වාක්‍යයන් සෑම එකෙකක්ම ඉෂ්ට විය. යේසුස්වහන්සේ කුරුසියේ ඇණ ගැණීමට අදාලවූ අනාවැකි 48 ක් පරණ ගිවිසුමේ අඩංගුවේ. එකම අවස්ථාවේදී හෝ ආසන්න අවස්ථාවන්හී සිදුවන සිදුවීම් කිහිපයක විය හැකි ගණනය කරනු වස් සම්භාවිතාව පිළිබදව න්‍යායන් අදාල කරන විට සියලූ සම්භාව්‍යතාවයන් ගුණ කළ යුතුවේ. නිදසුනක් ලෙස අහඹු සිදුවීමක තනි සිදුවීමක සම්භාවිතාව අවස්ථා 5 කින් 1 ක් වන අතර වෙනම සිදුවීමක් වීමේ සම්භාව්‍යතාවය අවස්ථා 10 කින් 1 ක් වන අතර එවිට සිදුවීම් දෙකම එකට හෝ අනුක්‍රමිකව සිදුවන බව සම්භාවිතාවය 5 කින් 1 ක් වන අතර එය එකෙන් ගුණ කළ විට 10 කින් 1 ක් වන අතර එය 50 ට 1 කකි.

මෙම කාරණය සැලකිල්ලට ගත් කළ වෙන්වූ ප්‍රජාවන් තුළ ජීවත් වූ විවිධ ප්‍රොපේතවරුන් කිහිප දෙනෙකු වසර 1000 ක කාලයක් පුරා ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට වසර 500 කට පෙර අනාවැකි පල කරනු ලැබුවේ මෙම අනාවැකි සැබෑ වීමට ඇති ප්‍රතිවිරෝධයන් අපට නෙපෙනී යන ග්‍රහණයන්ගෙන් ඔබ්බටය. නිදසුනක් ලෙස එක් පුද්ගලයෙකු (එනම් යේසුස්වහන්සේ) විසින් උන්වහන්සේට උපලක්ෂණය කරනු ලැබූ අනාවැකි වලින් 8 ක්ම සම්පූර්ණ කරනු ලැබීම 17 බලයෙන් අවස්ථා 10 කින් 1 ක් වේ (එනම් බින්දු 17 කින් සමන්විත වූ අංක 1 ඉලක්කම වේ).

මෙය සලකා බලන්න: මුළු ටෙක්සාස් ප්‍රාන්තයම අඩි දෙකක් ගැඹුරට රිදි ඩොලර් වලින් ආවරණය කිරීම පිළිබදව කල්පනා කර බලන්න. මුළු ප්‍රාන්තයම ආවරණය කිරිමට අවශ්‍ය කරන රිදි ඩොලර් සංඛ්‍යාව 17 වන බලවේගයට 10 ක් වනු ඇත. රිදි ඩොලර්යක "ඞ" යනුවෙන් කතිරයක් ගසා එය ගුවන් යානයකින් පහලට හෙළන්න. ඉන් අනතුරුව ප්‍රාන්තය පුරාවටම රිදි ඩොලර් තරයේම කළඹන්න. ඊටත් අනතුරුව මනුෂ්‍යයකුගේ ඇස් බැද ටෙක්සාස් ප්‍රාන්තයේ ඔහු කැමති ඕනෑම ස්ථානයක ගමන් කළ හැකි බව පවසන්න. එවිට කොතැනක හෝ අතර මගදී ඔහු නතර කොට රිදි ඩොලර් අඩි දෙක වෙත ලගාවී "ඞ" යනුවෙන් කතිරයක් ගසා ඇති රිදි ඩොලර්ය ඉහළට ඇද දැමිය යුතුවේ. මෙය කළ හැකි අවස්ථාවන් මොනවාද? අනාගතයේදී එක් පුද්ගලයෙකු විසින් අනාගත වාක්‍යය 8 ක්ම ඉෂ්ට වීම අනාගතවක්තෘන්ට තිබූ එකම අවස්ථාවවේ.

දේව වචනය, එහි සම්පූර්ණ වූ අනාගතවාක්‍යය තුළින් දෙවියන්වහන්සේගේ පැවැත්ම සනාථ කරනු ලබයි. සම්භාවිතා න්‍යායට අනුව සහ අනාවැකි වල ගණිතමය වාසි සම්පූර්ණ වීම තුළින් දිව්‍යයමය නිර්මාණ ශිලපියෙකු සහ දේව වචනය පිළිබද කර්තෘවරයෙකු සිටි බවට අපට නිසැකවම දැනගත හැක. විශ්වය පැවැත්මට ගෙන ආ එකම තැතැත්තා, "ඉදින් ස්වාමින්වහන්සේ නොකී වචනය අපි කෙසේ දනිමුදැයි නුඹේ සිතින් කියන්නෙහි නම් අනාගතවක්තෘ ස්වාමින් වහන්සේගේ නාමයෙන් කථා කරන දේ ඉෂ්ට නොවන්නේ නම් නොපැමිණෙන්නේ නම් ඒ වනාහි ස්වාමින්වහන්සේ නොකී කාරණයය. ඒ අනාගතවක්තෘතෙම ඒක හිතුවක්කාරකමින් කීවේ (ද්වීතීය කථාව 18:21–22).

අවසානයේදී දෙවියන්වහන්සේ විශ්වයේ මැවුම්කරුවාණන්වහන්සේ සහ අපගේ ගැළවීමේ කර්තෘන් අපට ප්‍රකාශ කරනු ලබන්නේ "පුරාණයේ පළමු කාරණා සිහිකරන්න. මක්නිසාද මමම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත. මම දෙවියන්වහ්නසේය, මා සමාන කෙනෙක් නැත. මම වනාහි අන්තිමය මුල පටන්ද දන්වන්නාවූ මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමියි කියාත් කියන්නාවූ තැණන්වහන්සේය" (යෙසායා 46:9–10).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ පිළිබද යම්කිසි නිරුත්තර සාක්ෂ්‍යයක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries