settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයේ ආනූභාවය පිළිබඳ ඔප්පු කරයක් වේද?

පිළිතුර


2 තිමොති 3:16 හි පවසන අන්දමට බයිබලයේ ආනූභාවය (දෙවියන් වහන්සේගේ හුස්ම) පිළිබඳ සමහර සාක්‍ෂි මේවාය.

1. සම්පූර්ණ කරන ලද අනාගතවාක්‍ය. අනාගතයේ තමන් කරණකොටගෙන සිදුවීමට නියමිත දේවල් පිළිබඳ දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට කතා කරන ලදි. ඒවායින් සමහරක් දැනටමත් සිදුවී ඇත. සමහර ඒවා නැත. උදාහරණයක් ලෙස: පරණ ගිවිසුමෙහි යේසුස් වහන්සේගේ පළමු පැමිණීම ගැන 300 කට අධික අනාගතවාක්‍ය සඳහන්වී ඇත. මෙම අනාගතවාක්‍ය දෙවියන් වහන්සේගෙන් බවට කිසිදු සැකයක් නැත මන්ද එම අත් පිටපත් යේසුස් වහන්සේගේ උත්පත්තියට ප්‍රථමදාම දරණ ඒවාය. මෙම කරුණු පසුව නොව කල් ඇතිව ලියන ලද ඒවාය.

2. ලියවිල්ලෙහි ඇති ඒකත්වය. බයිබලය අවුරුදු 1,600 පමණ පුරාවට මනුෂ්‍යය කතෘවරුන් 40 පමණ කරණකොටගෙන ලියනලදි. මෙම මනුෂ්‍යයන් බොහෝ සෙයින් / මුළුමනින් වෙනස් වූ අය විය. අනෙක් අය අතර මෝසෙස් දේශපාලන නායකයෙක් විය. යොෂුවා හමුදාමය නායකයෙක් විය. දාවිත් එඬේරෙක් විය. සාලමොන් රජෙක් විය. ආමොස් රැළ බලාගන්නෙක් හා පළතුරු අහුලන්නෙක් විය. දානියෙල් අග්‍රාමාත්‍යවරයෙක් විය. මතෙව් ආදායම් බදු රැස් කරන්නෙක් විය. ලූක් වෛද්‍යවරයෙක් විය. පාවුල්තුමා යුදෙව් ධර්මාචාර්යවරයෙක් විය. පේත්‍රැස් මාළු අල්ලන්නෙක් විය. එමෙන්ම බයිබලය විවිධ වතාවරණයන් යටතේ ලියන ලදි. එය වෙනස් මහාද්වීප 3 ක එනම් යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව තුළ ලියන ලදි. නමුත් ඉතා වැදගත් ලියවිල්ලෙහි තේමාවන් සියළු ලියවිලි වලදී එලෙසම පවත්වා ගන්නා / රැක ගන්නා ලදි. බයිබලය තමාටම ප්‍රතිවාචනය නොකරයි. එහි සම්පූර්ණත්වය උදෙසා ශුද්ධාත්මයාණන් වහන්සේගේ අධීක්‍ෂණය යටතේ ලියවූණා හැරෙන්නට වෙන මඟක් නැත.

බයිබලය සහ කුරානය අතර ඇති අසමානතාවන් දක්වන්න. කුරානය ග්‍රන්ථනය කර ඇත්තේ එක පුද්ගලයෙක් වන සහිඩ් බින් තාබිට් විසින් මොහමඩ්තුමාගේ මාමණ්ඩියගේ වන අබූ බකර්ගේ මඟපෙන්වීම යටතේය. ඉන් පසුව ක්‍රි. ව. 650 අරාබි විශාරදයින් කණ්ඩායමක් විසින් ඒකාබද්ධ අනුවාදයක් සකස් කරන ලද අතර කුරානයේ ඒකත්වය රැකගන්නා පිණිස වෙනස් වූ සියළු පිටපත් විනාශකරන ලදි. කුරානයට ඒකත්වය ඇත්තේ මනුෂ්‍යය කතෘවරුන් විසින් දෙන ලද බලපෑම මතය.

3. බයිබලය එහි වීරයන්ගේ වැරදි සහ දුර්වලකම් සැබෑ ලෙස පෙන්වා දෙයි. අනෙක් ආගම්වල වීරයන් මෙන් මනුෂ්‍යයන් මහිමයට පත් නොකරයි. බයිබලය කියවන අය තමන්ට මෙන්ම එහි සෙනඟටද ප්‍රශ්ණ තිබුන බවත් තමා මෙන්ම ඔවුන් අතින්ද වැරදි සිදුවි ඇති බවත් වටහා ගන්නවා ඇත. බයිබලයේ වීරයන් උදාර මිනිසුන් බවට පත් වූයේ ඔවුන් දෙවියන් වහන්සේ විශ්වාස කළ බැවින්ය. එක උදාහරණයක් නම් දාවිත්තුමාය. ඔහුව හදුන්වනු ලැබුවේ "තමන්ගේ සිතට එකඟවූ මනුෂ්‍යයා" ( 1 සාමුවෙල් 13:14) ලෙසය. එහෙත් දාවිත්තුමා කාමමිත්‍යාචාරය කළේය (2 සාමුවෙල් 11: 14-26). මෙම තොරතුරු බොහොම පහසුවෙන් ලියවිල්ලෙන් ඉවත් කිරීමට ඉඩ තිබුණි. නමුත් සත්‍යයේ දෙවියන් වහන්සේ ඒ සියල්ල ඇතුලත් කළ සේක.

4. පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් ලියවිල්ලෙහි සඳහන් වී ඇති ඉතිහාසයට අනුග්‍රහය ලබා දෙයි. ඉතිහාසය පුරාවට බොහෝ නොඇදහිලිවතුන් බයිබලයේ වාර්තාගත වී ඇති දේවල් විසාධනය කිරීමට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි ගෙන ඒමට උත්සාහ කළත් අසමත් විය. ලියවිල්ල අසත්‍ය බව පැවසීමට පහසු වුවත් ඔප්පු කර පෙන්වීම තවත් කාරණයකි. නමුත් එය කිසිදාක සිදු නොවීය. අතීතයේදි බයිබලය නූතන "විද්‍යාත්මක" සිද්ධාන්තයන් ප්‍රතිවාචනය කළ සෑම අවස්ථාවකදීම, පසුව බයිබලය නිවැරදි බවත් විද්‍යාත්මක සිද්ධාන්තයන් සාවද්‍ය බවත් ඔප්පු විය. යඑට ඉතාමත් හොඳ උදාහරණයක් වන්නේ යෙසායා 40:22 ය. විද්‍යාව ලෝකය පැතලි බව ප්‍රකාශ කරනු ලැබුවත් බයිබලය සඳහන් කරනු ලැබුවේ දෙවියන් වහන්සේ "පෘථිවි චක්‍රය මතුයෙහි වැඩ සිටින" බවය.

බයිබලය දෙවියන් වහන්සේ වෙතින් බවත් එය වටහා ගැනීමේදී පොදු තර්ක විතර්ක වලින් වටහා නොගත යුතු බවත් බයිබලය ප්‍රකාශ කරයි. විශ්වාස කළ හැකි සාක්‍ෂි අතරින් ප්‍රධානම සාක්‍ෂිය වන්නේ යේසුස වහන්සේ වන අතර, නමුත් මොසෙස්, යොෂුවා, දාවිත්, දානියෙල් සහ නෙහෙමියා පරණ ගිවිසුමෙහිදී සහ යොහාන් සහ පාවුල් අළුත් ගිවිසුමෙහිද ශුද්ධ ලියවිල්ලෙහි අධිකාරිත්වය සහ වාචික ආනුභාවය ස්ථීර කරයි. පහත සඳහන් ලියවිල්ලෙහි කොටස් සළකා බලන්න. නික්මයාම 14: 1,20:1, ලෙවි කථාව 4:1, ගණන් කථාව 4:1, ද්වීතීය කථාව 4:2, 32:48, යෙසායා 1: 10, 24, යෙරමියා 1:11, යෙරමියා 11:1-3, එසකියෙල් 1:3, 1 කොරින්ති 14:37, 1 තෙසලෝනික 2:13, 2 පේත්‍රැස් 1:16-21, 1 යොහාන් 4:6.

එමෙන්ම ක්‍රි. ව. පළවෙනි ශත වර්ෂයේදී යුදෙව් ඉතිහාසඥයකු වන තීතස් ෆ්ලේවියස් ජෝසප් විසින් ලියන ලද ලියවිලිද ප්‍රයෝජනයක් ගෙන දේ. ජෝසප් වාර්ථා කරන ලද සමහර සිදුවීම් ලියවිලි සමඟ සමාන වේ. දෙන ලද සාධකයන් සළකා බලා අපි බයිබලය දෙවියන් වහන්සේ විසින්ම දුන් බව මූළු හදවතින්ම පිළිගන්නෙමුව (2 තිමොති 3:16).



English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයේ ආනූභාවය පිළිබඳ ඔප්පු කරයක් වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries