settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේගේ පොරොන්දු මොනවාදැයි මා දන්නේ කෙසේද?

පිළිතුර


බයිබලයේ දෙවියන්වහන්සේගේ පොරොන්දු සිය ගණනක් ඇත. අපට අදාළ විය හැකි පොරොන්දු මොනවාදැයි අපට දැනගත හැක්කේ කෙසේද? මෙම ප්‍රශ්ණය වෙනත් ආකාරයකින් සැකසීමට, සාමාන්‍ය පොරොන්දු සහ නිශ්චිත පොරොන්දු අතර වෙනස කෙනෙකුට පැවසිය හැක්කේ කෙසේද? පොදු පොරොන්දුවක් නම් සෑම යුගයකම සෑම ඇදහිලිවන්තයෙකුටම ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් දෙන ලද පොරොන්දුවකි. කතුවරයා පොරොන්දුව ලියා ඇති විට, ඔහු කාලසීමාව හෝ ලබන්නා පිළිබඳව සීමාවක් පනවා නැත.

සාමාන්‍යය පොරොන්දුවකට උදාහරණයක් 1යොහාන් 1:9, එනම් අප අපගේ පාපයන් පාපොච්චාරණය කරන්නේ නම්, ඔහු විශ්වාසවන්තව සහ යුක්ති සහගතව, අපගේ පාප වලට අපට සමාව දීමටත්, සියළු අධර්මිෂ්ඨකමින් අපව පවිත්‍ර කිරීමටත් විශ්වාසව සිටින සේක. මෙම පොරොන්දුව දෙවියන් වහන්සේගේ සමාව දීමේ ස්වභාවය මත පදනම් වන අතර එය සෑම තැනකම සිටින සියළුම ඇදහිලිවන්තයෙකුටම ලබාගත හැකිය. පොදු පොරොන්දුවකට තවත් උදාහරණයක් නම් පිලිප්පි 4:7, සියළු අවබෝධය ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබගේ හදවත් හා මනස ආරක්ෂා කරනු ඇත. කණස්සල්ලෙන් සිටීම ප්‍රතික්ෂේප කරමින් දෙවියන් වහන්සේ වෙත තම ඉල්ලීම් ඉදිරිපත් කරන සියළුම ඇදහිලිවන්තයන්ට මෙම පොරොන්දුව දෙනු ලැබේ. පොදු පොරොන්දු සඳහා තවත් උදාහරණ වන්නේ ගීතාවලිය 1:37, 27:10, ජොහාන් 4:13-14

නිශ්චිත පොරොන්දුවක් යනු නිශ්චිත අවස්ථාවන්හිදී නිශ්චිත පුද්ගලයන්ට ලබා දෙන පොරොන්දුවකි. පොරොන්දුවේ සන්දර්භය සාමාන්‍යයෙන් ලබන්නා කවුරුන්ද යන්න පැහැදිලි කරයි. නිදසුනක් වශයෙන් 1 රාජාවලිය 9:5 (එනම් ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳින්ට නුඹට කෙනෙක් නැතිව යන්නේ නැත කියා මා විසින් නුඹේ පියවූ දාවිත්ට පොරොන්දු වූ හැටියට, ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි නූඹේ රාජ්‍යයේ සිංහාසනය සදාකාළයේටම ස්ථීර කරන්නෙම්) හි පොරොන්දුව ඉතා නිශ්චිතය: මම ඔබේ රාජකීය සිංහාසනය සදහටම ඉශ්‍රායලය මත ස්ථාපිත කරන්නෙමි.

ලූක් 2:35 (එනම් එසේය, නුඹේම ආත්මයට කඩුවකින් අනිනු ලැබේ: මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත් හි කල්පනා එළිදරව් වන පිණිසයයි කීවේය). හි තවත් නිශ්චිත පොරොන්දුවක් ඇත, "කඩුවක් ඔබේ ආත්මයටත් අනිනවා"...මෙම අනාවැකියේ පොරොන්දුව මරියාට යොමු වූ අතර එය ඇගේ ජීවිත කාලය තුළ ඉටු විය. සෑම ඇදහිලිවන්තයෙකුටම නිශ්චිත පොරොන්දුවක් ලබා දී නොමැති අතර, ශුද්ධාත්මයාණන් වහන්සේට තම දරුවන්ගෙන් කිසිවෙකුට මඟ පෙන්වීමට හෝ ධෛර්යමත් කිරීමට නිශ්චිත පොරොන්දුවක් භාවිතා කළ හැකිය. නිදසුනක් වශයෙන්, යෙසායා 54:10 (එනම් මක්නිසාද කඳු පහව යන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය: නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේ යයි නුඹට අනුකම්පා කරන ස්වාමින් වහන්සේ කියන සේක.) හි පොරොන්දුවක් ලියා ඇත්තේ ඉශ්‍රායලය සිහියේ තබා ගෙනය. නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ මෙම වචන අද බොහෝ කිතුනුවන් සැනසීමට භාවිතා කර ඇත. ඔබ කෙරෙහි මා තුළ ඇති නොවරදින ප්‍රේමය සොලවනු නොලැබේ. සාමයේ ගිවිසුම ඉන් ඉවත් කරනු නොලැබේ.

ශුභාරංචිය අන්‍යජාතීන් වෙතට ගෙන යෑමට ඔහුට මඟ පෙන්වනු ලැබූ විට, ප්‍රේරිත පාවුල් යෙසායාගේ පොරොන්දුව මෙසේ පැවසීය. ඔබ පොළොවේ කෙළවරට ගැළවීම ගෙනෙන පිණිස මම ඔබව අන්‍යජාතීන්ට ආලෝකයක් කර ඇත්තෙමි. (ක්‍රියා 13:47 හි එනම් මක්නිසාද ස්වාමින්වහන්සේ අපට මෙසේ අණ කළ සේක, කෙසේද යත්: නුඹ පොළොවේ සීමා දක්වා ගැළවීම වන පිණිස අන්‍යයජාතීන්ට නුඹ එළියක් කොට තැබුවෙමි කියා තිබේ යයි කීවෝය). යෙසායාගේ පොරොන්දුව මුලින් මෙසියස් උදෙසාවූ නමුත් පාවුල් තම ජීවිතය සඳහා ස්වාමින්වහන්සේගෙන් මඟ පෙන්වීමක් ලබා ගත්තේය. දෙවියන්වහන්සේගේ පොරොන්දු වලින් එකක් ශුද්ධ ලියවිල්ලෙන් ප්‍රකාශ කරනවිට, අපි පහත සඳහන් මූලධර්ම මතකයේ තබා ගත යුතුය.

1. දෙවියන්වහන්සේගේ පොරොන්දු බොහෝවිට කොන්දේසි සහිතය. සන්දර්භය තුළ එසේ නම් යන වචනය බලන්න.

2. දෙවියන්වහන්සේ අපට පොරොන්දු ලබා දෙන්නේ උන්වහන්සේගේ කැමැත්තට වඩා හොඳින් යටත් වී උන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමටය. පොරොන්දුවක් මඟින් දෙවියන්වහන්සේ අපගේ කැමැත්තට නැමෙන්නේ නැත.

3. ඔබේ ජීවිතයේ පොරොන්දු ඉටුවන්නේ කවදාද, කොතැනද, කෙසේද යන්න හරියටම දැන ගැනීමට නොසිතන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේගේ පොරොන්දු මොනවාදැයි මා දන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries