settings icon
share icon
ප්‍රශ්නය

ප්‍රගතිශීලී එළිදරව්ව ගැළවීම හා සම්බන්ධ බැවින් එය කුමක්ද?

පිළිතුර


"ප්‍රගතිශීලී එළිදරව්ව" යන පදය අදහස සහ ඉගැන්වීම් නම් දෙවියන් වහන්සේ විවිධ කාලයෙන් කාලයට මනුෂ්‍යය සංහතිය පිළිබඳ එතුමාගේ කැමැත්ත පිළිබඳ විවිධ පැතිකඩවල් වලින් සහ මුළු සැලැස්ම සමහර දේව ධර්මාචාර්යවරුන් විසින් "ශාසනය / කාලවකවානුවල්" ලෙස හදුන්වන ලද දෙයය. යුගවාදීන්ට ආගමික හෝ දේශපාලන මෙම ක්‍රමය ගෞරවාන්විත සැකසුරුවමක් විය. (උදා: යමක තත්වයන් පිළිබඳ පිළිවෙළ / ක්‍රමය) දෙවියන් වහන්සේගේ පරමාර්ථයට අනුව. ඉතිහාසය පුරා ඇතිවූ බොහෝ ශාසනයන් පිළිබඳව ආගමිකවාදීන් නොයෙක්වර විවාද කර ඇති අතර, සැමගේ විශ්වාසය වන්නේ දෙවියන් වහන්සේ, තමන් වහන්සේගේ දර්ශණයේ සහ ගැළවීමේ ක්‍රියාවලියේ සමහර කොටස් පමණක් එක් එක් යුගයන්හිදි එළිදරව් කරන ලද බවත්, නව යුගයන්හිදී මුලින් / පෙර එක මත ගොඩනැඟුන බවත් විශ්වාස කරයි.

යුගවාදීන් ප්‍රගතිශීලී එළිදරව්ව පිළිබඳ විශ්වාස කරන අතර, ප්‍රගතිශීලී එළිදරව්ව වැළඳ ගැනීම සඳහා යමෙකු යුගවාදියෙකුවීම අවශ්‍ය නොවන බව සටහන් කර ගැනීම වැදගත් වේ. බයිබලය අධ්‍යනය කරන්නාවූ සියලු සිසු සිසුවියන්, දෙවියන් වහන්සේ විසින් මුල් පරම්පරා වලට සමහර ලියවිල්ලේ සත්‍යතාවයන් එළිදරව් නොකළ බව හදුනා ගත යුතු වේ. සතියේ පළමුවෙනිදාට වඩා අවසානයේ. වර්තමානයේ දෙවියන් වහන්සේ නමදින්නට පැමිණෙන කල්හි සත්ව පූජාවක් රැගෙන නොපැමිණීම, පුරාණ ඉතිහාසය පුරා පැවති පැවැත්මක් බවත් ප්‍රගතිශීලී එළිදරව්ව විසින් එය එකල්හි එළිදරව් කරනු ලැබූවක් බව වටහා ගත යුතුය.

ඊට අමතරව මීට වඩා බැරෑරුම් කරුනු ප්‍රගතිශීලී එළිදරව් සංකල්පය පිළිබඳ පැවතේ. එක උදාහරණයක් නම් සභාවේ උපත සහ නිර්මාණය පිළිබඳව පාවුල්තුමා පවසන " මේ කාරණය නිසා අන්‍යජාතිකයන්වූ නුඹලා උදෙසා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ හිරකාරාවූ පාවුල් නම් මම (යාච්ඤා කරමි). නුඹලා උදෙසා මට දෙන ලද දෙවියන් වහන්සේගේ ඒ කරුණාවේ ගබඩාකාරකම ගැන නුඹලා අසන්ට ඇත. එනම්, මා විසින් ඉහත ලුහුඬින් ලියා තිබෙන එළිදරව් කිරීම කරණකොටගෙන ඒ රහස මට ප්‍රකාශවූ බවය. ඒ ප්‍රකාරයට නුඹලා එය කියවන විට ක්‍රිස්තුස් වහන්සේගේ රහස ගැන මට තිබෙන දැනගැන්ම නුඹලාට තේරුම්ගන්ට පුළුවන, එය උන් වහන්සේගේ ශද්ධ ප්‍රේරිතයන්ටත් ප්‍රොපේතවරුන්ටත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දැන් එළිදරව් කර තිබෙන ලෙස වෙන පරම්පරා වලදී මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වනු නොලැබුවේය. එනම් ශුභාරංචිය කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ අන්‍යජාතීන් හවුල් උරුමක්කාරයන් බවත්, ශරීරයේ හවුල් අවයවයන් බවත්, පොරොන්දුවට හවුල්කාරයන් බවත්ය" (එපීස 3:1-6).

පාවුල්තුමා මීටම සමාන වූ දෙයක් රෝම පොතෙහිද පවසයි. "ඉතින් සදාකාලය පටන් නිශ්ශබ්දව තිබී, දැන් එළිදරව්වී තිබෙන, අනාගතවතෘවරුන්ගේ ලියවිලි වලින් ප්‍රකාශ කරනලදුව, ඇදහිල්ලේ කීකරුකම පිණිස සියලු ජාතීන්ට සදාකාලික දෙවියන් වහන්සේගේ ආඥාව ලෙස දන්වනු ලැබුවාවූ, ඒ රහස එළිදරව්වීමේ හැටියටද, මාගේ ශුභාරංචියේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශණා කිරීමේ හැටියටද, නුඹලා ස්ථීර කරන්ට සමර්ථවූ, එකම ප්‍රඥාවන්තවූ දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන සදාකල්ම ගෞරවය වේවා" (රෝම 16: 25-26).

ප්‍රගතිශීලී එළිදරව්ව පිළිබඳ සාකචීජාවේදී, සෙනඟට පළමුවෙන්ම ඇතිවෙන ප්‍රශ්ණය නම් එය ගැළවීමේ ක්‍රියාවලියට අදාළ කරගන්නේ කෙසේද යන්නයි. වර්තමානයේ මනුෂ්‍යයන් ගැළවීම ලබන ආකාරයට වඩා වෙනස් ආකාරයකින් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පෙර වූ මනූෂ්‍යයන් ගැළවීම ලැබුවාද? අළුත් ගිවිසුම කාලයේදී, මනුෂ්‍යයන්ට පවසනු ලැබුවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිමා කළාවූ කාර්යය සහ දෙවියන් වහන්සේ එතුමන් මළවුන්ගෙන් උත්ථාන කළ බව විශ්වාස කළහොත් ඔවුන් ගැළවෙන බවය (රෝම 10:9-10, ක්‍රියා 16:31). නමුත් පරණ ගිවිසුම් විශේෂඥ ඇලන් රොස් පවසන්නේ" (පරණ ගිවිසුමෙහි) ගැළවීම පිළිබඳ විශ්වාස හැම කෙනෙක්ම ඉතා අනුමාන වශයෙන් සිහිකල්පනාවෙන් යුක්තව දෙවියන් වහන්සේගේ පුත්‍රවු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදේශනීය මරණය ගැන විශ්වාස කළෝය". ජෝන් ෆෙයින්බර්ග් ඊට යමක් එකතු කරමින් "පරණ ගිවිසුම කාලයේ සෙනඟ යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ බවත්, යේසුස් වහන්සේ මරණයට පත්වෙන බවත්, එතුමාගේ මරණය ගැළවීමේ මූලික අදියර වන බවත් දැන සිටියේ නැත". රොස් සහ ෆෙයින්බර්ග් නිවැරදි නම් ක්‍රිස්තුස් වහන්සේට පෙර ජීවත්වූවන්ට සැබවින්ම දෙවියන් වහන්සේ එළිදරව් කළේ කුමක්ද, එකලවූ ශුද්ධවතුන් ගැළවුනේ කෙසේද? පරණ ගිවිසුමෙහි ගැළවීමේ ක්‍රියාවලිය අළුත් ගිවිසුමෙහි ක්‍රියාවලියට වඩා වෙනස් වූයේ නම් කුමක්වේද?

ප්‍රගතිශීලී එළිදරව්ව ගැළවීමේ ක්‍රියාවලියේ මාවත් දෙකක්ද නැත්නම් එකක්ද?

ප්‍රගතිශීලී එළිදරව්ව තදින් අල්ලාගෙන සිටින අය ගැළවීමේ ක්‍රියාවලියේ වෙනස් ක්‍රම දෙකක් සරණ පවා ගෙන සිටිති. එකක් ක්‍රිස්තුස් වහන්සේගේ පළමු පැමිණීමට ප්‍රථම සහ අනෙක එතුමන්ගේ මරණයෙන් සහ මළවුන්ගෙන් උත්ථාන වීමෙන් පසුව පැමිණි බවත්ය. එවැනි ප්‍රකාශයක් වැරදි බව ඔප්පු කරමින් එල්. එස්. ෂාෆර් ලියනුයේ " කෙනෙකුගේ ගැළවීම උදෙසා මාවත් දෙකක් වේද? මීට පිළිතුරු වශයෙන් ඕනෑම මනුෂ්‍යයෙකුගේ ගැළවීම සඳහා ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ වන අතර එය දෙවියන් වහන්සේ වෙනුවෙන් මනුෂ්‍යයෙකුගේ ක්‍රියාවක් නොවන බවය. එබැවින් ගැළවීමට ඇත්තේ එක මඟක් පමණත් බවත් එය ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරණකොටගෙන ලැබුණ බලය බවත්ය".

පරණ ගිවිසුමෙහි ශුද්ධවන්තයන් ගැන පහත සඳහන් දේ නෝර්මන් ගේයිසියර් ලබා දෙයි. "කෙටි වශයෙන් පරණ ගිවිසුමෙහි ගැළවීම සඳහා ප්‍රමාණික වශයෙන් අවශ්‍ය වූයේ (ඉතා පැහැදිලි කාරණා වලට අනුව විශ්වාසය) 1. දෙවියන් වහන්සේගේ ඒකත්වය පිළිබඳ ඇදහිල්ල 2. මනුෂ්‍යයාගේ පාපිෂ්ටබව පිළිබඳ පිළිගැනීම. 3. දෙවියන් වහන්සේගේ අනූග්‍රහයේ අවශ්‍යතාවය පිළිගැනීම සහ පුළුවන්කම තිබේනම්. 4. මෙසියස් වහන්සේගේ පැමිණීමක් තිබෙන වටහා ගැනීම". ගේයිසියර් ගේ ප්‍රකාශයට අනුබල දෙන්නට හැකියාවක් ඇති ලියවිල්ලෙහි සාක්‍ෂියක් වේද? පළමු අවශ්‍යතාවයන් තුන සඳහන් වන ලූක් ශුභාරංචියෙහි මෙම කොටස සළකා බලන්න.

"මනුෂ්‍යයෝ දෙදෙනෙක් යාච්ඤාකරන පිණිස දේවමාළිගාවට නැගී ගියෝය. එක්කෙනෙක් ඵරිසියෙක්ය. අනික් තැනැත්තා සුංගම් අයකරන්නෙක්ය. ඵරිසියා සිටගෙන තමා තුළ යාච්ඤා කරමින් දෙවියන් වහන්ස, මම කොල්ලකාරවූ අධර්මිෂ්ඨවූ කාමමිත්‍යාචාරිකවූ අනික් මනුෂ්‍යයන් මෙන් කෙනෙක්වත් මේ සුංගම් අයකරන්නා මෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබ වහන්සේට ස්තුතිකරමි. සතියකට දෙවරක් නිරහාරයෙන් සිටිමි. මට ලැබෙන සියල්ලෙන් දසයෙන් කොටස දෙමියි කීවේය. නමුත් සුංගම් අයකරන්නා දුරින් සිට, ස්වර්ගය දෙසට ඇස් ඔසවා බලන්ටවත් නොසිතා, තමාගේ ළපත්තට ගසා ගනිමින් දෙවියන් වහන්ස, පව්කාරයෙක්වූ මට කරුණා කළ මැනැවයි කීවේය. නුඹලාට කියමි-අනික් තැනැත්තා නොව මොහු ධර්මිෂ්ඨකොට ගණන් ගනු ලැබ තමාගේ ගෙදරට ගියේය. මක්නිසාද තමුන්ම උසස් කරගන්න හැමදෙනා යටත්කරනු ලබන්නෝය. තමාව යටත්කරගන්නා උසස්කරනු ලබන්නේයයි කීසේක" (ලූක් 18:10-14).

මෙම සිදුවීම සිදු වූයේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට සහ මළවුන්ගෙන් උත්ථානවීමට පෙරය, එබැවින් මෙහි සඳහන් පුද්ගලයා පැහැදිලිවම අළුත් ගිවිසුමෙහි ශුභාරංචිය පිළිබඳව කිසිවක් නොදන්නා වර්තමානයේ ඈදු කෙනෙකු ලෙස පෙනේ. සුංගම් අය කරන්නාගේ සරල ප්‍රකාශයෙන් ("දෙවියන් වහන්ස පව්කාරයෙක්වූ මට කරුණාකළ මැනව") අපි දකින්නේ 1. දෙවියන් වහන්සේ තුළ තිබූ විශ්වාසය 2. පාපය ඒත්තු ගැනීම සහ 3. අනුග්‍රහය පිළිගැනිම. එවිට යේසුස් වහන්සේ ඉතාමත් ප්‍රීතිදායක ප්‍රකාශයක් කරමින් ඔහු "ධර්මිෂ්ඨකොට" ගණන් ගනු ලැබ ගෙදර ගියේය යන්න එතුමා කීසේක. මෙය හරියටම පාවුල්තුමා අළුත් ගිවිසුමෙහි ශුභාරංචිය විශ්වාස කොට තම ඇදහිල්ල ක්‍රිස්තුස් වහන්සේ මත තැබූ ශුද්ධවන්තයෙකුගේ තත්වය විග්‍රහ කිරීමට පරිහරණය කළ ආකාරයමය. "එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු" (රෝම 5:1).

ගේයිසියර්ගේ ලැයිස්තුවේ මඟ හැරුන ෿ලූක්ගේ කොටස නම් -පැමිණෙන මෙසියස් වහන්සේ ගැන වටහා ගැනීමය. කෙසේවුවද අළුත් ගිවිසුමෙහි වෙනත් කොටස් පෙන්වා දෙන්නේ මෙය පො෿ු ඉගැන්වීමක් බවය. උදාහරණයක් ලෙස යොහාන්ගේ කොටසෙහි, ළිඳ ළඟ, යේසුස් වහන්සේ සහ සමාරිය ස්ත්‍රිය අතර කතාබහේදී, ඇය පවසන්නේ " (ක්‍රිස්තුස් යයි කියන)් මෙසියස්වහන්සේ එන බව දනිමි. උන්වහන්සේ ්ආවාම සියල්ල උනවහන්සේ අපට දක්වන සේකැයි කීවාය" (යොහාන් 4:25). කෙසේවුවද ගේයිසියර් තමන්ම පිළිගත්තාසේ පරණ ගිවිසුමෙහි ගැළවීම සඳහා මෙසියස් වහන්සේ "අනිවාර්යෙන්ම සිටිය යුතු" කාරණාවක් නොවීය.

ප්‍රගතිශීලී එළිදරව්ව- ලියවිල්ලෙන් තව෿ුරටත් සාක්‍ෂි

ලියවිල්ලෙහි ඉක්මන් සෝදිසි කිරීමකදී, පරණ ගිවිසුමෙහි සහ අළුත් ගිවිසුමෙහි, පහත සඳහන් පදයන් ගැළවීමේ මාවතට පිවිසීමට දෙවියන් වහන්සේ තුළ ඇදහිල්ල නිරතුරුවම ආධාරකයක් වූ බව පෙන්වා දෙයි.

" ඔහු (ආබ්‍රහම්) ස්වාමින්වහන්සේ විශ්වාස කළේය. උන්වහන්සේ ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන්ගතසේක" (උත්පත්ති 15:6).

"තවද ස්වාමින්වහන්සේගේ නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙනවා ඇත" (යෝවෙල් 2:32).

"මක්නිසාද ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහකරන්ට නුපුළුවන" (හෙබ්‍රෙව් 10:4).

"ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය. නොදක්නා දේවල් ගැන ඔප්පුවය. එයින් වැඩිමහල්ලන්ට සාක්‍ෂි ලැබුණේය" (හෙබ්‍රෙව් 11:1-2).

"නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය" (හෙබ්‍රෙව් 11:6).

මුළු ඉතිහාසය පුරාම මනුෂ්‍යයන්ගේ ගැළවීම සඳහා ප්‍රධාන කාරණය ඇදහිල්ල බව ලියවිල්ල පැහැදිලිවම ප්‍රකාශ කරයි, නමුත් මනුෂ්‍යයන් උදෙසා එතුමන්ගේ පූජාව නොදන්නා සෙනඟ දෙවියන් වහන්සේ ගැළවීමට ගෙන එන්නේ කෙසේද? එයට පිළිතුර නම් මවුන්ට තිබුණාවූ දැනගැන්මට ඔවුන් ගෙන් තිබුණාවූ ප්‍රතිචාර මත දෙවියන් වහන්සේ සෙනඟ ගළවා ගත් සේක. ඔවුන්ගේ ඇදහිල්ල ඔවුන්ට දක්නට නොහැකි දෙයක් දෙස බලා සිටි අතර, වර්තමානයේ ඇදහිලිවතුන් තමන්ට දක්නට හැකි පසුගිය සි෿ුවීම් දෙස ආපසු හැරී බලයි. මතු සඳහන්වන ප්‍රස්ථාරය අනුව මෙම වටහා ගැනීම වචනයෙන් විස්තර දක්වනවා ඇත.

මනුෂ්‍යයන්ට ඇදහිල්ල පවත්වන පිණිස සෑහෙන තරම් එළිදරව් දී ඇති බව ලියවිල්ල ප්‍රකාශ කරයි. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ වැඩය ඉෂ්ට වී ඇති බැවින් අවශ්‍යතාවය වෙනස් වි ඇත. "නොසලකා හැරිය කාලය/ ගණන් නොගෙන සිටිය කාලය" නිමා වී ඇත.

"උන්වහන්සේ පසුගිය පරම්පරා වලදී සියලු ජාතීන්ට තම තමුන්ගේ මාර්ගවල හැසිරෙන්ට ඉඩ හැරියසේක. එහෙත් තමන්වහන්සේ ගැන සාක්‍ෂි නොදීනොසිටියසේකැයි කීවෝය" (ක්‍රියා 14:16).

"ඉතින් මේ නොදක්නාකමේ කාලවල් දෙවියන් වහන්සේ නොබලා හැරිය නමුත් සියලු මනුෂ්‍යයන්ට හැම තැන්හි පසුතැවිලි වෙන්ට දැන් අණකරනසේක" (ක්‍රියා 17:30).

"ඇදහීම කරණකොටගෙන උන්වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන් වහන්සේ නියම කළසේක. කුමටද? දෙවියන් වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා, පසුගිය පව් ගණන් නොගෙනහැරීම කරණකොටගෙන, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය" (රෝම 3:25).

ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පෙර දෙවියන් වහන්සේ පෙරටු සේයාවක් ලෙස යේසුස් වහන්සේගේ මරණය පූජාවිමේ ක්‍රමයක් සහ පාපය මරණය වෙත ගෙන බව වටහා ගන්නට තත්වාරෝපණයක්ද දෙන ලදී. නීතිය/ව්‍යවස්ථාව උපදේශකයෙක් ලෙස දෙන ලද්දේ පවීකරුවන්ට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අවශ්‍ය බව වටහා දෙන්නටය (ගලාති 3:24). නමුත් ඇදහිල්ල පාදක කොට ගොඩනැඟු පූර්ව ආබ්‍රහමික ගිවිසුම නීතිය/ව්‍යවස්ථාව අහෝසි කළේ නැත. වර්තමානයේ මනුෂ්‍යයාගේ ගැළවීමේ සැලැස්ම ආබ්‍රහමික ගිවිසුමය (රෝම 4). නමුත් රයිරී ඉහත සඳහන් කළ අන්දමට අපගේ ඇදහිල්ලේ අඩංගු විස්තරය- ලබා දී ඇති එළිදරව් ප්‍රමාණය කාලවල් පුරා වැඩිවී වර්ධනය වී ඇත්ැත් වර්තමානයේ සෙනඟට දෙවියන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා ඝෘජුවම දැන ගන්නා පිණිසය.

ප්‍රගතිශීලී එළිදරව්ව- නිමාව/අවසානය

දෙවියන් වහන්සේගේ ප්‍රගතිශීලී එළිදරව්ව කෙරෙහි යොමුවෙමින් ජෝන් කල්වින් ලියා දක්වන්නේ "දෙවියන් වහන්සේ තමන්වහන්සේගේ අනුග්‍රහයේ ක්‍රමානුකුල සැලැස්මෙහි ගිවිසුම පරිපාලනය කිරීමේ තදින් එල්බ සිටි අතර කාලය ගතවෙත්ම සම්පූර්ණ එළිදරව්ව ළඟාවූ කල්හි, එතුමාගේ ප්‍රකාශවීමේ දීප්තිය තව෿ුරටත් වැඩි කළසේක. ඒ අනුව ආරම්භයේදී පළමු ගැළවීමේ පොරොන්෿ුව ආදම් (උත්පත්ති 3:15) එය දිලිසුනේ ෿ුර්වල ගිනි පුපුරක් ලෙසය. ඉන්පසුව එයට එකතුවූ කල්හි ආලෝකය සම්පූර්ණ වූයේ කඩාගෙන යාමක් සමඟ වර්ධනය වූ අතර එහි දීප්තිය වඩාත් පුළුල් ලෙස විහිදී ගියේය. මුළු වළාකුළු තැන් තැන් වල පිහිටා තිබෙන තෙක් එය රුඳී තිබුණේය. ක්‍රිස්තුස් වහන්සේ-ධර්මිෂ්ඨකමේ සූර්යයා මුළු පොළොව ආලෝකමත් කළේය".(ඉන්ස්ටිටියුට්ස් 2.10.20).

ප්‍රගතිශීලී එළිදරව්ව විසින් පරණ ගිවිසුමෙහි සිටියාවූ සෙනඟ කිසිම එළිදරව්වක් හෝ දැනගැන්මක් නැතිව සිටියාවූ සෙනගක් ලෙස අර්ථකථනය නොකරයි. ක්‍රිස්තුස් වහන්සේට පෙර ජීවත්වූ අය ගැන කැල්වින් පවසන්නේ "ඔවුන් ගැළවීමේ බලාපොරොත්තුව පිළිබඳ අන්තරාගත දේශණා ගැන දැන නොසිටියා නොව, නමුත් අද මහ දහවල් එලියේ අප දකින දෙය ඔවුන් එදා ඇතින් පිහිටි ෿ුරක සිට ෿ුටුවේ යම්තම් එලියක් දැක්කාසේය". ඉන්ස්ටිටියුට්ස් 2.7.16: 2.9.1: ගලාති 3:23 පිළිබඳ අර්ථ කථාව).

ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ මළවුන්ගෙන් උත්ථාන වීමෙන් තොර කිසිම කෙනෙකුට ගැළවීමක් නැති බව ලියවිල්ලෙහි යොහාන්14:6 පැහ3දිලි ලෙස සඳහන් කරයි. ගැළවීමේ මූලික පදනම වූයේ සහ වන්නේ කුරුසියෙහි ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව සහ ගැළවීමේ හරය නම් සැමවිට දෙවියන් වහන්සේ මත තබා තිබෙන ඇදහිල්ලයි. කෙසේ නමු෿ු පුද්ගලයෙකුගේ ඇදහිල්ලෙහි අඩංගු වන්නේ යම් කාල සීමාවක් තුළ දෙවියන් වහන්සේ යමෙකුට දෙන්නට ප්‍රසන්නවූ එළිදරව්වේ ප්‍රමාණයය.

English


නැවතත් සිංහල මුල් පිටුවට
ප්‍රගතිශීලී එළිදරව්ව ගැළවීම හා සම්බන්ධ බැවින් එය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries