settings icon
share icon
ප්‍රශ්නය

මාගේ රහසිගත හා පෞද්ගලික පාපයන් අන් අයට බලපාන්නේ කෙසේද?

පිළිතුර


ඔබ හුදකලාව මුහුද මැද දිවයිනක ජිවත් වුයේ නම්,ඔබගේ පෞද්ගලික පාපයන් ගෙන් ඔබට මිස වෙනත් කිසිවකුට බලපෑමක් ඇති නොවේ. "කිසිම මිනිසකු හුදකලා කෙනෙකු නොවේ"යන කියමන අනුව ඔබට පවුලක් හෝ අඩු තරමේ මිතුරන් හෝ වෙනත් සමීපව ඇසුරු කරන්නන් සමග නිරතුරුව සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ හැකියාවට හොද අවස්ථා ලැබේ. ඒ සියඵ දෙනාම කුමන ආකාරයකින් හෝ පාපයට ගොදුරු වන්නේ පාපයේ ඇති ප්‍රතිවිපාක නිසාය. (රෝම 6:23) එය වනාහි මැවීමේදී ඇති කරන ලද සැලැස්ම අනුගමනය කරන මූලධර්මයකි. මවන ලද සියඵ දෙයකම එම වර්ගය උපදවන බීජ ඇත. (උත්පත්ති 1:11, 21,25) වෙනත් වචන වලින් කිවහොත් ඔබ තිරිගු බීජයක් පැලකොට බීට් අස්වැන්නක් බලාපොරොත්තු නොවේ. ඔබ රහසිගතව වුව ද පාපය වපුරා, ප්‍රතිවිපාක අස්වැන්නක් ලබා නොගැනීමට බලාපොරොත්තු විය නොහැක. "සබදතාවය" යන තවත් මූලධර්මයක් කරණකොටගෙන, අප හා සම්බන්ධතාවයන් ඇති කර ගන්නා හැමකෙනෙකු හෝ කිසියම් කෙනෙකු මත එම ප්‍රතිවිපාකයන් පතිත වීමට හැකියාවක් ඇත. මෙයින් අදහස් වන්නේ ඔබ අවට සිටින අය, ඔබ පෞද්ගලිකව සහ ප්‍රසිද්ධව කරන තේරිම් සහ ක්‍රියාවන් සහ ඔබ ඇසුරු කිරීම නිසා ඔවුන්ට ආශිර්වාද හෝ සිත්තැවුල් අත්විය හැකි බවය.

පෞද්ගලික පාපයන් අන් අය කෙරෙහි බලපාන අන්දම ගැන දැනගැනීමට ප්‍රසිද්ධ එවැන්ජලිස්ත නායකයන් සම්බන්ධ වී ඇති මෑතකදී සිදු වූ වැරැදි ක්‍රියා ගැන විමසිලිමත් වීමම සෑහේ. එම පාපයන් එලිදරව් වූ විට ඇති වන තත්වය බයිබලය පෙන්වා දෙන්නේ මෙසේය. "ඔබේ පාපය ද, ඔබ පිට පැවරෙන්නේය" (ගණන් කථාව 35:23) පවුල, මිත්‍රයන් ,සභිකයන් සහ මුඵ කිතුනු සමාජයම ඉමහත් ලෙස පීඩාවට ලක් වේ. බරපතල තත්වය වනුයේ, ඇදහිලිවතුන් නොවන අය අපව සම්ච්චලයට ලක්කොට ක්‍රිස්තුස්වහන්සේගේ නාමයට අපකීර්තිය ගෙනදෙන බැවින්, උන්වහන්සේගේ අභිමතයට හානිවීමය. මනුෂ්‍යාගේ පාපයන් නිසා ඇතිවන ප්‍රතිවිපාක දෘෂ්‍යමාන නොවුනත්, එම රහසිගත දේ යම් දිනකදී හෙලි කරනු ඇත. ඒ නිසා හෙලි කරනු නොලබන සැගවුන දෙයක් නැත. නොහොත් ප්‍රකාශයට පත් නොවන , හෙළි නොවන කිසි රහසක් ද නැත. (ලූක් 8:17) එබැවින් අපගේ රහසිගත පාපයන් හෙළිදරව් වන්නේ නම්, එමගින් කිසිකෙනෙකුට බලපෑමක් ඇති නොවන බව අපට අවංකවම ප්‍රකාශ කළ හැකි ද?

රහසිගතව තබාගන්නා පාපයන් නිසා චකිතය ඇතිවේ. එසේම චකිතය අපට වෙනස් කිරීමට හැකි මගකි. අන් අය එම වෙනස දැක, එමගින් ඔවුන්ට බලපෑමක් ද ඇතිවේ. තම ස්වාමිපුරුෂයා අසභ්‍ය චිත්‍රපටි ආදිය නැරඹිමට අබ්බැහි වී ඇති බව භාර්‍යයාව නොදන්නා විය හැකිය, නමුත් ඔහුගේ එම ඇබ්බැහි වීම තුලින්, ඔහු රහසිගත චකිතයක් කරා යොමු වී, ලිංගික සහකාරිය වශයෙන් ඇය කෙරෙහි සැමියාගේ ආකර්ෂණයක් නොමැති බව ද, ඔහු තවදුරටත් ඇයට ආදරය නොකරන බව ද, එසේ නොමැති නම් ඔහුට වෙනත් ප්‍රේම සම්බන්ධතාවයක් ඇතැයි යන කරුණු නිසා මෙම වෙනස සිදුවීමට හේතුව යයි බිරිද නිගමනය කරන්නීය. මෙම කරුණූ කිසිවක් සත්‍යතාවයෙන් තොර වුවත්, ඔහුගේ රහස් කිසි දිනක හෙලිදරව් නුවුවත්, එමගින් ඇයගේ ජිවිතය ඔවුන්ගේ විවාහ ජිවිතය, පවුල යනාදිය විනාශයට පත්වේ.

අප විසින් සලකා බැලිය යුතු තවත් මුලධර්මයක් ඇත. එනම් එහෙත් ඔබ යාච්ඤා කරන කල ඔබේම ඇතුඵ කාමරයට වැද දොර වසාගෙන රහසිගතව වසන ඔබේ පියාණන්වහන්සේ යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට පල විපාක දෙන සේක. මෙසේ රහසිගතව වසන ඔබේ පියාණන්වහන්සේම මිස, ඔබ උපවාස කරන බව මිනිසුන්ව නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට පල විපාක දෙන සේක (මතෙව් 6:6, 18) ශුද්ධ ලියවිල්ල පිරික්සීමේදි ධනාත්මකව හා රිනාත්මකව අදාල වන මුලධර්මයන් අපට හමුවේ. අප රහසිගතව සිදුකරන දෙයට, දෙවියන්වහන්සේ ප්‍රසිධයේ පල විපාක දෙන සේක. ස්වාමින්වහන්සේ අණකල ලෙස අප නිරාහාරව යාච්ඤා කරන්නේ නම් උන්වහන්සේ අපට යහපත් පල විපාක දෙන සේක. එබැවින් අප රහසිගතව පව් කලොත්, ඒ සදහා අපට ප්‍රසිධයේ අයහපත් පල ව්පාක ලැබෙන බව මෙයින් තේරුම් ගත හැක. කුමන අවස්ථාවකදී වුවද දෙවියන්වහන්සේ රහසිගත හෝ පෞද්ගලික සිදු කරන පාපයන් දකින සහ දන්නා අතර, එම පාපයන් සදහා දඩුවම් ලබාදීම මගහරින්නේ නැත.

රහාසිගත සහ පෞද්ගලික පාපයන් ගෙන් ඇති වන බරපතලම විපාක වනාහි අපගේ ආත්මයට වන හානිය වේ. එසකියෙල් 18:14 හි සදහන් වන්නේ පව්කරන ආත්මයන් මරණයට පත් කරනු ලබන්නේය. එසේම 6:23 අනුව අපට කියා දෙන්නේ පාපයේ කුලිය නම් මරණය යනුවෙනි. මෙයින් අදහස් වන්නේ ජිවිතයේ අඵත් අත්දැකීමක් නොලබන, ස්වභාවයෙන් හා පුරුද්දෙන් පව්කාර තැනැත්තකු ගැනය. යේසුස්වහන්සේ තමාගේ ගැලවුම්කාරයා ලෙස පිලිගත් නව ජිවනයක් ලද දෙවියන්වහන්සේගේ දරුවකු හට ,පෞද්ගලික හා ප්‍රසිධයේ හැසිරිය යුතු අන්දම 1 කොරින්ති 10:31 පදය මගින් පෙන්වාදී ඇතර්‍. එහෙයින් ඔබ කෑවත් බීවත් වෙන දෙයක් කළත්, සියල්ල දේව ගෞරවය පිණිස කරන්න. නව ජිවනයක් ලද දේව දරුවකු හට දෙවියන්වහන්සේට මහිමයට පත් වන ලෙස ජිවත් වීමට ආශාවක් ඇති අතර, සමහර අවස්ථාවන්හි අප එම ආශාවන් ඉටුකර ගැනීමට හැකි හෝ නොහැකි වන නමුත්, දෙවියන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය පවත්වන ගෙන යාමට හැකියාවක් ලබා දී ඇත.උන්වහන්සේ ඒ බවට පොරොන්දු වී ඇතර්‍. එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්තවුද, ධර්මිෂ්ඨවුද, දෙවියන්වහන්සේ සියලූ පාපවලින්ද අදමිටුකම්වලින්ද, අප පව්ත්‍ර කරන සේක (1 යොහාන් 1:9).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මාගේ රහසිගත හා පෞද්ගලික පාපයන් අන් අයට බලපාන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries