බයිබලය ආඩම්බර කම හෙවත් පුහු මාන්නය ගැන පවසන්නේ කෙසේද?



ප්‍රශ්නය: බයිබලය ආඩම්බර කම හෙවත් පුහු මාන්නය ගැන පවසන්නේ කෙසේද?

පිළිතුර:
දෙවියන් වහන්සේ අප්‍රිය කරන ආඩම්බර කම හා අප යම්කිසි වැඩක නිරත වී ඉන් ලබන ඡයග්‍රහණය ගැන ආඩම්බර වීමෙහි වෙනසක් තිබේ. (හිතෝපදේශ 8:13) අප යම් කාර්යයක නිරත වී ඒ පිළබඳව ඉතා ආඩම්බර කමෙනි සිටී නම්. එයට දෙවියන් වහන්සේ අප්‍රිය වන්නේ මක්නිසාද එය අපව දෙවියන් වහන්සේගෙන් අවහිර කරන බැවින්ය. ගීතාවලිය 10:4 පෙන්නුම් කරන්නේ උඩඟුකම ඔවුන්ගේ අවශ්‍යතාවන්ට පමණක් යොදාගන්න අතර, ඔවුන් දෙවියන් වහන්සේට වඩා බොහෝ ඈතින් සිටින බවයි. දුෂ්ඨයා අහංකාරයෙන් දෙවියන් වහන්සේ පිළිනොගනියි, දෙවි කෙනෙක් නැත යනු ඔහුගේ මුළු සිතුවිල්ලයි. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන යටහත් පහත් නිහතමානී ගති පැවතුම් හා උඬඟුකමෙන් පිරි ඡීවිතය පරස්පර විරෝධීය වේ. සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝය, මක්නිසාද ස්වර්ග රාඡ්‍ය ඔවුන්ගේය. (මතෙව්5:3) සිතින් දිළින්දෝ නම් සැබවින්ම තමන්ගේ ආත්මික දුර්වලතා හඳුනාගෙන, හා ඔවුන්ට දෙවියන් වහන්සේ තුළට ළඟාවිය හැක්කේ උන් වහන්සේගේ කරුණාවෙන් බව වටහා ගත්තවුන්ය. තවත් අතකින් ගත් කළ පුහුමාන්නය විටකදී මිනිසුන්ව ආඩම්බරකමෙන් අන්ධ කරයි. ඔවුන් සිතන්නේ දෙවියන් වහන්සේගෙන් ඔවුන්ට කිසි වටිනා කමක් නැති අතර දෙවියන් වහන්සේ ඔවුන්ව ආදරයෙන් පිළිගන්න තුරු ඔවුන් රැඳී සිටින බවය.

ඉහත සඳහන් සියල්ලෙහිද අප යොමු වූයේ උඩඟුකම හෙවත් පුහුමාන්නයේ අතුරු ප්‍රතිඵලයන්ය. හිතෝපදේශ 16:18-19 අපට පවසන්නේ විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුවෙන් අහංකාර සිතද වෙයි, උදාරම් අය සමඟ කොල්ලයක් බෙදා ගැනීමට වඩා දිළිදු අය සමඟ යටත් සිතක් ඇතුව සිටීම හොඳය. යක්ෂයාවද ස්වර්ගයෙන් සිඳ දමනු ලැබුවේ උඩඟුකම නිසා බව අප කව්රුත් දන්නා කාරාණයකි. (යෙසායා14:12) ඔහුට තිබුනේ දෙවියන් වහන්සේ හා තමාව ඒ වෙනුවෙන් සමාන කර මුළු විශ්වයේ අධිපතියා වීමට තිබූ කුහක දරදඬු චේතනාවකිනි. යෙසායා14:22 හි පවසන ආකාරයට සාතන්ව අවසාන විනිශ්චයෙහිදී මුළු ලෝකයෙන් අපායට නෙරපා හරින බවය. ස්වාමින් වහන්සේගේ විරෝධය පාන කිසිවෙකුට කිසිවම නුමුත් විනාශය ලඟ ඇති බව ස්ථීරය (යෙසායා14:22).

උඩඟුකම බොහෝ මිනිසුන්ට දෙවියන් වහන්සේ ගැළවුම්කරු ලෙස පිළිගැනීම වළක්වයි. උඩඟු මිනිසුන්ගේ ඡීවිත වල පාපය ගැඹුරටම ගිලා බැස ඇති බැවින්, ඔවුන්ගේ ශක්තියෙන් ආත්මික ඡීවිතයට වන හානිය වැළැක්වීම කළ නොහැකිය. නුමුත් අප ප්‍රමාණයට වඩා නොව, නුඹලා ළඟට පවා පැමිණෙන පිණිස, දෙවියන් වහන්සේ විසින් අපට මැනදුන් මායිමේ ප්‍රමාණයේ හැටියට පාරට්ටු කරගන්නෙමුව. අප අප ගැනම පැවසීම, දෙවියන් වහන්සේගේ කාර්යය නොවේ. සැබවින්ම එය දෙවියන් වහන්සේ අප ගැන පවසන දෙයයි (2 කොරින්ති10:13).

උඩඟුකම, පාපකාරී ස්වභාවයක් ගන්නේ මන්ද? උඩඟුකම යනු සැබවින්ම දෙවියන් වහන්සේ විසින් අපට අත්පත් කර දුන් දේ පිළිබඳව අපට අප විසින් සළකාගැනීමයි. උඩඟුකම සැමවිටම, දෙවියන් වහන්සේට යුතු මහිමය හා ගෞරවය අප කෙරෙහි තබා ගැනීමයි. එය තමා විසින් තමාවම උසස් කර ගැනීමකි. අප මේ ලෝකය තුළ අත්පත් කරගන්නා සැම දේ දෙවියන් වහන්සේගේ උපකාරය හා කරුණාව ඇතුව අත්කර ගත් දේවල් මිස වෙන කිසිවක් නොවේ. නුඹට ලැබුනු දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? ඉතින් එය ලැබුණා නම් නොලැබුනාක් මෙන් පාරට්ටු කර ගන්නේ මන්ද? (1 කොරින්ති 4:7) එම නිසා අප සැමවිටම අපැග් මහිමය දිය යුත්තේ දෙවියන් වහන්සේට පමණි.



නැවතත් සිංහල මුල් පිටුවට



බයිබලය ආඩම්බර කම හෙවත් පුහු මාන්නය ගැන පවසන්නේ කෙසේද?