settings icon
share icon
ප්‍රශ්නය

පූර්ව පීඩා කාලීන ඔසවා ගැනීම, එහි ඇති ශක්තීන් සහ දුර්වලතා මොනවාද (පූර්ව පීඩා කාලීන වාදය)?

පිළිතුර


මරණය සහ උපත පිළිබඳ ධර්මයේදී සෑම කිතුණුවෙක්ම මෙම කරුණු තුන මත එකඟවන බව මතක තබා ගැනීම වැදගත්වේ. 1. කිසිදිනක ලොව නුදුටු ආකාරයේ මහත් පීඩාවක් ඉදිරියේ ඇති බව. 2. පීඩා කාලයෙන් පසුව තමන්වහන්සේගේ රාජ්‍යය පොළොවෙහි පිහිටුවන පිණිස ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන බව සහ 3. ඔසවා ගැනීම සිදුවන බව, ඇදහිලිවතුන්ට-මර්ත්‍ය තාවයෙන් සදාකාලිකත්වයට පරිවර්ථනය වීමක් (යොහාන් 14:1-3, 1 කොරින්ති 15:51-52, 1 තෙසලෝනික 4:16-17). ප්‍රශ්ණය නම් පීඩා කාලය හා සම්බන්ධව ඔසවා ගැනීම සහ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම කවදා වෙදයු වේද යන්නයි.

අවුරුදු ගණනාවක් හරහා මෙම ප්‍රධාන මූල ධර්මයන් ඔසවා ගැනීමේ කාලය පිළිඹද එළිදරව් වෙමින් පවතී: පූර්ව පීඩා කාලීනවාදය (එනම් පීඩා කාලය ආරම්භවීමට ප්‍රථම ඔසවා ගැනීම සිදුවන බවට විශ්වාසය). මධ්‍යය පීඩා කාලීන වාදය (පීඩා කාලයේ හරි මැදදී ඔසවා ගැනීම සිදුවන බවට විශ්වාසය) පශ්චාත් පීඩා කාලීන වාදය (පීඩා කාලය අවසානයේදී ඔසවා ගැනීම සිදුවන බවට ඇති විශ්වාසය).

ලියවිල්ලට අනුව පූර්ව පීඩා කාලික දැක්ම වර්ණනා කිරීමට බොහෝ දේ ඇත. සභාව උදහස සඳහා නියම නොකරන ලදී (1 තෙසලෝනික 1:9-10,5:9), සහ ඇදහිලිවතුන්ට ස්වාමින්වහන්සේගේ දවසේදී අනපේක්‍ෂිත යමක් සිදුවන්නේ නැත (1 තෙසලෝනික 5:1-9). පිලදෙල්පියා සභාවට දෙන ලද පොරොන්දුව නම් "පොළොවේ වසන්නන් පරීක්‍ෂා කිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්‍ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්‍ෂා කරන්නෙමි" එළිදරව් 3:10). පොරොන්දුව පිඩා කාලය හරහා රැක ගැනීමක් නොව පැයෙන් මූදවා ගැනීමක් එනම් පීඩා කාලයෙන් බව, සටහන් කරගන්න.

පූර්ව පීඩා කාලීන වාදය ලියවිල්ලෙහි නොමැති දේවල් අතුරින් සහයෝගයක් ලබාගනිී. "සභාව" යන වචනය එළිදරව් පොතෙහි පළවෙනි පරිච්ජේද තුන තුළ දහනව වතාවක් දක්නට ලැබෙන අතර, සභාව යන වචනය එතැන් පටන් 22 පරීච්ජේදය දක්වා පරිහරණය කර නැත. තවත් ආකාරයකින් පවසන්නේ නම් පීඩා කාලය පිළිබඳ සඳහන් වන දීර්ඝ විස්තරාත්මක කොටස තුළ සභාව යන වචනය පැහැදිලිවම අවිද්‍යාමාන වේ. ඇත්ත වශයෙන් කියතොත් බයිබලයේ පීඩා සම්බන්ධව කියවෙන කිසිම කොටසක "සභාව" යන වචනය පාවිච්චි නොවේ.

පූර්ව පීඩා කාලවාදය, ඊශ්‍රායලය සහ සභාව සඳහා දෙවියන් වහන්සේගේ වෙන් වෙන්වු සැලැස්ම පැහැදිලිවම ඔප්පු කරන්නාවූ එකම න්‍යාය වේ. දානියෙල්ගේ සැත්තෑ "සත" (දනියෙල් 9:24) දානියෙල් ගේ සෙනඟ සඳහා නියෝගය (යුදෙව්වන්) සහ දානියෙල්ගේ ශුද්ධ නුවර (යෙරුසලම) වේ. මෙම අනාවැකිය ඉතා සරල ලෙස හැත්තෑව වන සතිය (පීඩාව) ඊශ්‍රායලය සහ යෙරුසලම සඳහා වරදෙන් නිදොස් කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය වන අතර සභාව සඳහා නොවේ.

එමෙන්ම පූර්ව පීඩා කාලීනවාදය සඳහා ඵෙතිහාසික අනුග්‍රහයක්ද ඇත. යොහාන් 21:22-23 පෙන්වා දෙනු ලැබුයේ ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම වහා සිදුවෙන්නට යන සමීපස්ථ සිදුවිමක් ලෙසය, එනම් එතුමාණන් වහන්සේ ඕනෑම වෙලාවක පැමිණිය හැකි බවය. එසේ නොවුයේ නම් යොහන්තුමාගේ ජීවිත කාලයේදී යේසුස් වහන්සේ නැවත පැමිණෙන බවට වූ කට කථාව නොනැසී පවතින්නට නොහැකිය. අනෙක් ඔසවා ගැනීම පිළිබඳව ඇති පරස්පර විරෝධ න්‍යායයන් දෙක අතර පූර්ව පීඩා කාලීනවාදය පිළිබඳ ප්‍රධාන පිළිගත් මතය මෙය වේ.

පූර්ව පීඩා කාලීනවාදයේ දැක්ම දෙවියන් වහන්සේගේ චරිතයට හා ලොවට එන්නාවූ විනිශ්චයෙන් ධර්මිෂ්ඨයන් මුදවාලිමට ඇති දැඩි ආශාව ඉන් දැක්වේ. දෙවියන් වහන්සේගේ ගැළවීම පිළිබඳ බයිබලීය උදාහරණයන්ට නෝවා ඇතුළත් වේ. ඔහු මුළු ලොවට ආවාවූ ජල ගැල්මෙන් මුදනු ලැබුවේය. එමෙන්ම ලොත් සොදොම් වලින් මුදනු ලැබූ අතර රාහබ් යෙරිකෝවෙන් මුදනු ලැබුවාය (2 පේත්‍රස් 2:6-9).

පූර්ව පිඩා කාලීනවාදයේ යමෙකුට දැනෙන දුර්වලතාවයක් නම් එය අන්‍යෝන්‍ය අපේක්‍ෂාවෙන් සභාවේ දහමක් ලෙස නොබෝදා ප්‍රවර්ධනය වූවක් ලෙස පෙනෙන අතර එය 1800 මුල් අවධිය දක්වාම ක්‍රමවත්ව සූත්‍රණයකට ලක් නොවීමය. තවත් දුර්වලතාවක් නම් පූර්ව පීඩා කාලීනවාදය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම අවස්ථා දෙකකට ඔසවා ගැනීම හා දෙවන පැමිණීම ලෙස "බෙදීම / පැලීම" වේ. මන්දයත් බයිබලය කිසිම අවස්ථාවක එවැනි බෙදීමක් / පැලීමක් පැහැදිලිව වචනයෙන් ලක්‍ෂණ දක්වා නැත.

පූර්ව පීඩා කාලීනවාදය මුහුණ පාන තවත් අසීරු තත්වයක් නම් පීඩාවේදී ශුද්ධවතුන් සිටීමය (එළිදරව් 13:7, 20:9). පූර්ව පීඩා කාලීනවාදකයන් මෙයට පිළිතුරු සපයන්නේ, පරණ ගිවිසුමෙහි ශුද්ධවන්තයන් හා අළුත් ගිවිසුමෙහි පීඩාවට පත්වූ සභා ශුද්ධවන්තයන් ලෙස ප්‍රභේදක කරමිනි. ඔසවා ගැනීමට හසුවන පණ ඇති ඇදහිලිවතුන් පීඩාවට පෙර ඉවත් කරන අතර නමුත් පිඩා කාලය තුළදී ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරෙන අය එහි සිටිනවා ඇත.

අනෙක් න්‍යායයන් සමඟ හවුලේ භුක්ති විඳින පූර්ව පීඩා කාලීන දැක්මේ අවසාන දුර්වලකම නම්, අනාගතයේ සිදුවීම් පිළිබඳ බයිබලය නිශ්චිත කාල සීමාවක් දක්වන්නේ නැත. ලියවිල්ල විශේෂයෙන් එකක් අභිබවා තවත් දැක්මක් උගන්වන්නේ නැත. අවසාන කාලය පිළිබඳ අපට විවිධ මතයන් ඇත්තේද එබැවින් වන අතර, ඊට සම්බන්ධවූ විවිධත්වයෙන් යුතු අනාගත වාක්‍යයන් එකමුතු කරගැනීමේදි: ප්‍රභේදයන් ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පූර්ව පීඩා කාලීන ඔසවා ගැනීම, එහි ඇති ශක්තීන් සහ දුර්වලතා මොනවාද (පූර්ව පීඩා කාලීන වාදය)?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries