settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය සංරක්‍ෂණය කිරීමේ භාෂිතය බයිබලයට අනුකුලද?

පිළිතුර


බයිබලය සංරක්‍ෂණය කිරීමේ භාෂිතය ලියවිල්ලට අනුව ස්වාමීන් වහන්සේ තම වචනය මුල් පිටපතෙහි අරුතට සමානව රැකගත් බව අරුත් ගන්වයි. බයිබලය සංරක්‍ෂණය කිරිම යනු සරලව පැවසුවහොත් අපට ලියවිල්ල විශ්වාස කිරීමට හැකි වන්නේ ශතවර්ෂ ගණනාවක් තුළ බයිබලය සංක්‍රමණයවීමේ ක්‍රියාවලිය දෙවියන් වහන්සේ විසින් ස්වෛරිව අභිප්‍රේක්‍ෂණය කර ඇති නිසාය.

අපටද මූල් ලියවිලි හෝ අත් අකුරු සටහන් නොමැති බැවින් සත් සම්ප්‍රජන්‍යයෙන් / පරීක්‍ෂාකාරීවත්යෙන් යුක්ව සිටිය යුතුය. අපටද ඇත්තේ පිටපත් කර ගන්නා ලද දහස් ගණන් අත් පිටපත්ය. මෙම අත් පිටපත් වල වෙනස්කම් ඇතිමුත් ඒවා ඉතාමත් කුඩා සහ වැදගත් ඒවා නොවන අතර දෙවියන් වහන්සේගේ වචනයට හෝ එහි අරුත් වලට කිසිම බලපෑමක් ඉන් ඇති නොකරයි. මෙම අසමානතාවයන් අක්‍ෂර වින්‍යාසයේ ඇති සුළු වෙනස්කම්ය. සැබවින්ම අක්‍ෂර වින්‍යාසයේ ඇති සුළු වෙනස්කම් කිසිවිටකත් ලියවිල්ලෙහි නිවරද්‍යතාවයට බලපෑමක් ඇති නොකරන අතර ඉන් දෙවියන් වහන්සේ තමන්ගේ වචනය රක්‍ෂා නොකළබව කට අරුතක් දේද? එවැනි අවස්ථා වලදි එක් අත් පිටපතක් සැලකියයුතු ලෙස අනෙකකින් වෙනස් වන කල්හි සියළු අත් පිටපත් සම්පූර්ණ වශයෙන් පරික්‍ෂණ කිරිමකින් හා සසඳා බැලීමකින් මුල් වචන යෙදු අන්දම නිශ්චිත වශයෙන් දැන ගත හැකිය.

පුරාණරවකයාගේ වෘත්තීය වූයේ ලියවිල්ලෙහි නිවැරදි පිටපත් සෑදීම ඉතා පරීක්‍ෂා සහිතව කිරීම විය. ඔවුන්ගේ සාවධාන යථාර්තයට එක් උදාහරණයක් වූයේ දෙන ලද පොතෙහි සියළු අකුරු ගණන් කර පොතෙහි මැද අකුර සටහන් කිරීමය. ඉන් පසුව ඔවුන් සාදන ලද පිටපතෙහි ඇති සියළු අකුරු ගණන් කර මැද අකුර සොයා එය මුල් පිටපතෙහි මැද අකුරට සමානවීද යන්න සහතික කරගනු ලැබේ. නිවරද්‍යභාවය තහවුරුකරගැනීම සඳහා ඔවුන් යෙදී සිටි රැකියාව එතරම්ම කාලය පරිභෝජනයට ගන්නා වෙහෙසකර එකක් විය.

තව දුරටත් දෙවියන් වහන්සේගේ වචනය රක්‍ෂා කිරීම සඳහා වූ දෙවියන් වහන්සේගේ සැලස්ම පිළිබඳ ලියවිල්ල සාක්‍ෂි දරයි. මතෙව් ශුභාරංචියෙහි 5:18 හි යේසුස් වහන්සේ මෙසේ පවසනලදී. "සැබෑවක් නුඹලාට කියමි. අහසත් පොළොවත් පහවයන තෙක්, සියල්ල සිදු වනතුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය". දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ වචනය සංරක්‍ෂණය කරණ බවට යේසුස් වහන්සේට සහතිකයක් නොවූයේ නම් යේසුස් වහන්සේට කිසිවිටකත් එම පොරොන්දුව දිය නොහැක. එමෙන් ම යේසුස් වහන්සේ මෙසේද පැවසූ සේක. "අහසත් පොළොවත් පහව යන්නේය. නමුත් මාගේ වචන පහ නොවන්නේය" (මතෙව් 24:35, මාර්ක් 13:31, ලූක් 21:33). දෙවියන් වහන්සේගේ වචනය පවතින අතර ඉන් දෙවියන් වහන්සේ සැලසුම් කළ සියල්ල සම්පූර්ණ කරනවා ඇත.

අනාගතවක්තෘ යෙසායා ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය කරණකොටගෙන දෙවියන් වහන්සේගේ වචනය සදාකල්ම පවතින බව පවසන ලදී. තණකොළ වියලෙයි. මල පරවෙයි. නමුත් අපගේ දෙවියන් වහන්සේගේ වචනය සදාකාලේටම පවත්නේය කියාය (යෙසායා 40:8). මෙය නැවත වතාවක් අළුත් ගිවිසුමෙහි පේත්‍රුස් යෙසායාගේ පාඨය රැගෙන ලියවිල්ල කෙරෙහි යොමුවෙමින් " මෙය වනාහි නුඹලාට දේශණා කරණ ලද ශුභාරංචි වචනයය (1පේත්‍රැස් 1:24-25) යනුවෙන් පැවසීමෙන් මෙය නැවතවතාවක් සහතික කරන ලදී. යෙසායාට හෝ පේත්‍රැස්ට දෙවියන් වහන්සේගේ වචනයේ සංරක්‍ෂණය පිළිබඳව වටහා ගැන්මක් නොමැතිව කිසිවිටක මෙවැනි ප්‍රකාශයක් කිරීමට නොහැකිය.

බයිබලය දෙවියන් වහන්සේගේ වචනය සදාකාලික බව ප්‍රකාශ කරන විට, එහි අරුත ස්වර්ගයෙහි සුරක්‍ෂිතාගාරයක වචනය සඟවා ඇති බව නොවේය. දේව වචනය විශේෂයන් මනූෂ්‍යසංහතිය සඳහා දෙන ලද්දක් බැවින් එය අපට ප්‍රයෝජනය සදහා නොවේනම් එහි පරමාර්ථය සම්පූර්ණ විය නොහැක. "මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලි වලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස පූර්වයෙහි ලියන ලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියන ලද්දේය" (රෝම 15:4). දෙවියන් වහන්සේගේ සුබ සුනෙහි වාර්ථා කරන ලද පණිවිඩය කරණකොටගෙන හැරෙන්නට මනූෂ්‍යයාට ගැලවීමට නොහැකිය (1 කොරින්ති 15:3-4). එබැවින් සුබසුන "පොළොවේ සීමා දක්වා" (ක්‍රියා 13:47) ප්‍රකාශවීම සඳහා වචනය සංරක්‍ෂණය විය යුතුය. ලියවිල්ල අධිස්වාභාවික සංරක්‍ෂණය නොවුයේ නම්, පණිවිඩයේ සංස්ථායීත්වය පිළිබඳ තහවුරු කිරීමට මඟක් නොමැත.



English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය සංරක්‍ෂණය කිරීමේ භාෂිතය බයිබලයට අනුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries