දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය තුළ සිටීම යන්නෙහි අර්ථය කුමක්ද?


ප්‍රශ්නය: දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය තුළ සිටීම යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර:
වැටීමට පළමුවෙන් ආදම් සහ ඒව දෙවියන්වහන්සේ හා සමග ඉතා සමීප ඇසුරක් තිබිණි (උත්පත්ති 3:8). එවක පටන් දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි ශාරිරීකව සිටිමට ඇති හැකියාව පාපය හේතුකොටගෙන වළක්වනු ලැබීය (නික්මයාම 33:20). වර්තමානයේ දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ශාරිරිකව පෙනී සිටින්නේ දේව දූතයන් පමණි (ලුක් 1:19). එනමුත් කිතුණුවන්ට දෙවියන්වහවන්සේගේ අභිමුඛත්වය අප තුළම දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ඇත්තේ උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙනය. (යොහාන් 14:16-17, 23;15:4; 1 කොරින්ති 2:10-16; එපීස 1:13-14) එසේම එම අභිමුඛත්වය පැමිණෙනු ලබන්නේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඇදහිල්ල කරණකොටගෙනය.

උන්වහන්සේගේ වචනයට ඇති කීකරුකම හේතුකොටගෙන අපට මෙම අභිමුඛත්වයේ යථාර්ථය පිළිබදව දැනුවත් වෙමු. "නමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැදවාගත් තැණන්වහන්සෙගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස නුඹලා වනාහී තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනගක්ද වන්නහුය" (1 පේත්‍රස් 2:9). අප "වනාහී තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනගක්ද වන්නහුය" යනුවෙන් පේත්‍රස් විසින් ප්‍රකාශ කොට ඇති දේ සටහන් කර ගන්න. අප උන්වහන්සේට අයිති වේ නම් උන්වහන්සෙගේ අභිමුඛත්වය අප අතරේ නොතිබේද? අප කෙතරම් දරුණු ලෙස අසමත් වුවද අපට කිසිවිටෙකත් දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයේ යථාර්ථය අහිමි නොවේ; අපගේ ගැළවීම අහිමි වන ප්‍රමාණයට අප පව් නොකරන්නෙමු; ශුද්ධාත්මයාණන්වහන්සේව පිටුවහල් කිරීමට තරම් අප කිසිවිටෙකත් කිදා නොබසින්නෙමු. අපගේ පාපය හේතුකොටගෙන අපට

දෙවියන්වහන්සේව කෝප කළ හැකි වෙමු නමුත් සැබෑ ඇදහිලිවන්තයන් කිසිවටෙකත් ශුද්ධාත්මයාණන්වහන්සේගේ අභිමුඛත්වය අහිමිකර නොගන්නෙමු. අපට කිසිවිටෙකත් දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයේ සැබෑ යථාර්ථය අහිමි නොවන අතර අපට උන්වහන්සේගේ අභිමුඛත්වයේ "හැගීම්" අහිමි විය හැකිය. සැම දෙවියන්වහන්සේගේ දරුවෙකුම විකල්පයක් නොමැතිවම වරින් වර දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය අහිමි වීමේ හැගීම හරහා ගමන් කරනු ලබන්නේ තම නිවස අතහැර මද කලකට ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින ඉඩම් හිමියෙකු මෙනි. මක්නිසාද ඔහු නිවස මුළුමනින්ම හිස් කොට හැර ගොස් නොමැත. මන්දයත් ඔහු එසේ කළෙහි නම් ඔහු සන්තක සියල්ල ඔහු සමග රැගෙන යනු ඇත. නමුත් ඔහු තම ගෘහ භාණ්ඩ හා බඩු බාහිරාදිය එම නිවසෙහි තබා ඇති හෙයින් ඔහු නැවත වරක් ආපසු එනු ඇතැයි ඉන් අදහස් නොවේද? අපගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමට ස්වාමින්වහන්සේ තීරණය කරන විට අධ්‍යාත්මික නැඹුරුතාවයක් ඇති බව ඕනෑම ඇදහිලිවන්තයෙකු දනියි. අප වඩාත් පවිත්‍ර වන්නට උන්වහන්සේ අපව දුක් පීඩා ගිනිදැල් මැදින් රැගෙන නොයන සේක්ද? (යෝබ් 23:10; 1 පේත්‍රස් 1:7).

දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය තුළ සිටීමේ ප්‍රායෝගික ප්‍රතිඵලය ප්‍රීතිය වේ! බොහෝ කිතුණුවන්ට දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය පිළිබදව මෙම හැගීම නොමැති හෙයින් ඔවුන් අඳුරුව සහ අධෛර්‍යයට පත්ව සිටිති. දෙවියන් වහන්සේ හා සමග කීකරුව සහ ඇදහිල්ලෙන් ගමන් කරන්නන්ට මෙම මිත්‍රත්වය ඉතා මිහිරි වේ. එනමුත් කිකරුකම සහ ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන් ලැබෙන මිහිරි මිත්‍රත්වය පසුකර ගෙන යන්නාවූ හැගීමක් නොවේ. විශේෂයෙන්ම අපගේ පීඩාවන් තුළදී එය අපව ශක්තිමත් කරනු ලබයි, මන්ද "ස්වාමින්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය" (නෙහෙමියා 8:10). ස්වාමින්වහන්සේගේ සහෝදරයාගේ ලියනු ලබන්නේ "මාගේ සහෝදරයෙනි අනේකාකාර පරීක්ෂා වලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියක් යයි සිතාපල්ලා" මන්දයත් පීඩා හේතුකොටගෙන ඇදහිල්ල ඇති වන අතර නොපසුබට වීර්‍යය එතුළින් වර්ධනයවේ. අප පීඩා තුළ දැඩි වීර්‍යය කරමින් අන්‍යයන්ට මෙන්ම අපටද අපගේ ඇදහිල්ල සැබෑ බව සනාථ කරන කළ අපගේ ප්‍රීතිය මෙන්ම දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය පිළිබද හැගීමද වැඩිවේ.

දාවිත් විසින් කථා කරනු ලබන්නේ ධර්මිෂ්ඨයන් විසින් පමණක් දැනගත හැකි ප්‍රීතියකි (ගීතාවලිය 16:11) – ඉදිරියේදී මහිමයෙන් සමිදාණන්වහන්සේගේ මුහුණ දකින කළ ප්‍රීතිය යනු ඊටත් වඩා විශාල මෙන්ම සදාකාලික ප්‍රීතියක පූර්වානුභවයකි.

English


නැවතත් සිංහල මුල් පිටුවට
දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය තුළ සිටීම යන්නෙහි අර්ථය කුමක්ද?