settings icon
share icon
ප්‍රශ්නය

අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීම නම් කුමක්ද? අන්‍යභාසවෙන් යාච්ඤා කිරීම දෙවියන් වහන්සේ හා ඇදහිලිවන්තයා අතරේ ඇති යාච්ඤා භාෂාවක්ද?

පිළිතුර


පසුබිමක් වශයෙන්, කරුණාකර අපගේ අන්‍යභාෂවෙන් යාච්ඤා කිරීමේ දීමනාව පිළිබඳ වාර්ථාව කියවන්න. අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීමට සාධක බයිබල් පද හතරක් සඳහන්වේ: රෝම 8:26; 1 කොරින්ති 14:4-17; එපීස 6:18 හා යූද් 20 වන පදයයි. එපීස 6:18 හා යූද් 20 හී සඳහන් කරන්නේ “ආත්මයෙන් යාච්ඤා කිරීම.” කෙසේ වෙතත්, අන්‍යභාෂාව යාච්ඤා භාෂාවක් හැටියට සාමාන්‍ය පරිවර්ථනයක් ලෙසට “ආත්මයෙන් යාච්ඤා කිරීම” නොවේ.

රෝම 8:26 අපට උගන්වනවා, එලෙසම ආත්මයාණන් වහන්සෙත් අපගේ දුර්වලකම් වලදී උපකාර කරන සේක. මක්නිසාද අයුතු ලෙස යාච්ඤා කරන්ට අප නොදනිමුව, නුමුත් ආත්මයාණන් වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම් වලින් අප උදෙසා මැදහත්කම් කරන සේක.” ප්‍රධාන කරුණු දෙකක් දැඩි ලෙස අසමානතා දක්වනවා රෝම 8:26 හී සඳහන් කරන අන්‍යභාෂාව යාච්ඤා භාෂාවක් යැයි යන්ට. පළමුව රෝම, 8:26 සඳහන් කරනවා “කෙඳිරි ගාන්නේ” ආත්මයාණෝ බවත් ඇදහිලිවන්තයන් නොවන බවත්. දෙවනුව, රෝම 8:26 හී සඳහන් කරනවා ආත්මයෙන් “කෙඳිරි ගෑම” “පෙන්නුම් කිරීමට නොහැකි බව” අන්‍යභාෂාව නම් වචන මිමිණීමකි.

එය අපව 1 කොරින්ති 14:4-17 හා 14 පදය වෙතට විශේෂයෙන් යොමු කරනවා: “මක්නිසාද මම අන්‍යභාෂාවකින් යාච්ඤා කරමි නම්, මාගේ ආත්මය යාච්ඤා කරන නමුත් මාගේ සිහි කල්පනාව ප්‍රයෝජන නැත.” 1 කොරින්ති 14:14 හී “අන්‍යභාෂාවෙන් යාඤා කිරීම” විශේෂයෙන් සඳහන් කරනවා මෙහි අදහස කුමක්ද? පළමුව, මේ පිළිබඳව අධ්‍යයනය කිරීම ඉතා වැදගත්ව තිබෙනවා. 1 කොරින්ති 14 වන පරිච්ඡේදය තුළ අන්‍යභාෂාවෙන් කථා කිරීමේ දීමනාව හා අනාගතවාක්‍ය පැවසීමේ දීමනාව අතර වෙනසක් තිබෙන බව සඳහන් කරයි. 2-5 පදවල පැහැදිලිව පාවුල්තුමා පවසනවා අනාගතවාක්‍ය පැවසීමේ දීමනාව අන්‍යභාෂාව පැවසීමට වඩා උසස්ව තිබෙන බවට. එම අවස්ථාවේදීම, අන්‍යභාෂාවේ වැදගත්කම ප්‍රකාශ කරන අතර ඔහු වෙන කිසිවෙකුට වඩා අන්‍යභාෂාවෙන් කථා කිරීම පිළිබඳව ඔහු සතුටු වන බවද පවසයි (18 පදය).

ක්‍රියා 2 පරිච්ඡේදයෙහි විස්තර කරනා දෙය නම් අන්‍යභාෂාවේ දීමනාවේ පළමුවන ක්‍රියාවලිය සිදුවීම පිළිබඳව. පෙන්තකොස්ත දවසේ, ප්‍රේරිතයන් අන්‍යභාෂාවෙන් කථා කළා, ක්‍රියා 2 හී පැහැදිලිව සඳහන් කරනවා ප්‍රේරිතයෝ කථා කළේ මනුෂ්‍ය භාෂාවකින් බවට (ක්‍රියා 2:6-8). “අන්‍යභාෂාව” යන වචනය පරිවර්ථනයවී ඇත ක්‍රියා 2 හා 1 කොරින්ති 14 පරිච්ඡේදයේ ග්ලෝසා එනම් “භාෂාව” යන්නයි. එයින් අපගේ නවීන ඉංග්‍රීසි භාෂාවේ වචනය වන “ග්ලෝසරි” යන්න අපට ලැබුණේ. අන්‍යභාෂාවෙන් කථා කිරීම නම් කථා කරන කෙනා නොදන්නා භාෂාවකින් කථා කිරීම වේ. එයින් එම භාෂාව කථා කරන කෙනෙකු හට ශුභාරංචි ගෙන යාම පිණිස. කොරින්තියේ බොහෝ සංස්කෘතින්ගෙන් ග්‍රහනයවූ ප්‍රදේශයක අන්‍යභාෂාවෙන් කථා කිරීම අත්‍යවශ්‍ය හා විශේෂිතවූ දෙයකි. මේ අන්‍යශාෂාවේ ප්‍රතිඵලයක් ලෙස කොරින්තියේ ඇදහිලිවන්තයන්ට ශුභාරංචිය හා දේව වචනය ඉතා පැහැදිලිව බෙදා ගැනීමට හැකි වේ. කෙසේ වෙතත්, පාවුල්තුමා ඉතා පැහැදිලිව පවසනවා මේ අන්‍යභාෂාව පරිහරණය (ව්‍යාවහාරය) කරනා විටදී පවා එය පරිවර්ථනය හෝ තෝරා දීමක් කළ යුතු බවට (1 කොරින්ති 14:13,27). කොරින්තියේ ඇදහිලිවන්තයෙක් අන්‍යභාෂාවෙන් කථා කළ හැකි අතර එයින් ඒ භාෂාව කථා කරන කෙනෙකු හට දෙවියන් වහන්සේගේ සත්‍යතාව ප්‍රකාශ කරීමට. එවිට ඒ ඇදහිලිවන්තයා හෝ සභාවේ තවත් ඇදහිලිවන්තයෙක්, එය පරිවර්ථනය කළ යුතුය මුළු සභාවටම පැවසුවේ කුමක්ද යන්න තේරුම් ගන්නා පිණිස.

කුමක්ද ඊටපසු, අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීම හා අන්‍යභාෂාවෙන් කථා කිරීම අතර වෙනසක් ඇත්තේ කෙසේද? 1 කොරින්ති 14:13-17 සඳහන් වන පරිදි අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීමද පරිවර්ථනය කළ යුතු බවට. ප්‍රතිඵලයක් වශයෙන් අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීම දෙවියන් වහන්සේ හට යාච්ඤාවක් පුද කිරීම සේය. එම යාච්ඤාවට එම භාෂාව කථා කරනා කෙනෙකුට සේවයක් කළ හැකි වේ. නමුත් එය පරිවර්ථනය කළ යුතුව තිබෙනවා මුළු ශරීරයටම එය තේරුම් යන පිණිස.

අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීම යාච්ඤාවේ භාෂාවක් ලෙස පවසන අය සමග මෙම පරිවර්ථනය එකඟ නොවේ. මෙම වටහා ගැනීම මෙවන් අයුරින් සාරාංශ ගත කළ හැකිය: අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීම පුද්ගලික යාච්ඤා භාෂාවකි දෙවියන් වහන්සේ හා ඇදහිලිවන්තයන් අතරේ (1 කොරින්ති 13:1) එය ඇදහිලිවන්තයා තමාව දියුණු කර ගැනීමට භාවිතා කරයි (1 කොරින්ති 14:4). මෙම පරිවර්ථනය පහත සඳහන් කරුණු සඳහා බයිබලයට පටහැණිය: 1) අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීම පුද්ගලික යාච්ඤාවක් වන්නේ කෙසේද? එය පරිවර්ථනය කළ යුතු නම් (1 කොරින්ති 14:13-17)? 2) අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීම තමා දියුණු කර ගැනීමට විය හැක්කේ කෙසේද? බයිබලයේ පවසා ඇත එය තමා දියුණු කර ගැනීමට නොව සභාවේ උන්නතිය සඳහා බවට (1 කොරින්තියන් 12:7). 3) අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීම පුද්ගලික යාච්ඤා භාෂාවක් වන්නේ අන්‍යභාෂා දීමනාව “නොඇදහිලිවන්තයන්ට ලකුණක්” නම් (1 කොරින්ති 14:22)? 4) බයිබලයේ පවසනවා සියලු දෙනාටම අන්‍යභාෂාවෙන් කථා කිරීමට නොහැකි බවට (1 කොරින්ති 12:11, 28-30). අන්‍යභාෂාව තමා දියුණු කර ගැනීමට වන්නේ කෙසේද? එය සියලු දෙනාටම ලබා ගත හැකි නම්? අප සියලු දෙනාම දියුණු (ආත්මිකව) විය යුතු නැද්ද?

අප කුමක් පවසමුද?, ඊටපසු බොහෝ අන්‍යභාෂාවෙන් කථා කරන ඇදහිලිවතුන් අත් දැක තිබෙනවා එය පුද්ගලික වර්ධනය වීමට හේතුවක් බවට? පළමුව, අපගේ ඇදහිල්ල හා ක්‍රියාව ලියවිල්ල මත පදනම් කළ යුතුය. අත් දැකීම් මත නොව, අප අපගේ අත් දැකීමි පෙන්විය යුත්තේ ලියවිල්ලේ ආලෝකය තුළය. අප‍ෙග් අත්දැකීම් වල එලියෙන් ලියවිල්ල පරිවර්ථනය නොකළ යුතුය, දෙවනුව, බොහෝ ආගම් හා ලබ්දි ආගම් වලද අන්‍යභාෂාව කථා කිරීම පිළිබඳව වාර්ථා කරයි. අන්‍යභාෂාවෙන් යාව්ඤා කිරීම නියත වශයෙන්ම ශුද්ධාත්මයාණෝ එවැනි නොඇදහිලිවන්තයන්ට එම දීමනාව නොදේ. එමනිසා, යක්‍ෂයන්ට හැකියාව තිබෙනවා අන්‍යභාෂාව ව්‍යාජ ලෙස පරිහරණය කිරීමට. එම නිසා අපි අපගේ අත්දැකීම්ද ලියවිල්ල සමග ඉතා සුපරික්‍ෂාවෙන් සසඳා බැලිය යුතුය. තෙවනුව, අධ්‍යයනයන් පෙන්වා ඇත අන්‍යභාෂාවෙන් කථා කිරීම / යාච්ඤා කිරීම තුළින් චරිතවත් බවක් / හික්වීමක් ඇති වන බවට. තවත් කෙ‍ෙනකු අන්‍යභාෂාවෙන් කථා කිරීම අසා සිටීමෙන් හා සෝදිසි කිරීමෙන්, පුද්ගලයෙකුට පිළිවෙල / ගමන් මග ඉගෙන ගත හැක. සිතෙහි අප්‍රකටව පවත්නා දේවලුත්. මෙය ඉතාමත් සරළ පැහැදිලි කිරීමක් ඇදහිලිවන්තයන්ගේ අන්‍යභාෂාවෙන් කථා කිරීම / යාච්ඤා කිරීම පිළිබඳව. සිව්වැන්න, “තමා වර්ධනය” කර ගැනීමේ හැඟීම ස්වභාවිකයි. සාමාන්‍ය මිනිස් ශරීරය හෝමෝන නිපදවනවා එයට අළුත් අත් දැකීමක් ලැබුනු විට, උද්යෝගමත්, හැගීම්බර හා / හෝ සාමාන්‍ය අදහස් වලින් බැහැරවූ දේ.

අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීම නියත සිදුවීමකි කිතුනුවන් ගෞරවාන්විතව හා ප්‍රේමණීයව එකඟතාවය පල කරන එකඟ නොවන්නට. අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීම ගැලවීම ලැබීමට අත්‍යවශ්‍ය දෙයක් නොවේ. අන්‍යභාෂාවෙන් කථා කිරීම මේරු කිතුනුවෙකු හා නොමේරු කිතුනුවකු වෙන්කර හඳුනා ගැනීමක්ද නොවේ. කෙසේ හෝ අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීම පුද්ගලික යාච්ඤා භාෂාවක් ලෙසද වෙනවා එය කිතුනු ඇදහිල්ලේ මූලික සත්‍යතාව නොවේ. එම නිසා අප බයිබලයේ සඳහන් පරිවර්ථනය අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීම, පුද්ගලික යාච්ඤා භාෂාවක් පුද්ගලික වර්ධනයට යන්නෙන් ඉවතට ගෙන යයි. අපි එසේම, හඳුනා ගන්නවා එය ක්‍රියා කරන අප‍ෙග් සහෝදර සහෝදරියන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ ප්‍රේමය හා ගෞරවය ලැබීමට සුදුස්සෝය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අන්‍යභාෂාවෙන් යාච්ඤා කිරීම නම් කුමක්ද? අන්‍යභාසවෙන් යාච්ඤා කිරීම දෙවියන් වහන්සේ හා ඇදහිලිවන්තයා අතරේ ඇති යාච්ඤා භාෂාවක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries