මළවුන්ට යාච්ඤා කිරීම හා ඔවුන් සමග කථාකිරීම ගැන බයිබලයේ සදහන් වන්නේ කුමක්ද?


ප්‍රශ්නය: මළවුන්ට යාච්ඤා කිරීම හා ඔවුන් සමග කථාකිරීම ගැන බයිබලයේ සදහන් වන්නේ කුමක්ද?

පිළිතුර:
මළවුන් හට යාච්ඤා කිරීම බයිබලය අනුව සපුරා තහනම්ය. ද්වීතීය නීතී සංග්‍රහය 18:11 පදය මගින් අපට පෙන්වා දෙන්නේ මළවුන් සමග ගනු දෙනු කරන අය දෙවියන්වහන්සේ පිළිකුල් කරන බවය. මියගියා වූ සාමුවෙල්ගේ ආත්මය නැවත ගෙන්වා ගැනීමට සාවුල් දැරූ ප්‍රයන්තය නිසා ඔහුට මරණය අත්විය. ඒ කුමක් නිසාද යත්, සාවුල් දෙවියන්වහන්සේට විශ්වාසවන්තව නොසිටි නිසාත්, උන්වහන්සේගේ වචනය රක්ෂා නොකළ නිසාත්, මගපෙන්වීම සදහා වෙනත් මාර්ග සෙවූ නිසාත්ය. එවැනි ක්‍රියාවන් නොකළ යුතු බව දෙවියන්වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කර ඇත.

දෙවියන්වහන්සේගේ ගතිලක්ෂණ සලකා බලන්න. උන්වහන්සේ සෑම තැනකම එකම වේලාවක දී වැඩ වසන සේක. තවද ලෝපුරා පවත්වන සෑම යාච්ඤාවකටම සවන් දීමේ හැකියාව උන්වහන්සේට ඇත. (ගීතාවලිය 139:7–12). කිසිම මනුෂ්‍යයකුටම නම් මෙම හැකියාව නොමැත. එසේම, යාච්ඤාවලට පිලිතුරු සැපයීමේ බලය ඇති එකම තැනන්වහන්සේ, දෙවියන්වහන්සේ ය. මේ අන්දමින් බලන කල දෙවියන්වහන්සේ සර්වබලධාරී දෙවිකෙනෙකි. (එලිදරව් 19:6). සත්තකින්ම මෙම බලය ජීවත්වන හෝ මියගිය කිසිම මනුෂ්‍යයකු සතුව නැත. අවසාන වශයෙන් සදහන් කළ යුත්තේ, දෙවියන්වහන්සේ සියල්ල දන්නා සේක, (ගීතාවලිය 147:4–5) බවත්, අප යාච්ඤා කිරීමට පෙරාතුවම අපගේ සැබෑ අවශ්‍යතා අපටත් වඩා හොදින් උන්වහන්සේ දන්නා සේක යන්නත්ය. උන්වහන්සේ අපගේ අවශ්‍යතාවයන් දන්නවා පමණක් නොව, අපගේ යාච්ඤාවලට උන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්ත අනුව පිලිතුරු දෙන සේක.

එබැවින්, මියගිය තැනැත්තෙකුට අපගේ යාච්ඤා පිලිගැනීමට හැකියාවක් ඇතිවන්නේ, එම මියගිය තැනැත්තා එම යාච්ඤාට ඇහුම්කන් දීම වන අතර, එම යාච්ඤාව පිලිගන්නවන තැනැත්තාට සුදුසුම ආකාරයට පිලිතුරු සැපයිය යුත්තේ කෙසේද යන්න දැනගත් යුතු අතර, ඒ සදහා බලය ද තිබිය යුතු ය. අපගේ යාච්ඤාවලට සවන්දි එයට පිලිතුරු දිය හැක්කේ දෙවියන්වහන්සේට පමණකි. එයට හේතුව නම්, උන්වහන්සේගේ පරිපූර්ණ භාවය සහ, සමහර දේවධර්මාචාරවරුන් පවසන අන්දමට මනුෂ්‍යවර්ගයාගේ ක්‍රියාකාරකම් සමග උන්වහන්සේගේ ඇති සෘජු සම්බන්ධතාවය නැමැති ගුණාංග නිසාය (1 තිමොති 6:14–15). මෙම කරුණු යාච්ඤාවලට පිලිතුරු ලැබීමට ඉවහල් වේ.

කෙනෙකුගේ මරණින් පසුව වුව ද, එම තැනැත්තා ගැන සහ ඔහුගේ ඉරණම සදහා දෙවියන්වහන්සේ මැදිහත්වන සේක. හෙබ්‍රෙව් 9:7 පදය අනුව, තවද එක් වරක් මරණයත්, ඉන්පසු විනිශ්චයත් ඇත. යම් මනුෂ්‍යයෙකු ක්‍රිස්තුස්වහන්සේ තුල ජීවත්ව සිට මියගියහොත් එම තැනැත්තා ස්වර්ගයෙහි දි ස්වාමින්වහන්සේ ගේ අභිමුඛත්වයට පැමිණෙනු ඇත. (2 කොරින්ති 5:1 විශේෂයෙන් 8 වන පදය). එසේම යම් මනුෂ්‍යයකු පව්කාර ලෙස ජීවත්වුවහොත්, ඔහු මරණින් පසුව නිරයට පැමිණේ. ඉන්පසුව එහි සිටින සියල්ලෝම ගිනිවිලට ඇද දමනු ලබති (එලිදරව් 20:14–15).

වේදනාවෙන් දුක්විදින කෙනෙකුට මෙන්ම, දෙවියන්වහන්සේ සමග ස්වර්ගීය සැපත ලබන කෙනෙකුට අපගේ යාච්ඤාවලට සවන් දීමට හෝ පිලිතුරු දීමට නොහැක. අප යාච්ඤා කරන්නේ දුක්ගාවිනා විදින අයකුට නම්, එම තැනැත්තා අපගේ යාච්ඤා වලට සවන් දී පිලිතුරු ලබා දේයයි බලපොරොත්තු විය හැකි ද? එසේම ස්වර්ගයේ වසන කෙනෙකුට මෙම ලෝකයේ ලෞකික ප්‍රශ්න ගැන උනන්දුවක් තිබිය හැකි ද? දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර මැදිහත්කරු ලෙස උන්වහන්සේගේ පුත්‍රයාණන් වන ක්‍රිස්තුස්වහන්සේව අපට ලබා දී ඇත. (1 තිමොති 2:5). යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ මැදහත් කරුවාණන් නිසා, අපට උන්වහන්සේ තුලින් දෙවියන්වහන්සෙට ල!ගාවීමට හැක. පව්කාර මියගිය තැනැත්තකු වෙතින් දෙවියන්වහන්සේට ලගාවීමට තැත් කිරීම, උන්වහන්සේගේ උදහසට ලක්වීමේ අවදානම සහිත ක්‍රියාවක් හෙයින්, එසේ කිරීමට අපට ඇති අවශ්‍යතාවය කුමක් ද?

English


නැවතත් සිංහල මුල් පිටුවට
මළවුන්ට යාච්ඤා කිරීම හා ඔවුන් සමග කථාකිරීම ගැන බයිබලයේ සදහන් වන්නේ කුමක්ද?