දේව දූතයන්ට යාච්ඤා කිරීම බයිබලය ප්‍රවර්ධනය කරනවාද නැත්නම් තහනම් කරනවාද?



ප්‍රශ්නය: දේව දූතයන්ට යාච්ඤා කිරීම බයිබලය ප්‍රවර්ධනය කරනවාද නැත්නම් තහනම් කරනවාද?

පිළිතුර:
"ඔබ දේව දූතයන්ට යාච්ඤා නොකළ යුතුයි" ඉතා පැහැදිලි නිශ්චිත පදයක් නොමැති වුවද, දේව දූතයන්ට යාච්ඤා නොකළ යුතු බව ඉතාමත් අධික ලෙස පැහැදිලිය. අවසාන වශයෙන් යාච්ඤාව නමස්කාරයේ ක්‍රියාවක්ය. දේව දූතයන්ද අපගේ නමස්කාරය ප්‍රතික්‍ෂේප කරන අතර (එළිදරව් 22: 8-9), එලෙසම අපගේ යාච්ඤාවද ප්‍රතික්‍ෂේප කරනවා ඇත. දෙවියන් වහන්සේට හැරෙන්නට අපගේ නමස්කාරය හෝ යච්ඤාච වෙන දෙයකට හෝ වෙන කෙනෙකුට ඔප්පු කිරීම රූප නමස්කාරයක් වේ.

දේව දූතයන්ට නමස්කාර කිරීම වැරදි බව පවසන්නට සමහර ප්‍රායෝගික සහ දේව ධාර්මික කරුණු වේ. ක්‍රිස්තුස් වහන්සේද පියාණන් වහන්සේට හැරෙන්නට වෙන කිසිවෙකුට යාච්ඤා කළේ නැත. ගෝලයන් එතුමාණන් වහන්සේගෙන් යාච්ඤා කළ යුතු ආකාරය උගන්වන්න යයි පැවසූ කල්හි එතුමාණන් උපදෙස් දෙනු ලැබුවේ "එහෙයින් නුඹලා මෙසේ යාච්ඤා කරන්න, ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණනි" (මතෙව් 6:9, ලූක් 11:2). දේව දූතයන්ට යාච්ඤා කිරීම අප මෙන්ම ගෝලයන් කළ යුතුව තිබුණේ නම්, මෙම සිදුවීමේදී එතුමාණන් වහන්සේ එය කළ යුතුව තිබූණේය. පැහැදිලිවම අප යාච්ඤා කළ යුතුව ඇත්තේ දෙවියන් වහන්සේට පමණි. මෙය මතෙව් 11:25-26 ප්‍රත්‍යක්‍ෂ වේ මන්ද ක්‍රිස්තුස් වහන්සේ යාච්ඤාව ආරම්භ කරනු ලබන්නේ "ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි", යනුවෙනි. යේසුස් වහන්සේ එතුමන්ගේ යාච්ඤාව පියාණන් වහන්සේව ආමන්ත්‍රණය කරමින් ආරම්භ කළා පමණක් නොව, එතුමන්ගේ යච්ඤා ඉල්ලීම් වූයේ සර්වබලධාරී, සර්වඥ, සර්වස්ථාන, බලයන් සහිතවූ කෙනෙකුට පමණක් සපුරාලිය හැකි ඒවාය. දේව දූතයන්ට යාච්ඤා කිරීම උදාසීන එකක් විය හැකි වන්නේ ඔවුන් මවන ලද අය වන අතර මෙම බලයන් ඔවුන් සතු නොවන නිසාය.

යේසුස් වහන්සේ තම අනුගාමිකයන් උදෙසා යොහාන් 17:1-26 යාච්ඤා කරනු ලැබුයේ පියාණන් වහන්සේ ගෙන් විවිධ ආශීර්වාද සහ පවිත්‍ර කිරීම, මහිමයට පත්කිරීම සහ ආරක්‍ෂා කිරීම ඉල්ලමින්ය. මෙම ආශීවාර්දයන් පැමිණිය හැක්කේ දැනටමත් එම ආශිර්වාද අත දරා සිටින කෙනෙකු ගෙන් පමණි. නැවතත්, දේව දූතයන්ට එම බලයන් නොමැත. දේව දූතයන්ට අප පවිත්‍ර කළ නොහැක, ඔවුන්ට අප මහිමයට පත් කළ නොහැක, එමෙන්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ උරුමය පිළිබඳ සහතික විය නොහැක (එපීස 1:13-14).

දෙවනුව ක්‍රිස්තුස් වහන්සේ යොහාන් 14:13 දී එතුමාණන් වහන්සේගෙන් නාමයෙන් ඉල්ලන ලද ඕනෑම දෙයක් දෙනු ලබන්නේ එතුමාණන් ඝෘජුවම පියාණන් වහන්සේගෙන් ඉල්ලන බැවින්ය. ක්‍රියාශීලී සහ බයිබලීය මඟ පෙන්වීමක් තුළ සිදුවන යාච්ඤාවකට වඩා දේව දූතයන්ට කරණ යාච්ඤා උදාසීන වේ (යොහාන් 16:26 බලන්න). දේව දූතයන් හෝ වෙනත් මවනු ලැබූ කෙනෙක් පියාණන් වහන්සේට මැදහත්කම්කාර කරන්නෙක් ලෙස දක්වනු නොලබයි. පියාණන් වහන්සේ ගේ සිංහාසනය ඉදිරිපිට මැදහත්කාරකම් කළ හැක්කේ පූත්‍රයාට සහ ශුද්ධාත්මයාණන් වහන්සේට පමණි (රෝම 8:26).

අවසාන වශයෙන්,1 තෙසලෝනික 5:17 ඇදහිලිවන්තයන්ට පවසන්නේ නොකඩවා යාච්ඤා කරන ලෙසයි. මෙය සිදුවිය හැක්කේ සෑම මනුෂ්‍යයෙකුගේම ඉල්ලීම් සමකාලිකව ඇසිය හැක, ඕනෑම අවස්ථාවක ඇදහිලිවන්තයාට පිවිසිය හැකි දෙවියන් වහන්සේ කෙනෙක් සිටිය හොත් පමණි. දේව දූතයන්ට මෙම හැකියාව නොමැත. මන්දයත් ඔවුන් සර්ව්‍යාපී හෝ සර්වබලධාරී නොවන බැවින් අපගේ යාච්ඤාවන් ලැබීමට සුදුස්සන් නොවේ. ක්‍රිස්තුස් වහන්සේ තුළින් කෙරෙන යාච්ඤා පමණක් සුදුසු සහ ක්‍රියාශීලී වන අතර එමඟින්ම පමණක් දෙවියන් වහන්සේ හා සන්නිවේදනය කළ හැක. නැත, සැබවින්ම දේව දූතයන්ට යාච්ඤා කිරීම බයිබලීය සංකල්පය නොවේ.



නැවතත් සිංහල මුල් පිටුවට



දේව දූතයන්ට යාච්ඤා කිරීම බයිබලය ප්‍රවර්ධනය කරනවාද නැත්නම් තහනම් කරනවාද?