settings icon
share icon
ප්‍රශ්නය

මළවුන් උදෙසා යාච්ඤා කිරීම ගැන බයිබලයේ සදහන් වන්නේ කුමක්ද?

පිළිතුර


මළවුන් උදෙසා යාච්ඤා කිරීම බයිබලයට අනුකූල නොවේ. යම්කිසි පුද්ගලයෙකු මිය ගිය පසුව අප ඔවුන් වෙනුවෙන් කරන යාච්ඤා ඔවුන් කෙරෙහි කිසිම බලපෑමක් නැත. සැබෑව වන්නේ යම් පුද්ගලයෙකු මිය යන මොහොතේ දීම ඔහුගේ සදාතන උරුමය තහවුරු වන බවය. මිය ගිය තැනැත්කු තමා යේසුස්වහන්සේ තුළ දැක්වූ ඇදහිල්ල තුළින් ගැළවීම ලබා දෙවියන් වහන්සේ ඉදිරියේ ස්වර්ගයේ සතුටින් හා සැනසිල්ලෙන් සිටියි. එසේ නොමැති නම් ඔහු හෝ ඇය නිරයේ දුක් වේදනා වලට භාජනය වේ. මෙම කාරණාවේ. සත්‍යයභාවය ලාසරස් සහ පොහොසතාගේ කථාවෙන් පැහැදිලිව අපට පෙන්වා දී ඇත. එමගින් යේසුස්වහන්සේ අපට උගන්වන කරුණ නම් මරණින් පසුව අධර්මිෂ්ඨ අය සදහටම දෙවියන්වහන්සේගෙන් ඈත් වන අතර ඔවුන් ශුද්ධ ලියවිල්ල ප්‍රතික්ෂේප කිරීම ගැන සිහිපත් කරමින් දුක් ගාවිනා විදිමින් සිටින බවත් ඔවුන්ට එම තත්වයෙන් මිදීමක් නොමැති බවත්ය (ලුක් 16:19–31).

බොහෝවිට තමන්ගේ ආදරණීය කෙනෙක් මිය ගිය විට ඔහු හෝ ඇය සදහාද ඔවුන්ගේ පවුලේ අය සදහාද යාච්ඤා කිරීමට මනුෂ්‍යයන් උනන්දු වෙති. සැබවින්ම අප ශෝක වන්නන් ගැන යාච්ඤා කළ යුතු නමුත් මළවුන් වෙනුවෙන් යාච්ඤා නොකළ යුතුය. කෙනෙක් මිය ගිය පසුව අන් අයගේ යාච්ඤා කරණාකොටගෙන යම් සුභවාදී තත්වයක් තමාට අත්වන බව කිසිවකු කිසිවිටෙක විශ්වාස නොකළ යුතුය. බයිබලයේ අපට උගන්වන්නේ මනුෂ්‍යය වර්ගයාගේ සදාතනික උරුමය තීරණය වන්නේ මෙලොව ඔහු ජීවත් වන ආකාරය මත බවය. එසකියෙල් 18:20 පදයේ මෙසේ දැක්වේ. පව් කරන පුද්ගලයාම නසිනු ඇත. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත් දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විදින්නේය.

හෙබ්‍රව් 9:27 පදය මගින් හෙබ්‍රව් වාසීන්ට දුන් පණිවුඩය එනම් තවද එක් වරක් මරණයත් ඉන් පසුව විනිශ්චයත් ඇත යන්න අපටත් අදාලවේ. එමගින් අප වටහා ගත යුත්තේ කිසිවකුගේ මරණින් පසුව තමාගේ ආත්මික තත්වය ස්වඋත්සාහයෙන් හෝ අන් අයගේ උත්සාහයෙන් වෙනස් කරගත නොහැකි බවය. 1 යොහාන් 5:16 පදය අනුව මරණයට පමුණුවන පාපයක් කළ ජීවතුන් අතර සිටින කෙනෙකු වෙනුවෙන් යාච්ඤා කිරීම නිශ්පලය. එනම් දෙවියන් වහන්සේගේ කමාව නොසොයමින් දිගින් දිගටම පාපයේ යෙදෙමින් ජීවත් වන අය ගැන යාච්ඤා කිරීම පල රහිතවේ නම් මළවුන් වෙනුවෙන් කරන යාච්ඤා මගින් ඔවුන්ට කිසිඳු සුභ සිද්ධියක් නොවේ. එයට හේතුව නම් මරණින් පසුව ගැළවීම ලබා ගැනීමට කිසිම ක්‍රමයක් නොමැති වීමය.

අප සැමටම ඇත්තේ එක් ජීවිත කාලයක් පමණක් වන අතර එය අප ගත කරන්නේ කෙලෙසද යන්න ගැන අප වගකිව යුතුය. අන් අය අපට බොහෝ බලපෑම් කරනවා විය හැකි වූවත් අවසානයේදී තමන් විසින්ම කළ තෝරා ගැනීම් ගැන අප ගණන් දිය යුතුය. තමාගේ ජීවිත කාලය අවසන් වූ පසුව තෝරා ගැනීම් කිසිවක් කළ නොහැකි අතර අපට ඇත්තේ විනිශ්චයට මුහුණ දීම පමණක්ය. මෙහිදී අන් අයගේ යාච්ඤා මගින් ඔවුන්ගේ අභිප්‍රායයන් එළිදැක්විය හැකි නමුත් එමගින් ප්‍රතිපලය වෙනස් කළ නොහැක. එබැවින් අප අන් අය වෙනුවෙන් යාච්ඤා කළ යුත්තේ ඔහු හෝ ඇය ජීවත්ව සිටින කල්හී වන අතර එමගින් ඔවුන්ගේ හදවත් ආකල්ප සහ හැසිරීම වෙනස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත (රෝම 2:3–9).

වේදනා පීඩා සහ ආදරණීය අයගේ වියෝවීම් වලදී ඒ වෙනුවෙන් යාච්ඤා කිරීමට අප කැමැත්තක් දැක්වීම ස්වභාවික තත්වයක් වූවද බයිබලය මගින් අනාවරණය වන අන්දමට සාර්ථක යාච්ඤාවේ සීමාවන් අප දනිමුව. යාච්ඤා කිරීම සම්‍බන්ධව පිළිගත හැකි ක්‍රමයක් අඩංගු වන්නේ බයිබලයේ පමණක් වන අතර මළවුන් සදහා යාච්ඤා කිරීම නිශ්පල බව එමගින් අපට උගන්වා ඇතග ක්‍රිස්තියානි ධර්මය අනුගමනය කරන සමහර අය මළවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම පවත්වාගෙන යති. උදාහරණයක් වශයෙන් රෝමානු කතෝලික ධර්මය අනුව මළවුන් හට සහ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම අනුමත කර ඇත. එනමුත් පොත් 66 කින් සමන්විත ශුද්ධ ලියවිලි වල මළවුන් ගැන යාච්ඤා කිරීමට අනුමැතියක් දී නොමැති බව කතෝලික සභාවේ නීති රීති ඇතුලත් ලේඛන සභාවේ පැවතගෙන එන චාරිත්‍ර සහ ට්‍රෙන්ටි කවුන්සිලයේ නියමයන් ආදිය මෙම පිළිවෙතේ නිවැරදිභාවය තහවුරු කරගැනීමට උපයෝගී කර ගනිති.

බයිබලය අපට උගන්වන්නේ ගැළවුමිකරුගේ කැමැත්තට යටත්ව (හෙබ්‍රව් 5:8 – 9). ජීවත්වූ අය මරණින් පසුව ඬණිකවම සහ සෘජුවම ස්වාමින්වහන්සේගේ අභිමුඛත්වයට පැමිණෙන බවය (ලුක් 23:43, පිලිප්පි 1:23, 2 කොරින්ති 5:6, 8) එබැවින් එවැනි අය වෙනුවෙන් පොලෝවැසියන් වන අප යාච්ඤා කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? තමන්ගේ ආදරණීයයන්ගේ වියෝවීම වෙනුවෙන් ශෝකවන අය සමග අපද ශෝක විය යුතුය. නමුත් එවිට අප මතක තබා ගත යුත්තේ ප්‍රසාද ජනක කාලයේදී මම ඔබට සවන් දුනිමි; ගැළවීමේ දවසේදී මම ඔබට පිහිට වුනෙමි' යන බයිබල් පාඨය ගැනය (2 කොරින්ති 6:2). මෙම ප්‍රකාශය ශුද්ධ ලියවිල්ල සැකසූ වකවානු වලට අදාල වුවද නිසැකයෙන්ම සිදුවන මරණයට සහ ඉන්පසු සිදුවන විනිශ්චයට මුහුණ දීමට සූදානම් නොමැති ඕනෑම කෙනෙකුටද එය අදාලවේ (රෝම 5:12, 1 කොරින්ති 15:26, හෙබ්‍රව් 9:27) මරණය වනාහී අවසන් තීන්දුව වන අතර තමා ජීවත්ව සිටින කාලයේදී ප්‍රතික්ෂේප කළ ගැළවීම මරණින් පසුව ලබා දීමට කෙතරම් යාච්ඤා කළත් එම තැනැත්තාට එය ලබා දිය නොහැකිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මළවුන් උදෙසා යාච්ඤා කිරීම ගැන බයිබලයේ සදහන් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries