settings icon
share icon
ප්‍රශ්නය

අප නොඇදහිලිවන්තයන් වෙනුවෙන් යාච්ඤා කරනවිට කළ යුත්තේ කුමන ආකාරයේ යාච්ඤාවන්ද?

පිළිතුර


අපට යේසුස්වහන්සේ යාච්ඤා කළ යාච්ඤාවන් ආදර්ශයට ගැනීමෙන් නොඇදහිලිවන්තයන් වෙනුවෙන් යාච්ඤා කරන්නේ කෙසේදැයි ඉගෙන ගත හැකිය. ශු.යොහාන් 17 යනු යේසුස්වහන්සේගේ දීර්ඝතම වාර්තාගත යාච්ඤාව වන අතර එහි උන්වහන්සේ යාච්ඤා කළ ආකාරය අපට පෙන්වයි. එහි 3 වන පදයෙහි, "සදාකාල ජීවනය නම් මේය: එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳින ගැනීමය" යැයි පවසයි. උන්වහන්සේ පියාණන් වන දෙවියන්වහන්සේව මනුෂ්‍යයන්ට දැන හඳුනා ගන්න ලෙස යාච්ඤා කළ සේක. ඔවුන්ට දෙවියන් වහන්සේව දැන ගැනීමට හැකි වන්නේ පුත්‍රයාණන් වනක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය (ශු. යොහාන් 14:6; 3:15-18). එසේ නම් මෙය යේසුස් වහන්සේගේ ආශාව නම්, අපි ඒ හා සමානව යාච්ඤා කරනවිට අපි නිවැරදි බව තේරුම් ගනිමු. දෙවියන්වහන්සේ සමඟ එකඟවන ඕනෑම යාච්ඤාවක් ඵලදායී යාච්ඤාවකි (1 යොහාන් 5:14; යාකොබ් 5:14).

දෙවන පේත්‍රැස් 3:9 ද අපට, නොඇදහිලිවන්තයන් කෙරෙහි දෙවියන් වහන්සේගේ හදවත දෙස බැලීමක් සිදුකරයි. එහි "ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමින්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවන සේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසන සේක" යැයි සඳහන්වේ. කිසිවෙකු සදාකාලික ජීවිතය උන්වහන්සේගේ අභිමුඛයෙන් ඈත්ව ගත කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේ (රෝම 6:23). අපි නොඇදහිලිවන්තයන්ගේ ජීවිතවල පසුතැවිල්ල උදෙසා යාච්ඤා කරනවිට, අපි දෙවියන්වහන්සේ සමඟ එකඟ වන්නෙමු. එමෙන්ම යේසුස්වහන්සේගේ යහපත්කම දැන ගැනීම සඳහාද උන්වහන්සේගේ ශරීරයේ අවයවවීම උදෙසා මනුෂ්‍යයන්ට අවස්ථාවන් ලබා දීම සඳහා අපට යාච්ඤා කළ හැකිය (ගලාති6:10; කොලොස්සි4:5; එපීස5:15-16). දෙවියන්වහන්සේ ඒවා ලබා දුන් විට එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ප්‍රේරිතයන් කළාක් මෙන් අපට නිර්භීතකම ඉල්ලා යාච්ඤා කළ හැකිය (ක්‍රියා 4:13, 29; එපීස6:19).

මුරණ්ඩු හදවත් පසුතැවිල්ල දෙසට හැරවීමට අවශ්‍ය ඕනෑම තත්වයක් දෙවියන් වහන්සේ විසින් මෙහෙයවන ලෙසට අපට යාච්ඤා කළ හැකිය. ගීතාවලිය119:67 හී, "මට විපත්ති පැමිණෙන්ට පළමුවෙන් මුළාව ගියෙමි; නුමුත් දැන් ඔබගේ වචනය පවත්වමි" පවසයි. අපව ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන යාමේදි බොහෝවිට වේදනාකාරී තත්වයන් වලට මුහුණදීමට සිදුවේ. අපි යේසුස්වහන්සේව නාඳුනන ආදරණීයයන් වෙනුවෙන් යාච්ඤා කරනවිට, රැකවරණය සහ ආශිර්වාදය ඉල්ලා දෙවියන්වහන්සේගෙන් අයදීමට පෙළඹේ. කෙසේවෙතත්, රූප වන්දනාවට ඔවුන්ගේ ජීවිත කෙරෙහි ඇති පාලනය බිඳ දැමීමට අවශ්‍ය නම් සමහරවිට ප්‍රතිවිරුද්ධව යාච්ඤා කිරීම අවශ්‍ය වේ. සැනසිල්ල, භෞතිකවාදය, කාමුකත්වය සහ ඇබ්බැහිවීම යනු නොඇදහිලිවන්තයන් වවහල් භාවයේ තබා ගන්නා බොරු දෙවිවරුන්ය. දෙවියන්වහන්සේට යාච්ඤා කිරීමේදී, ඔවුන්ව දෙවියන්වහන්සේව සෙවිය යුතු ස්ථානයට ගෙනයාම සඳහා, උන්වහන්සේ තුළ රැකවරණය හා සැනසීම ඉවත් කරන මෙන් ඉල්ලා ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමට අපට සිදුවිය හැකිය. අපගේ ගැලවීම නොලත් ආදරණීයයන්ට ඔවුන්ම දෙවියන්වහන්සේව සෙවීමට වඩා වැදගත් දෙයක් නැත.

අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීම දෙවියන්වහන්සේව සතුටු කරයි (1 තිමෝති 2:1-4). එය අප අන් අයට ආදරය පෙන්වන එක් ක්‍රමයකි (1 යොහාන් 4:7). අපට යාච්ඤා කරන්නේ කෙසේදැයි නොතේරුනත්, රෝම 8:26 හී පොරොන්දුවෙන් අපට සැනසිමක් ලැබිය හැකිය. අපි සැමවිටම යාච්ඤා කළ යුත්තේ කුමක්දැයි නොදන්නා බව දෙවියන්වහන්සේ දන්නා සේක. අපගේ හදවත්වල ආශාවන් ස්වර්ගයේ සිංහාසනය වෙත ගෙනයන පිණිස උන් වහන්සේ අප වෙනුවෙන් මැදිහත් වීමට ශුද්ධාත්මයාණන්වහන්සේ එවා ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අප නොඇදහිලිවන්තයන් වෙනුවෙන් යාච්ඤා කරනවිට කළ යුත්තේ කුමන ආකාරයේ යාච්ඤාවන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries