settings icon
share icon
ප්‍රශ්නය

යාච්‍ඤා විරහිත භාවය පිළිබදව දේව වචනය කුමක්ද?

පිළිතුර


යාච්ඤාව යනු කිතුණුවකු දෙවියන්වහන්සේ හා සමග ගමන් කිරීමේ ජීවනාලියවේ. යාච්ඤාව අපව දෙවියන්වහන්සේ හා සමග සම්බන්ධ කරනු ලබයි. යාච්ඤාව වූ කලී අන්‍යයන්ට ප්‍රේම කිරීමටත් ඔවුන් හා සම්බන්ධ වීමටත් ඇති ක්‍රියාකාරී මාර්ගයක් වන අතර දෙවියන්වහන්සේගේ නිවැරදි කිරීමේ හඩ ඇසීමට යාච්ඤා කරනු ලබන්නාගේ හදවතේ අවකාශය සාදනු ලබයි. දේව වචනයේ ප්‍රකාශ කරනු ලබන්නේ "නොකඩවා යාච්ඤා කරන" ලෙස (1 තෙසලෝනික 5:17), වන අතර අඛණ්ඩ යාච්ඤාමය ආකල්පයක් සහ දෙවියන්වහන්සේ හා සමග සහභාගිත්වය හැරුණු විට වෙන යමක් වේ නමි එය පාපයවේ. දෙවියන්වහන්සේ හා සමග අපගේ සබදතාවයට බාධා පමුණුවන හෝ ස්වයං විශ්වාසයට තුඩු දෙන ඕනෑම දෙයක් වැරදි සහගතවේ.

අපට උත්පත්ති 3 හී ආදම් සහ ඒවගේ ක්‍රියාවන් යාච්ඤා විරහිත භාවයේ යම් ආකාරයක් ලෙස දැකිය හැකිවේ. යහපත සහ නපුර දැනගැනීමේ ගසෙන් ඔවුන් අනුභව කරන අතර උයනේදී ස්වාමින්වහන්සේ ඔවුන්ව මුණ ගැසීමට පැමිණි කළ ඔවුන් ඉතා ලැජ්ජාශීලි වූහ. ඔවුන්ගේ පාපය කරණකොටගෙන ඔවුන් දෙවියන්වහන්සේගෙන් වෙන් කරනු ලැබූහ; උන්වහන්සේ හා සමග ඔවුන්ගේ සන්නිවේදනය අඩාල විය. ආදම් සහ ඒවගේ "යාච්ඤා විරහිත භාවය" පාපය වූ අතර එයට හේතුකාරක වූයේ පාපයවේ.

ඔබගේ කල්‍යාණ මිතුරෙකු ලෙස හඳුන්වන නමුත් ඔබ හා සමග කිසිවිටෙකත් කථා නොකරන යම් කෙනෙකු පිළිබදව ඔබට කල්පනා කළ හැකිවේද? කුමන මිත්‍රත්වයක් තිබුණද එය නිසැකව මේ හේතුකොටගෙන අඩාලවේ. ඒ හා සමානව දෙවියන්වහන්සේ හා සමග ඇති සන්නිවේදනයකින් තොරවූ සබදතාවය දිළිඳු සහ ක්ලාන්තභාවයක් ගනියි. යාච්ඤා විරහිත භාවය දෙවියන් වහන්සේ හා සමග යහපත් සබදතාවයකට ප්‍රතිවිරුද්ධවේ. දෙවියන්වහන්සේගේ සෙනගට තම ස්වාමින්වහන්සේ හා සමග සන්නිවේදනය කිරීමට ස්වභාවික ආශාවක් ඇත. "ස්වාමිනි උදය වේලෙහි ඔබ මාගේ හඩ අසනසේක; උදය වේලෙහි ඔබට මාගේ යාච්ඤාව පිළියෙළ කොට බලාසිටින්නෙමි" (ගීතාවලිය 5:3). යාච්ඤා කිරීම සදහා ඇති දේව වචනානුකූල ආඥාවන් අපූර්ව පොරොන්දු සමග ඇත. "ස්වාමින්වහන්සේ තමන්ට යාච්ඤා කරන සියල්ලන්ට එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤා කරන සියල්ලන්ට ළංව සිටින සේක" (ගීතාවලිය 145:18).

යාච්ඤාවට ලැදී වීම පිළිබදව ඇති කදිම නිදසුන නම් ක්‍රිස්තුස්වහන්සේ වේ. උන්වහන්සේම යාච්ඥාවේ පුද්ගලයෙකු වූ සේක් අතරම (ලුක් 3:21; 5:16; 9:18, 28; 11:1 බලන්න) උන්වහන්සේ තමන්ගේ අනුගාමිකයන්ට යාච්ඤා කිරීමට ඉගැන්වූ සේක (ලුක් 11:2-4). යාච්ඤා කිරීමට පෞද්ගලික අවශ්‍යතාවය මනුෂ්‍යය පුත්‍රයා දුටු සේක් නම් එම අවශ්‍යතාවය අප තව කොපමණ ප්‍රමාණයක් දැකිය යුතුවෙමුද?

යාච්ඤා විරහිත භාවය මගින් දෙවියන්වහන්සේ විසින් අපට දී ඇති මැදිහත්කාරකමේ ත්‍යාගය නොසලකා හරිනු ලබයි. අපව කැදවා ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදර සහෝදරියන් උදෙසා යාච්ඤා කරනු පිණිසය (යාකොබ් 5:16). පාවුළු නිතරම ඔහු වෙනුවෙන් යාචිදෘ කිරීමට දෙවියන් වහන්සේගේ සෙනගගෙන් අයැද සිටි අතර (එපීස 6:19; කොලොස්සි 4:3; 1 තෙසලෝනික 5:25), ඔහුද ඔවුන්ට යාච්ඤා කිරීමට විශ්වාසවන්තව සිටියේය (එපීස 1:16; කොලොස්සි 1:9). අනාගතවක්තෘවූ සාමුවෙල් ඉශ්‍රායෙල් ජනතාව වෙනුවෙන් යාච්ඤා කිරීම තම දේව සේවයේ අත්‍යවශ්‍යය අංගයක් ලෙස දුටුවවේය: "ඇරත් මා විසින් නුඹලා උදෙසා යාච්ඤා නොකර සිටීමෙන් ස්වාමින්වහන්සේට විරුද්ධව පව් කිරීම මගෙන් දුරුවේවා" (1 සාමුවෙල් 12:23). සාමුවෙල්ට අනුව යාච්ඤා විරහිත භාවය පාපයකි.

යාච්ඤා විරහිත භාවය වූ කලී දෙවියන්වහන්සේ විසින් අන්‍යයන්ට ප්‍රේම කිරීම සදහා අපට දුන් ආඥාව කෙරෙහි කරන්නාවූ මහත් අකීකරුකමකි. යාච්ඤා කිරීමට පහසු අය වෙනුවෙන් පමණක් අප විසින් යාච්ඤා නොකල යුතුවෙමු. "සියලූ මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට පළමුවෙන් අවවාද කරමි" (1 තිමොති 2:2). අපට පීඩා කරන අයවලූන් වෙනුවෙන්ද අප යාච්ඤා කළ යුතු බව යේසුස්වහන්සේ අපට ප්‍රකාශ කරනු ලබන සේක (මතෙව් 5:44). ක්‍රිස්තුස්වහන්සේගේ පණිවුඩය නම් ප්‍රේම කිරිමට අපහසු අය ඇතුළුව යාච්ඤාව කරණකොටගෙන සෑම කෙනෙකුටම ප්‍රේම කළ මෙන්ම උපකාර කළ යුතු බවය.

දෙවියන්වහන්සේගේ නිවැරදි කිරීමේ හඩ අසනු පිණිස යාච්ඤාව අවකාශ සලසයි. ක්‍රිස්තුස්වහන්සේ විසින් අපට සිහින් හඩකින් අපගේ ආත්මයන්ට නිවැරදි කිරීමේ සහ ඒත්තු ගැන්වීමේ වදන් පවසන කළ යාච්ඤා විරහිත භාවය ඒවාට සවන් දීමට ඇති හැකියාව දුර්වල කරනු ලබයි. හෙබ්‍රෙව් 12:1 මගින් අපට මතක් කර දෙනු ලබන්නේ "ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණ කරන්නාද" ක්‍රිස්තුස්වහන්සේ වන බවය. උන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේ අපගේ හදවත් තුළ ජීවත් නොවන සේක් නම් අප අපගේම විනිශ්චයන් අනුගමනය කරමින් රළු මාවතක ගමන් කරනු ඇත. "ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද" (මතෙව් 6:10), දෙවියන්වහන්සේගේ කැමැත්ත කරනු ලබන ලෙස අප විසින් යාච්ඤා කරමු නම් අපගේම කැමැත්තෙහි ප්‍රතිවිරුද්ධ භාවය අනාවරණයවේ.

මතෙව් 26:41 මගින් තවත් අනුශාසනාවක් ඉදිරිපත් කරනු ලබයි: "නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව සිට යාච්ඤා කරන්න". යාච්ඤා විරහිත භාවය තුළින් අප වටා ඇති පරීක්ෂාවන්ගෙන් අප හදවත් අඳුරු කරනු ලබන අතර තවදුරටත් අපව පාපය කරා ගෙන යනු ලබයි. අප ප්‍රඥාවන්ත වනු ලබන්නේ අපගේ හදවතේ මාර්ග වලට ආත්මයාණන්වහන්සේගේ ප්‍රදීපාලෝකනය සහ මගපෙන්වීම තුළින් පමණකි. අපගේ යාච්ඤාවන් ඵලදායි වනුයේ ආත්මයාණන්වහන්සේගේ බලයෙන්ද පමණි (රෝම 8:26-27 බලන්න).

යාච්ඤාව වනාහී අපගේ ජීවනාලිය මෙන්ම දෙවියන්වහන්සේ හා සමග සම්බන්ධ වීමවේ. ක්‍රිස්තුස්වහන්සේ විසින් උන්වහන්සේගේ මේ පොළොව මත ගමනේදී යාච්ඤා විරහිත භාවයට ප්‍රතිවිරුද්ධ වූ දේ පෙන්වා දුන් අතර යාච්ඤාවෙන් පූර්ණවූ ජීවතයක් ආදර්ශමත් කළ සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යාච්‍ඤා විරහිත භාවය පිළිබදව දේව වචනය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries