settings icon
share icon
ප්‍රශ්නය

මා හට යාච්ඤාවේ හේවායෙකු වීමට හැකි වන්නේ කෙසේ ද?

පිළිතුර


යාච්ඤාවේ හේවායා යන කියමන ශු. ලියවිලි වල අඩංගු වී නැතත් එහි ඉගැන්වීමට අනුකූලව අන් අය සදහා නිතරම හා බලවත්ව යාච්ඤාවේ යෙදෙන කිතුබැතියකු, යාච්ඤාවේ හේවායන් ලෙස සාමාන්‍යයෙන් පිලිගත හැක. එබැවින් යාච්ඤාවේ හේවායන් ශුදධාත්ම බලය කරණකොට ගෙන යේසුස් වහන්සේගේ නාමයෙන් දෙවිපියාණන් හට යාච්ඤා කරති. (මතෙව් 6:9, එපීස 3:16, ජූද් 1:20, යොහාන් 14:13). යාච්ඤාවේ හේවායන් වනාහි, ආත්මික සටනක යෙදෙමින්, දෙවියන්වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධව, සැමවිටම මුඵ සිතින් යාච්ඤාවේ සහ අයැදුමේ යෙදෙන අයවේ. (එපීස 6:10–18).

සියඑම කිතුබැතියන් යාච්ඤාවේ හේවායන් වන අතර, යාච්ඤා කිරීම සදහා සුවිශේෂි හැකියාවක් ඇතිව, විශේෂ මෙහෙවරක් ලෙස යාච්ඤා කිරීමට දෙවියන්වහන්සේ තමන් කැදවා ඇති බව හැගෙන සමහර තැනැත්තන් ද සිටිති. අන් අයට වඩා කැපවීමෙන් හා බලවත්ව නිතරම යාච්ඤාවේ යෙදෙන අය ගැන විශේෂත්වයක් බයිබලයේ සදහන් වී නැතත්, එවැනි කැපවීමකින් සහ උනන්දුවකින් යාච්ඤාවේ යෙදෙන තැනැත්තන් සිටිති. 1 තිමොති 2:1 පදය අනුව පාවුල් තුමා අවවාද කරන්නේ සෑම අයැදුම්, යාච්ඤා, ඉල්ලීම් සහ ස්තූතිදීම් සැම දෙනා සදහාම ඔප්පු කළ යුතු බවය. තවද කිසිම මනුෂ්‍යයකු එයින් බැහැර කළ යුතු බවක් එතුමා පවසා නැත. තමාගේ අයැදුම් ඔප්පු කිරීම සදහා ශුද්ධාත්මයාණන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන සෑම කෙනෙකුටම පිහිට වේ. (රෝම 8:26–27). සියඵම සැදැහැවතුන් යේසුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කළ යුතු අතර, එයින් අදහස් වනුයේ ක්‍රිස්තුස්වහන්සේ අපගේ ස්වාමීන් සහ ගැලවුම්කරු බවත්, උන්වහන්සේ අප උදෙසා පියාණන්වහන්සේ වෙත මැදිහත්කාරකම් කරන බවත්, යේසුස් වහ්නසේ කෙරෙහි අප විශ්වාස කිරීමෙන් අපට දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වීමට සහ යාච්ඤාවේ යෙදීමට හැකි වන බවත් ය. යේසුස් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කිරීම යනු, හුදෙක් යේසුස් යන නාමය එම යාච්ඤාවට ඇදීම නොව, උන්වහන්සේගේ කැමැත්තට යටත්ව යාච්ඤාවේ යෙදීම ය.

යාච්ඤාවේ හේවායන් ලෙස අප සෑම දෙයක් ගැනම ප්‍රීතිවන අතර, දෙවියන් වහන්සේ අපගේ සහ අන් අයගේ ජීවිතවල ක්‍රියාකාරී වන අන්දම ගැන ස්තූතිදීමේ හදවතකින් ප්‍රීතිවන අතර, අපහට ලැබී ඇති ආශිර්වාද වල ඉමහත්කම ගැන හැගීමෙන් අපගේ ආත්මික ජීවිතය දිනෙන් දින වැඩෙනු ඇත. අප මේ මොහොතේ දී ගන්නා හුස්ම පවා සැපයුයේ දෙවියන්වහන්සේ බවත්, (යෙසායා 42:5) එමෙන්ම උන්වහන්සේ අතීතයේ දී අප කළ පව් මෙන්ම දැනුත් සහ මතුවටත් අප කරන පව් ද අපට කමා කරන බවද, (1 යොහාන් 2:12) උන්වහන්සේ අපට සදාතනිකව ප්‍රේම කරන බවද (එපීස 2:4–7), අපට ස්වර්ගයේ ස්වාමීන්වහන්සේ සමග ස්ථානයක් ඇති බවද (1 පේත්‍රස් 1:3–5), අප ස්ථිර වශයෙන් දනිමුව. ඒ අනුව අපගේ හදවත් සතුටෙන් සහ සමාදානයෙන් පිරී, දෙවියන්වහන්සේගේ ආදරය අප කෙරෙහි ඉතිරී යන අතර, එම ආදරය, සතුට සහ සමාදානය අන් අයටත් ලබා දීම අපගේ කැමැත්තවනු ඇත. එබැවින් අප ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමෙන් එය ඉටු කර දෙමු.

ඵලදායී යාච්ඤාව යනු සැබවින්ම ක්‍රියාකාරීවීමයි. දෙවියන්වහන්සේ සමග ගමන් කිරීමට අප ඉගෙනගත යුතු අතර ඵලදායී යාච්ඤාව සදහා අත්‍යවශ්‍ය කරුණක් වන යටත්පහත්කම දිනෙන් දින අප තුල වර්ධනය වීමටත් උන් වහන්සේ ගැන සහ උන්වහන්සේගේ මාර්ගය ගැන දැනුවත් වීමටත් අප දිනපතා උන්වහන්සේගේ ක්‍රියාවන් ගැන මෙනෙහි කළ යුතුය. (2 වංශාවලිය 7:13–15). ඒ සමගම දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක්ද යන්න සහ ඵලදායි යාච්ඤාව නිර්මාණය වන්නේ කෙලෙස ද කියා දැනුවත් වීම සදහා අප දේව වචනය දිනපතා මුඵ සිතින්ම අධ්‍යනය කරමු. එමගින් යාච්ඤාවට ඇති වන බාධක අඩුකර ගැනීමට සහ ශුධාත්මයාණන්ට දුක් නොදීමට අප ඉගෙන ගනිමු. (මාර්ක් 11:25, 1 පේත්‍රස් 3:7 , 1 යොහාන් 3:21–22, එපීස 4:30–32) එසේම අප සාතන් සමග ආත්මික සටනක යෙදි ඇති බවත් එබැවින් අපගේ ආත්මික ශක්තිය වර්ධන වීම සහ අපගේ ආත්මික සුභසිද්ධිය වෙනුවෙන් ද, අන් අය වෙනුවෙන් යාච්ඤා කළ යුතුය (එපීස 6:12–18).

යාච්ඤාවේ හේවායන් දෙවියන්වහන්සේ කෙරෙහි ද, යාච්ඤා කිරීම කෙරෙහි ද, අන් මනුෂ්‍යන් කෙරෙහි ද, ක්‍රිස්තුස් වහන්සේ සභාව කෙරෙහි ද යොමු වූ හදවතක් ඇති අයය. එබැවින් අප නොකඩවා යාච්ඤා කරමින් දෙවියන් වහන්සේ අපගේ සෑම යාච්ඤාවකටම පරිපූර්ණ කැමැත්ත සහ නියමිත වේලාව අනුව පිළිතුරු දෙන බව විශ්වාස කරමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මා හට යාච්ඤාවේ හේවායෙකු වීමට හැකි වන්නේ කෙසේ ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries