settings icon
share icon
ප්‍රශ්නය

යාච්ඤාවෙන් ඇවිදීම යනු කුමක්ද? යාච්ඤාවෙන් ඇවිදීම බයිබලය හා සම්බන්ධද?

පිළිතුර


යාච්ඤාවෙන් ඇවිදීම නම් ස්ථානගතව යාච්ඤා කිරීම අතර යාච්ඤා කරමින් විශේෂ ස්ථානයකට හෝ සමීපයෙහි ඇවිදීම සම්බන්ධකර ගනිමින් මැදහත්කාරකමේ යාච්ඤා ආකාරයකි. යම් ස්ථානයකට සමීපව සිටීම “සමීපව යාච්ඤා කිරීමෙන් පැහැදිලිව යාච්ඤා කිරීමට” ඉඩ හරින බව ඇතැම් අයගේ විශ්වාසයයි. යාච්ඤාවෙන් ඇවිදීම කරනු ලබන්නේ තනි තනිවම, කණ්ඩායම් වශයෙන් සහ සමස්ත සභාවන් පවාය. ඔවුහු කොටසක් තරම් කෙටි හෝ සැතපුම් ගණනාවක් සේ දීර්ඝ විය හැක. අදහස නම් හැඟීම් පහ උපයෝගි කර ගනිමින් දෘෂ්ටිය, ශ්‍රවනයෙන්, ගඳ සුවද දැනීමෙන්, එස බැලීමෙන් සහ ස්පර්ශයෙන් යාච්ඤා ඉල්ලීම් ගැන මැදහත්කාරකම් කරන්නන්ගේ තේරුම් ගැනීම වර්ධනය කිරීමය.

උදාහරණයක් ලෙස: යාච්ඤා කිරීම අරභයා දේවල් සොයමින් ඔබ අසල්වාසීන්ගේ වටපිටාව තුලින් ඇවිදවුවහොත් අතීශයින් අපිරිසිදු හා දුර්වලවූ අංගනයකට (මිදුලකට) ඔබව ප්‍රවේශ විය හැක. මෙය ඇතුලත වාසය කරන්නාවූ අයගේ සෞඛ්‍යය (ශාරීරිකව හා අධ්‍යාත්මික) සම්බන්ධයෙන් යාච්ඤා කිරීමට ඔබව පෙළඹවිය හැක. සමහර කණ්ඩායම් පාසැල් වටා ඇවිදිමින් එහි සිටින ගුරුවරුන් සහ ළමුන්ට යාච්ඤාව පොළඹවමින් ඔවුන්ගේ ආරක්‍ෂාව, සමාදානය හා ඔවුන්ගේ පාසැල යක්‍ෂයාගේ කුටෝපායන්ගෙන් වළකාලීමට යාච්ඤා කරයි. තමන් යාච්ඤා කරන මිනිසුන් හෝ සථාන සමීපයෙහි ඇවිදිමින් කරන යාච්ඤාව තුළ සිත් යොමුකරමින් ඔවුන්ගේ යාච්ඤාව වඩාත් ඵලදායි ලෙස යොමු කළ හැකි බව ඇතැමුන්ගේ හැඟීමයි.

යාච්ඤාවෙන් අන්‍යෝන්‍ය අපෙක්ෂාවෙන් නවීන ආශ්චර්යයකි. මෙහි උත්පත්තිය පැහැදිලි නැත. යාච්ඤාවෙන් ඇවිදීම බයිබලයට සම්බන්ධ ආදර්ශකයක් නැත. බයිබල් කාලයේ කෙසේවූවත් ඇවිදීම ප්‍රධාන වශයෙන් ප්‍රවාහන ආකාරයක් බැවින් පැහැදිලිවම මිනිසුන් එකම අවස්ථාවේ ඇවිදිමින් යාච්ඤා කරන්නට ඇත. කෙසේ වෙතත් යාච්ඤාවෙන් ඇවිදීම ඝෘජු නියෝගයක් නැත. යාච්ඤාව ඕනෑම පසුතලයක සිට හෝ ඕනෑම ඉරියව්වකින් සිට ඉදිරිපත් කිරීම තවත් කාලයකදී හෝ වෙනත් ආකාරයකට ඔප්පු කිරීමට වඩා ඵලදායි යැයි විශ්වාස කරීම බයිබලයේ සඳහන් නොවේ. තවද, අපට පැහැදිලිවම යාච්ඤා කිරීම සඳහා එම ස්ථානයට හෝ තත්වය සමීපයෙහි සිටුය යුතු යැයි හැඟෙන නමුත්, අප ස්වර්ගීක පියාණන්, සෑම වේලාවේදීම සියලු තැන්වල වැඩ වසන බැවින් ඉදිරිපත් කරන අවශ්‍යතාවයන් සත්‍ය වශයෙන්ම දනිමින්, ඒවාට උන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත සහ වේලාව තුළ ඔවුන්ට පිළිතුරු සපයයි. අපගේ යාච්ඤාව තුළින් උන් වහන්සේගේ සැලැස්මට අප පංගුකාරයන් වීමට ඉඩ හැරීමේ කරණාව නම් උන් වහන්සේගේ නොව අපගේ ශුභසිද්ධිය සඳහාය.

“නෙනවත්වාම යාච්ඤා කිරීම” ට අපට නියෝග දී ඇත (1 තෙසලෝනික 5:17), සහ ඇවිදීම අප දිනපතා කරන ක්‍රියාවලියක් බැවින් නිසැකයෙන්ම නොනවත්වා කරන යාච්ඤාවේ කොටසක් නම් ඇවිදින කළ යාච්ඤා කිරීමයි. කාලය, ස්ථානය හෝ ඉරියව්ව නොසලකා ක්‍රිස්තුස් වහන්සේ සමග ඒකාබද්ධවූ අයගේ සියලු යාච්ඤා ඉදිරිපත් කිරීම් දෙවියන් වහන්සේ ඇහුම්කන් දෙයි (යොහන් 15:7), ඒ වගේම ඇත්ත වශයෙන් යාච්ඤාවෙන් ඇවිදීමට විරුද්ධව නියෝගයක් නොමැත, ඒ අතර යාච්ඤා කිරීමට යම්කිසි දෙයක් පොළඹවන කළ එය සලකා බැලීම වැදගත්ය. English



නැවතත් සිංහල මුල් පිටුවට

යාච්ඤාවෙන් ඇවිදීම යනු කුමක්ද? යාච්ඤාවෙන් ඇවිදීම බයිබලය හා සම්බන්ධද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries