settings icon
share icon
ප්‍රශ්නය

කන්නලව් කිරීමේ යාච්ඤාව යනු කුමක්ද?

පිළිතුර


අප යාච්ඤාව මගින් දෙවියන්වහන්සේ වෙතට ලගාවන්නේ විවිධ හේතු සදහාය. එනම්, එතුමාට නමස්කාර කිරීමට, අපගේ පව් ගැන පාපෝච්චාරණයකොට කමාව ලබා ගැනීමට, උන්වහන්සේ අපට ලබා දී ඇති ආශිර්වාද ගැන ස්තූතිදීමට සහ අපගේ අවශ්‍යතාවයන් සහ අන් අයගේ අවශ්‍යතාවයන් උදෙසා යාච්ඤා කිරීමටය. හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවේ වචන කන්නලව් වශයෙන් පරිවර්තනය වී බයිබලයේ සදහන් වී ඇත. එහි අර්ථයවනුයේ ඉල්ලීම් සහ යැදුම්ය. එබැවින් කන්නලව් කිරීමේ යාච්ඤාව මගින් සිදුවන්නේ දෙවියන්වහන්සේගෙන් යමක් ඉල්ලීමය. අන් අය වෙනුවෙන් අප කරන යැදුම් යාච්ඤා ඉල්ලීම් වන අතර තමා වෙනුවෙන් කරන යැදුම් කන්නලව් කිරීමේ යාච්ඤා වනු ඇත.

බයිබලයේ බොහෝ කන්නලව් කිරීමේ යාච්ඤා ගැන සදහන් වේ. ගීතාවලියේ ඒ සම්න්ධව බොහෝ උදාහරණ දක්වා ඇත. දාවිත්ගේ ගීතයන්, කරුණාව සදහා කන්නලව්වලින් පිරී ඇත. (ගීතාවලිය 4:1), මගපෙන්වීම සදහා ගීතාවලිය 5:8 මගින් කන්නලව් කිරීම ද, ගැලවීම සදහා ගීතාවලිය 6:4 මගින් ද, පීඩාවෙන් මිදීම සදහා ගීතාවලිය 7:1 මගින් ද කන්නලව් කිරීම් සිදුකර ඇති බව පෙනේ. තවද දාරියුස් රජතුමා නිකුත් කළ නියෝගය එනම්, එතුමාට හැර වෙනත් කිසිම දෙවිකෙනෙකුට යාච්ඤා නොකළ යුතුය යන්න දැනගත් විට දී පවා දානියෙල් දෙවියන් වහන්සේට ස්තූති දෙමින්, තමාට මේ අසීරු අවස්ථාවේ පිහිට වන ලෙස නොනවත්වාම කන්නලව් කළේය.

අඵත් ගිවිසුමේ සදහන් පරිදි මතෙව් 6:11 පදය අනුව අපගේ දිනපතා භෝජනය ලබා දෙන මෙන් කන්නලව් කිරීමට යේසුස්වහන්සේ අපට උගන්වා ඇත. ඊට අමතරව ලූක් 18:1–8 පද වලින් අපගේ අවශ්‍යතා සදහා නොනවත්වාම යාච්ඤා කිරීමට උන්වහන්සේ අපට උගන්වන සේක. යාකොබ් 4:2 පදය අනුව එක් අතකින් දැක්වෙන්නේ, අප නොඉල්ලන බැවින් අපට නොලැබෙන බවය. අනික් අතට, යාකොබ් 4:3 අනුව අප ඉල්ලන දේ අනුව නොලැබීමට හේතුව වන්නේ, එම ඉල්ලීම් තුල ඇත්තේ අපගේ මාංශික තෘෂ්ණාවන් බැවිනි. දරුවන් තම දයාබර පියාණන්ගෙන් යමක් ඉල්ලන්නාක් මෙන්, දෙවියන්වහන්සේගෙන් අවංකවම ඉල්ලීම, කන්නලව් ස!දහා පිලිතුරු ලැබීමට හොදම මාර්ගය වේ. නමුත් එම කන්නලව් අවසන් විය යුත්තේ ඔබගේ කැමැත්ත ඉටුවේවා (මතෙව් 26:39) යන උන්වහන්සේගේ කැමැත්තට යටත්වීමෙන්ය.

එපීස 6:13–17 පද අනුව පාවුල් තුමා එපීස වාසීන්ට සහ අපට බැගැපත්ව පවසන්නේ දෙවියන්වහන්සෙගේ සන්නාහයෙන් සන්නද්ධව සිටීමේ අවශ්‍යතාවය ගැන වන අතර, ඒ සමගම නිරතුරුව අවදිව සිටිමින් ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් සියලූ සෙනග උදෙසා යාච්ඤා කරන ලෙසය. එබැවින් කන්නලව්වේ යාච්ඤා වනාහි, පැහැදිලිවම සෑම කිතුබැතියකු මුහුණ දෙන ආත්මික සටනෙහි කොටසකි. පාවුල් තුමා තවදුරටත් පිලිප්පියේ සභාවෙන් බැගෑපත්ව ඉල්ලන්නේ විශ්වාසවන්තව යාච්ඤා කිරීමේ සහ විශේෂයෙන්ම ස්කූති දීමේ සහ කන්නලව් කිරීමේ යාච්ඤාවල නියැලීමෙන්, තමන්ගේ කරදරවලින් මිදීම ලබා ගන්නා ලෙසය. එසේ කිරීමෙන් සියලූ නැණ නුවණ ඉක්මවා යන දෙවියන්වහන්සේගේ සමාදානය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුලින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේය. (පිලිප්පි 4:7) යන පදය මගින් පාවුල් තුමා තමාගේ ඉල්ලීම අවසන් කරන්නේ ය.

එමගින් කන්නලව්වේ යාච්ඤා තුල ඇති තවත් ගැඹුරු අංගයක් ලෙස පෙනෙන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල විශ්වාස කිරීමේ අවශ්‍යතාවයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අයත් අය තුල ඔවුන් වෙනුවෙන් මැදහත්කාරකම් කරන ශුද්ධාත්ම බලය වැඩවසන සේක. බොහෝ විට දෙවියන්වහන්සේ ඉදිරියේ අප යාච්ඤා කළ යුත්තේ කුමක් සදහා ද සහ කෙසේද යන්න නොදන්නා බැවින්, ශුද්ධාත්මයාණන් වහන්සේ අප වෙනුවෙන් මැදිහත්ව දෙවියන්වහන්සේට අයදින සේක. එබැවින් අපේ ජීවිතයේ පරීක්ෂා, පීඩා සහ කරදර වලින් පීඩා විදින කල, අපව කරුණාවේ සිහසුන ඉදිරියේ ඔසවා තබමින් අපගේ කන්නලව් සදහා උපකාර කිරීමට උන්වහන්සේ මැදහත් වන සේක (රෝම 8:26).

English



නැවතත් සිංහල මුල් පිටුවට

කන්නලව් කිරීමේ යාච්ඤාව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries