settings icon
share icon
ප්‍රශ්නය

ගැලවීමේ යාච්ඤාව නම් කුමක්ද?

පිළිතුර


බොහෝ මනුෂ්‍යන් අසනවා “මාගේ ගැලවීම සනාථ කිරීමට මා විසින් කළ යුතු යාච්ඤාවක් තිබේද? කියා” අප තේරුම් ගත යුතු විශේෂම දෙය නම් යම් යාච්ඤාවක් හෝ යම් වචන ස්වල්පයක් මිමිනීම හේතුවෙන් අපට ගැලවීම ලබා ගත හැකි බවට. බයිබලය දැන් අපට පෙන්වා දෙනවා පුද්ගලයෙකු යාච්ඤා කර ගැලවීම ලබා ගත් තත්වයක් පිළිබඳව. යාච්ඤාවක් කිරීමම ගැලවීමට මාර්ගය යැයි බයිබලය අපට නොපවසයි.

ගැලවීම පිළිබඳව බයිබලානුකුල ක්‍රමය නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඇදහිල්ලයි. යොහන් 3:16 අපට පවසනවා “මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහා ගන්න සෑම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” ගැලවීම ලැබෙන්නේ ඇදහිල්ල කරණකොට ගෙනය (එපීස 2:8), යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම්කරුවා හැටියට පිළිගැනීම (යොහන් 1:12), එමෙන්ම යේසුස් වහන්සේව පමණක් සම්පූර්ණයෙන් විශ්වාස කිරීමයි (යොහන් 14:6, ක්‍රියා 4:12), යාච්ඤාවක් කිරීම නොවේ.

බයිබලයේ ගැලවීමේ පණිවිඩය සරළ හා පැහැදිලි අතරම පුදුමාකාරද වේ. අප සියල්ලෝ දෙවියන් වහන්සේට විරුද්ධව පව් කර ඇත (රෝම 3:23). යේසුස් වහන්සේට අමතරව කිසිදු පාපයක් තම ජීවිතය පුරාවට ජීවත්වූ කෙනෙක්ද නැත (දේශනාකාරයා 7:20). අපගේ පාපය නිසා, අප උපයාගෙන ඇත්තේ දෙවියන් වහන්සේගේ විනිශ්චයයි (රෝම 6:23), එමෙන්ම එම විනිශ්චය නම් ශාරීරික මරණයත් සමග ආත්මීක මරණය වීම. අපගේ පාපය නිසාත් ඊට දඬුවම සුදුසු නිසාත්ය, අප විසින් අප වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ පිරිසිදු වීමට කළ හැකි කිසිවක් නැත. උන් වහන්සේ අපට ඇති ප්‍රේමයේ ප්‍රතිඵලයක් නිසා දෙවියන් වහන්සේ මිනිස් වෙසින් පොළොවට ආවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමති පුද්ගලිකත්වය ගෙන. යේසුස් වහන්සේ සම්පූර්ණ ජීවිතයක් නිතරම ජීවත්වුන අතර නිතරම සත්‍ය ඉගැන්වීය. කෙසේ වෙතත් මනුෂ්‍යන් යේසුස් වහන්සේව එපා කොට උන් වහන්සේව කුරුසපත් කොට මරණ ලදි. එම අප්‍රසන්න ක්‍රියාව හේතුවෙන් යේසුස් වහන්සේ අපගේ ස්ථානයේ (අප වෙනුවෙන්) මියැදුනා. යේසුස් වහන්සේ බර හා විනිශ්චය උන් වහන්සේගේ පිටට ගන්නා ලදි. අප වෙනුවෙන් අප‍ෙග් ස්ථානයේ තම ජීවිතය පූජා කරන ලදි (2 කොරින්ති 5:21). ඊට පසු යේසුස් වහන්සේ උත්ථාන විය (1 කොරින්ති 15), උන් වහන්සේගේ වන්දිය අපගේ පාපවලට ප්‍රාණවත් බව හා උන් වහන්සේ පාපය හා මරණය පරාජය කොට ජය ගත් බව සනාථ කරයි. යේසුස් වහන්සේගේ පූජාවට ප්‍රතිඵලයක් වශයෙන්, දෙවියන් වහන්සේ අපට ගැලවීම පිළිමයක් ලෙස ප්‍රධානය කරයි. දෙවියන් වහන්සේ අපට ආරාධනා කරයි යේසුස් වහන්සේ පිළිබඳව අපගේ මනස (සිත) වෙනස් කර ගැනීමට (ක්‍රියා 17:30) එමෙන්ම උන් වහන්සේව අපගේ පාපයට සම්පූර්ණ වන්දිය ලෙස පිළිගැනීමට (1 යොහන් 2:2). දෙවියන් වහන්සේ විසින් අපට දෙන ලද තිළිණය භාර ගැනීමත් සමගම අපට ගැලවීම ලැබේ, යාච්ඤාවක් කිරීම නිසාම නොවේ.

දැන්, ගැලවීම ලැබීම තුළ යාච්ඤාව අඩංගු නොවේ යයි පැවසීමම නොවේ. ඔබ ශුභාරංචිය තේරුම් ගන්නවා නම්, එය සත්‍ය යයි විශ්වාස කරනවා නම්, යේසුස් වහන්සේ ඔබගේ ගැලවීම ලෙසට පිළිගෙන තිබෙනවා නම්, එමදේ දෙවියන් වහන්සේට ඇදහිල්ලෙන් ප්‍රකාශ කිරීමට යාච්ඤා කිරීම යහපත්. දෙවියන් වහයන්සේ සමග කථා කිරීමෙන් යාච්ඤාව තුළින් ක්‍රිස්තුස් වහන්සේගේ සත්‍යයන් පිළිබඳව හා ගැලවුම්කරුවා ලෙස පිළිගැනීම තුළ වර්ධනය වීමට එය හේතුවක් වේ. යාච්ඤාව ඔබගේ ඇදහිල්ල ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණක් තැබීමේ ක්‍රියාවලියට සම්බන්ධවීමට උපකාරි වේ.

නැවතත්, ඔබගේ ගැලවීම ලැබීම යාච්ඤාවක් මතම පදනම් නොවේ. යාච්ඤාවක් කීමෙන් ඔබට ගැලවීමට නොහැක. යේසුස් වහන්සේ කරණකොටගෙන විවෘතව ඇති ගැලවීම ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබගේ ඇදහිල්ල උන් වහන්සේ පිට තබන්න. ඔබගේ පාපය උදෙසා උන් වහන්සේගේ මරණය ප්‍රමාණවත් පූජාවක් ලෙස සම්පූර්ණයෙන් විශ්වාස කරන්න. ඔබගේ ගැලවුම්කරුවා ලෙසට සම්පූර්ණයෙන් උන් වහන්සේ මත යැපෙන්න. එය බයිබලානුකුල ගැලවීමේ ක්‍රමයයි. ඔබ යේසුස් වහන්සේව ඔබගේ ගැලවුම්කරුවා ලෙසට පිළිගෙන ඇත්නම්, සියලුදේ ප්‍රකාශ කිරීමට දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න. දෙවියන් වහන්සේට පවසන්න ක්‍රිස්තුස් වහන්සේ ගැන ඔබ කෙතරම් ස්තුති වන්ත වෙනවාද යන්න. දෙවියන් වහන්සේට ප්‍රශංසාව දෙන්න උන් වහන්සේගේ ප්‍රේමය හා පූජාව උදෙසා. යේසුස් වහන්සේට ස්තුති කරන්න ඔබගේ පාපයට ජීවිතය පූජා කිරීම හා ඔබට ගැලවීම හිමි කර දීම ගැන. එයයි බයිබලානුකූල සම්බන්ධතාවය ගැලවීම හා යාච්ඤාව තුළ.

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගැලවීමේ යාච්ඤාව නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries