settings icon
share icon
ප්‍රශ්නය

යාච්ඤා රැස්වීමක වටිනාකම කුමක්ද?

පිළිතුර


පල්ලියේ ආරම්භයේ සිටම කිතුනුවන් යාච්ඤා කිරීමට රැස්ව සිටියහ. (ක්‍රියා 4:24 එනම් ඔව්හු ඒ අසා එක්සිත්ව දෙවියන්වහන්සේට හඬ නඟා, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ස්වාමිනී, ක්‍රියා 12:5 එනම් එබැවින් පේතෘස් හිරගෙයි රැකවල් කරන ලද්දේය. නුමුත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤා කළාය. (ක්‍රියා 21:5) යාච්ඤා රැස්වීම් සමස්තයක් වශයෙන් පල්ලියට සහසහභාගි වන පුද්ගලයන්ට ඉතා වැදගත්වේ.

යාච්ඤාව යනු දෙවියන්වහන්සේ පුද්ගලික යැයි විශ්වාස කරන සහ උන් වහන්සේ සමඟ පුද්ගලික සම්බන්ධතාවයක් අවශ්‍යය අයට පමණි. කිතුනුවන් යාච්ඤාවේ අසීමිත ක්‍රියා දනිති. මන්ද "මා සමඟ කතා කරන්න, මම සවන් දෙන්නෙමි." යනුවෙන් ප්‍රකාශ කරන දෙවි කෙනෙකු හමුවී ඇත. ප්‍රේරිත යොහාන් මෙය සනාථ කරයි. දෙවියන්වහන්සේ වෙත ළඟා වීමට අපට ඇති විශ්වාසය මෙයයි. අප උන්වහන්සේගේ කැමැත්තට අනුව යමක් ඉල්ලුවොත් , ඔහු අපට සවන් දෙයි. තවද ඔහු අපට ඇහුම්කන් දෙන බව අප දන්නේ නම් අප ඉල්ලන ඕනෑම දෙයක් අප සතුව ඇතිදේ අපි දනිමු. අප උන්වහන්සේගෙන් ඉල්ලුවෙමු. (1යොහාන් 5:14-15 එනම් උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන් වහන්සේ අපේ ඉල්ලීම් අසනබවය)

අපගේ යාච්ඤාව තුළින්, විශේෂයෙන් එකිනෙකා සමඟ, අපි යේසුස්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල නිරූපනය කර වලංගු කරමු. ශ්‍රේෂ්ඨ ක්‍රිස්තියානි දේව සේවකයකු හා දක්ෂ ලේඛකයකු වන ඇන්ඩෘ මරේ පැවසුවේ , "යාච්ඤාව ප්‍රධාන වශයෙන් මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ අප යාච්ඤා කරන්නේ යැයි අප සිතන අය මතය." එකිනෙකා සමඟ යාච්ඤා කිරීමේ විනය තුළින් අප දෙවියන්වහන්සේ සමඟ වැඩෙන සමීපතාවයක් ගොඩනඟා ගන්නා අතර එකිනෙකා සමඟ අධ්‍යාත්මික බැඳීමක් ඇති කර ගනියි. මෙය එකිනෙකා සමඟ යාච්ඤා කිරීමේ වැදගත්ම අංගයකි.

යාච්ඤා රැස්වීම්වල තවත් වටිනා වාසියක් වන්නේ අපගේ පාප එකිනෙකාට පාපොච්චාරණය කිරීමයි. "ඔබේ පව් එකිනෙකාට පාපොච්චාරණය කර ඔබ සුවපත් වන පිණිස එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න" (යාකොබ් 5:16 එනම් එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පු කරන කන්නලව්ව කරණකොටගෙන මහත්දේ ඉෂ්ඨ වෙයි). මෙහිදී යාකොබ් කතා කරන්නේ ශාරීරික සුවයගැන නොව අධ්‍යාත්මික ප්‍රතිෂ්ඨාපනය ගැනයි (හෙබ්‍රෙව් 12:12-13 එනම් එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවි කරගන්න). ඔහු දෙවියන්වහන්සේගෙන් සමාවදීම ගැනද සඳහන් කරයි. රැළෙන් වෙන්වන තැනැත්තා පාපයේ අන්තරායන්ට ගොදුරු විය හැකි බව ජාකොබ් දැන සිටියේය. දෙවියන්වහන්සේට අවශ්‍යය වන්නේ අප එකිනෙකා පාපොච්චාරණය සඳහා තම ජනතාව එකිනෙකා ධෛර්යමත් කර සහයෝගය ලබා දීමයි. එවැනි සමීප ඇසුරක් පාපයට එරෙහිව ජයග්‍රහණය අත්විඳීමට ආත්මික ශක්තියක් ලබා දෙයි.

යාච්ඤා රැස්වීම්වල තවත් වටිනාකමක් නම් ඇදහිලිවන්තයන් විඳ දරා ගැනීමට එකිනෙකා දිරිමත් කිරීමයි. අප සියල්ලන්ම බාධකවලට මුහුණදී සිටියි. කිතුනුවන් වශයෙන් එකට බෙදාගෙන යාච්ඤා කිරීමෙන් ඔවුන්ගේ ආත්මික ජීවිතයේ අධෛර්යමත්වීම වළක්වා ගැනීමට අපි බොහෝ විට අන් අයට උදව් කරමු. ආයතනික යාච්ඤාවල වටිනාකම හදවත එක්සත් කිරීමේ බලය තුළ පවතී. අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කිරීම එකිනෙකා අධ්‍යාත්මිකව සම්බන්ධ කිරීමේ බලපෑමක් ඇති කරයි. අප එකිනෙකාගේ බර උසුලන විට "අපි ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය ඉටු කරන්නෙමු" (ගලාති 6:2 එනම් එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න). යාච්ඤාව ඇති තැන, එක්සත්කම ඇත, යේසුස්වහන්සේ තම අනුගාමිකයන් උදෙසා ඉතා ඕනෑකමින් යාච්ඤා කළේය (යොහාන් 17:23 එනම් මෙසේ මා කළේ මා ඔවුන් තුළෙහිද ඔබ මා තුළෙහිද සිටීමෙන් ඔවුන් ඒකත්වයට සම්පූර්ණ ලෙස පැමිණෙන පිණිසත් ඔබ මා එවූ බවද මටප්‍රේම කළාක්මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බවද ලෝකයා දැන ගන්නා පිණිසත්ය).

අන් සියල්ලටම වඩා, යාච්ඤා රැස්වීම් මඟින් වෙනස්කම් ගෙනදේ. එකිනෙකා සමඟ යාච්ඤා කිරීමෙන් ඇදහිලිවන්තයන්ට දෙවියන්වහන්සේ ප්‍රාතිහාර්යන් සිදුකරන බවත් හදවත් වෙනස් කරන බවත් දැක ගත හැකිය.

යාච්ඤා රැස්වීමක් යනු සැබෑ වටිනාකමක් ඇති කාළයකි. ඇදහිලිවන්තතයන් දෙවියන්වහන්සේගේ සිංහාසනයේදී ගැඹුරු සමීප සම්බන්ධතාවයක් හා නිහඬ සම්බන්ධතාවයක් අපේක්ෂා කරයි. එය සමිඳාණන්වහන්සේ ඉදිරියෙහි සෙසු ඇදහිලිවන්තයන් සමඟ එක්සත්ව සිටින කාළයකි. අප අවට සිටින අයගේ බර බෙදාගන්නා විට ඔවුන්ව රැකබලා ගත යුතු කාළයකි. දෙවියන්වහන්සේගේ කිසිදා නිම නොවන ප්‍රේමය හා තමාට ප්‍රේම කරන අය සමඟ සන්නිවේදනය කිරීමට ඇති ආශාව විදහා දක්වන කාළයකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යාච්ඤා රැස්වීමක වටිනාකම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries