settings icon
share icon
ප්‍රශ්නය

යාච්ඤා වංකගිරිය නම් කුමක්ද? යාච්;ා වංකගිරිය දේවවචනාකූලද?

පිළිතුර


වංකගිරියක් යනු වක්‍රාකාර මාර්ගයක් ඔස්සේ සංකීර්ණ රටාවක මධ්‍යස්ථයට සහ නැවත ආපසු හැරී යාම පිණිස මගපෙන්වනු ලබන මංපෙතකි. වංකගිරියක් යනු එක්මන් මාර්ගයකිත එනම් එයට ඇත්තේ තනි මංපෙතකි. වටාරමක් සේ නොව වංකගිරියක් සැළසුම් නිර්මාණය කොට ඇත්තේ සංචලනයට පහසු වන පිණිසත් ඒ තුළ නැති වීම අසම්භාව්‍යයක් වන හෙයිනි.

යාච්ඤා වංකගිරියක් වනාහී යාච්දාවට පහසුකම් සැලසීමට, භාවනාවට, අධ්‍යාත්මික පරිනාමණය සහරැහෝ ගෝලීය එකමුතුවීමක් පිණිස භාවිතා කරනු ලබන වංකගිරියකි. වර්තමානයේ ඉතාමත් ප්‍රචලිත යාච්ඤා වංකගිරියන් අතරට එක්වනුයේ එක් පෞරාණිකයක් ප්‍රංශයේ චාටිරස් ආසන දෙව් මැදුරේත් තවෙකක් ටස්කනියේ ඩුඕමො ඩි සිඅනා ආසන දෙව් මැදුරේත සහ සැන් ෆ්‍රුන්සිස්කෝ නගරයේ පාරිදර්ශික සභාවක් වූ ග්‍රේස් ආසන දෙව් මැදුර විසින් පවත්වාගෙන යනු ලබන දෙකකි. ශතවර්ශ ගණනාවක් තිස්සේ කතෝලික ආසන දෙව් මැදුරු වල යාච්ඤා වංකගිරියන් භාවිතා වන අතර පසුගිය දශකය තුළ එහි ජනප්‍රියභාවයක් දක්නට ලැබුනේ විශේෂකොටම බිහිවී එන සභාවන් තුළත් මෙන්ම නූතන සමයේ සහ පුරාණ බහු දේවවාදී ආගම් යලි පණගැන්වීමට උත්සාහ දරන ආගමික ව්‍යාපාර අතරෙහිය.

වංකගිරියන් අවම වශයෙන් වසර 3500 ක් පමණ හෝ සංස්කෘති ප්‍රභේදයන් මගින් භාවිතා කරනු ලැබීය. පෞරාණික වංකගිරියන්හී සාක්ෂ්‍යය ක්‍රීටය, ඊජිප්තුව, ඉතාලිය, ස්කැන්ඩිනේවියාව සහ උතුරු ඇමරිකාව ආදි දේශයන්හී පවතියි. පෞරාණික වංකගිරියන්හී ශාස්ත්‍රීය යයි සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන මුදු සත නොහොත් පරිපථයන්හී සැළසුම් නිර්මාණ තිබිණ. ඒකාන්තයෙන්ම ඒවා ක්‍රියාකාරිත්වයෙන් මිථ්‍යාදෘෂ්ඨික වූහ: බොහෝ වංකගිරියන් කැපකර තිබූයේ දේවතාවියකට මෙන්ම පූජාවිධිමය නර්තනයන්හී භාවිතා කරනු ලැබීය. හෝපි ඉන්දියානුවන් වංකගිරිය දකිනු ලැබුයේ මහපොළොවෙහි සංකේතයක් ලෙස වූ අතර ස්කැන්ඩිනේවියානූ වෙරළත ඉමෙහි හමුවන පාෂාණ වංකගිරියන් සිය ගණනක් විජ්ජා උගුල් ලෙස භාවිත කරනු ලැබුවේ ගුහාවන්හී වාසය කරන අවලක්ෂණ සත්ත්ව විශේෂයකින් සහ අයහපත් සුළං කෙරෙන් ආරක්ෂා වී මසුන් ඇල්ලීම සහතික කරනු වස්ය.

මධ්‍යයම යුගයේ කතෝලික සභාව වංකගිරියන් අනුරූප කර ගනු ලැබුවේ ආසන දෙව් මැදුරු තුළ ඔවුන්ගේම අභිමතාර්ථයන්ටය. ශාස්ත්‍රීය ස්වරූපය වඩාත් සංකීර්ණවූ "පුරාතන" යයි හඳුන්වනු ලබන කෝණමාන 4 කින් වූ පරිප: 11ක සැළසුම් නිර්මාණයකට මග පැදීය. කතෝලික ආගම ඇතුළත වංකගිරිය දේවල් කිහිපයක් සංකේතවත් කරනු ලබයි: දෙවියන්වහන්සේ වෙතට ගමන් කිරිමට ඇති දුෂ්කර මාර්ගය, ගැළවීම සහ අවබෝධය කෙරෙහි වූ ගුප්ත ආරෝහණය හෝ නැතහොත් සැබෑ ලෙස සංචාරය කිරීමට නොහැකි අය වෙනුවෙන් යෙරුසලමට යන්නාවූ වන්දනා ගමනක් ලෙසය.

වංකගිරියේ නූතන "යළි අනාවරණය කරගැනීම" සහ සභා පසුතලයන්හී එහි භාවිතය සමරනු ලබන්නේ වංකගිරි සමාජය සහ වෙරිඩිටාස් (ශාකවලින් මිනිසුන් වෙත සමර්පණය කරනු ලබන ස්වභාවික දිව්‍යමය සුව කිරීමේ බලය). සහ සාර්වභෞමික වංකගිරි ව්‍යාපාරයයිග මෙම කණ්ඩායමි වලට අනුව වංකගිරිය යනු "දිව්‍යමය ලාංඡනයකි" "ගුප්ත සමිප්‍රදායකි" "පූජනීය මාර්ගයක්" මෙන්ම "පූජනීය ද්වාරයකි"ග වෙරිඩිටාස්හී ප්‍රකාශිත අරමුණ නමි ර්‍ණවංකගිරි අත්දැකීම් සුව කිරීම් සහ වර්ධනය වීම සදහා පෞද්ගලික ක්‍රියාමාර්ගයක් ලෙසත්ල ප්‍රජාවක් ගොඩනගනු පිණිස භාවිතා කරන මෙවලමක්, ගෝලීය සාමය සදහා නියෝජිතයෙක් මෙන්ම අපගේ ජීවිත වල ආත්මය පුබුදු වනු ලබන රූපකයක් ආදිය භාවිතා කිරීම තුළින් "මනුෂ්‍යය ආත්මය පරිනාමණය කරනු ලැබීමකි." (වෙරිඩිටාස් නිල වෙබි අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.

වෙරිඩිටාස්ට අනුව යාච්ඤකා වංකගිරියක් තුළ ගමන් කිරීම අවධීින් 3කින් සිදුවෙි, විමෝචනය :මුදා හැරීම–ල ප්‍රදීපනය :ලබා ගැනීම– සහ එක්සත් කිරීම :ප්‍රත්‍යාගමනය–ග විමෝචනය හට ගනු ලබන්නේ යමෙකු වංකගිරියේ මධ්‍යස්ථය වෙතට ගමන් කරන විටයග මෙම අවධියේදී යමෙකු තම ජීවිතයේ සිත්තැවුල් සහ වික්ෂේපයන් ඉවත ලමින් ඔහුගේ හදවත සහ මනස විවෘත කරනු ලබයි. ප්‍රදීපනය හට ගනු ලබන්නේ වංකගිරියේ මධ්‍යස්ථයේදීයත මෙය වනාහී යාච්ඤාව සහ භාවනාව තුළින් "ඔබ වෙනුවෙන් තබා තිබෙන්නාවූ දේ ලබා ගැනිමේ" කාලය වේ එක්සත් කිරීම හට ගනුයේ යමෙකු වංකගිරියෙන් පිටවී යාම තුළින් සහ "දෙවියන්වහන්සේ හා සමගත්, ඔබගේ උචිචතර බලය හෝ ලොව තුළ ක්‍රියාත්මක කරන්නාවූ සුව කිරීමේ බලවේගයන් හා සම්බන්ධ වෙමින්ය."

යාච්ඤා වංකගිරියන්හී යෝජකයන් වංකගිරිය පිළිබදව කථා කරනු ලබන්නේ එතුළින් අවබෝධය ලබා ගැනීමටත්, විශ්වය නැවත සංවිධානය කිරිම සහ කෙනෙකු පිළිබදව දැන ගැනීමට වැඩි වශයෙන් බලය ලබා ගැනීම සහ තමන්ගේ ප්‍රාණයේ ක්‍රියාකාරකම් ඉෂ්ට කර ගනු වස්ය. වෙරිඩිටාස්හී සභාපති වන දොස්තර ලෝරන් ආර්ට්‍රස් වැනි අය වංකගිරියක් තුළ නමස්කාර කරනු ලබන්නෙකුව ස්පර්ශ කරන්නාවූ "විංඥාණයේ විවිධ මටිටම්" පිළිබදවද කථා කරනු ලබන්නේ ඔහු "මුල් කාලයේදී ගමන් කරනු ලබන වන්දනාකරුවෙක්ය. එය වෙනත් කාලයක යමක් බව හැගෙන අතරත එය මේ ජීවිතේ යමක් ලෙස නොහැගෙයි." යන විංඥාණය අන්තර්ගතවේ (වෙරිඩිටාස් නිල වෙබ් අඩවියෙන් දොස්තර ලෝරන් ආර්ට්‍රස් හා සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදී).

ඇතැමිවිට පැරණි නමස්කාර දේවතාවියකගේ ප්‍රත්‍යාවර්තනයක් මෙන් බොහෝ යාච්ඤා වංකගිරියන්හී මධ්‍යස්ථයේ ස්ත්‍රී සංකේතයක් අඩංගුව තිබේ. දොස්තර ආර්ට්‍රස් සංකේතවාදය හඳුනාගනු ලබමින් නිදහස් ලෙස කථා කරනු ලබන්නේ වංකගිරියක "පූජනීය ස්ත්‍රියත්වය" පිලිබදව මෙන්ම දෙවියන් වහන්සේව "ඔහු" සහ "ඇය" ලෙස දැකීම අවශ්‍යතාවය වේ.

යාච්ඤා වංකගිරියන් දේවවචනානුකූලද? නැත එසේ නොවේ. වංකගිරියන් පිළිබද කිසිඳු සදහනක් දේව වචනයේ නොමැති නමුත් නමස්කාරය සහ යාච්ඤා පිළිබද දේව වචනය හා සම්බන්ධ මූලධර්ම කිහිපයක් හා සමග ඝට්ටනයක් තිබේ.

1) දෙවියන්වහන්සේ විසින් සොයනු ලබන්නේ ආත්මයෙන් සහ සැබෑකමින් උන්වහන්සේට නමස්කාර කරන අයවේ (යොහාන් 4:24; පිලිප්පි 3:3; ගීතාවලිය 29:2). යාච්ඤා වංකගිරියන්හී යෝජකයන් "ශාරිරික නමස්කාරය" සහ නමස්කාරයෙහි සංවේදයන් 5 යොදා ගැනීමේ ඉලක්කය පිළිබදවද කථා කරනු ලබයි. එනමුත් ශාරිරික නමස්කාරය දේව වචනය හා සම්බන්ධ සංකල්පයක් නොවේ. අප ජීවත් වන්නේ පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් වන අතර නමස්කාරය වූ කලී ඉන්ද්‍රිය මූලික ශාරිරික ක්‍රියාකාරකමක් නොවේ; නමස්කාරය වනාහී දෙවියන්වහන්සේට ප්‍රශංසාවෙන් හා සේවයෙන් යුතුව ප්‍රකාශය කරනු ලබන හදවත හා සම්බන්ධ කාරණාවකිග නව ගිවිසුම් ඇදහිලිවන්තයාට නමස්කාරය වනාහී ඉටිපන්දම් පත්තු කිරීම, අල්තාරයේ දණ ගැසීම හෝ වක්‍රාකාරව ඇවිදීම වැනි බාහිර ආයිත්තම් හා සමග කිසිඳු සම්බන්ධතාවයක් නොමැත.

2) යාච්ඤාව චාරිත්‍රානුකුල බවට පත් නොවිය යුතුය (මතෙව් 6:5–8). දොස්තර ආර්ට්‍රස් ප්‍රකාශ කරනු ලබන්නේ "චාරිත්‍ර අපගේ ප්‍රාණය පෝෂණය කරනු ලබන බවත්", එසේ හෙයින් අපට නිර්දේශ කරනු ලබන්නේ වංකගිරිය කරණකොටගෙන පුනරාගත, ක්‍රමානුකූල ගමන්ය. චාරිත්‍ර සැබවින්ම ප්‍රාණයට ආහාර වූයේ නම එවිට යේසුස්වහන්සේගේ අවධියේ සිටි ඵරිසිවරුන් ජීවමානව සිටියවුන්ගෙන් ඉතා හොදින්ම පෝෂණය වූ ප්‍රාණ බවට පත්විය යුතුව තිබිණ- ඒ එසේ වූවත් ඔවුන්ගේ ආගමික ක්‍රියා පිළිවෙල චාරිත්‍ර සහ සම්ප්‍රදායන් වලින් ගහනව තිබිණි. එසේ වුවද යේසුස්වහන්සේ විසින් එක් ප්‍රස්තාවකට වඩා තරවටු කරනු ලැබුවේ ඔවුන්ගේ ආගමෙහි උදාසීනත්වය සහ කුහකකම හේතුවෙනි. (මතෙව් 15:3; මාර්ක් 7-6–13).

3) සෑම ඇදහිලිවන්තයෙකුටම ක්‍රිස්තුස්වහන්සේගේ මනස ඇත (1 කොරින්ති 2:16). යාච්ඤා වංකගිරියන් තුළ ගමන් කරන්නවුන් බොහෝමයක් විශේෂ අන්තර්ඥානයක් සොයමින්ද නව එළිදරව් කිරීමක් හෝ "අභ්‍යන්තරයෙන් දෙවියන්වහන්සේ කව්රුන්ද යන්න" අනාවරණය කිරිමක්ද කරනු ලබති. පරමවිඥානය පිළිබද මෙවන් අවධාරණ කිරිම් සහ රහස්‍ය අවබෝධය ඥානවාදය සහ නූතන යුගයේ චින්තනයට අනතුරුදායක ලෙස සමීප වෙමින් පවතියි. කිතුණුවාට ගුප්ත අත්දැකීම් හෝ අතිරේක දේව වචනය හා සම්බන්ධ එළිදරව් කිරීම් අවශ්‍ය නොවේ: "ඔබ සැම ශුද්ධ තැණන්වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලූ දේම දනිහුය" (1 යොහාන් 2:20).

4) දෙවියන්වහන්සේ තමන්වහන්සේට සැබවින් යාච්ඤා කරන සියල්ලන්ට ළංව සිටින සේක. (ගීතාවලිය 145:18; ක්‍රියා 17:27). වංකගිරියක් තුළ ගමන් කිරීම ඇතුළුව කිසිඳු චාරිත්‍රයකට කිසිකෙනෙකු දෙවියන්වහන්සේ වෙතට ළගා කළ නොහැක. මාර්ගය නම් යේසුස්වහන්සේය ((යොහාන් 14:6). අවශ්‍යය වන්නේ පාපොච්ඡාරණය සහ ඇදහිල්ලය (ක්‍රියා 20:21).

5) බයිබලය කිතුණුවකු ශුද්ධභාවයට ගෙන ඒමට, බුද්ධිමත් කිරීමට සහ මේ ලෝකයේ කටයුතු සමිපූර්ණයෙන් සමාර්ථ කිරීමට ප්‍රමාණවත්වේ (2 තිමොති 3:15–17). එසේ පැවසීමට, සැබෑ බලය සොයා ගැනීමට පරමවිඥානය හෝ සම්ප්‍රදාය බයිබලයට එකතු කළ යුතු අතර එතුළින් දේව වචනය සහ ආත්මයාණන්වහන්සේගේ ක්‍රියා අපකීර්තියට ලක් වනු ඇත.

ඓතිහාසික වශයෙන් වංකගිරියන් මුල් බැසගනු ලැබුවේ මිථ්‍යාදෘෂ්ඨිකත්වය තුළ සහ සංස්ථාගත කරනු ලැබුවේ කතෝලික ධර්මය තුළිනි. වර්තමානයේ ඒවාට අනුබල දෙනු ලැබුවේ නැගී එන සභාවන් මගින් සහ බයිබලයට අමතරව විවෘත අධ්‍යාත්මිකතාවයක් සොයන්නන් මගිනිග පාවුළු විසින් සභාවට දෙනු ලැබූ අනතුරු ඇගවිම අපව සෑහීමට පැමිණවිය යුත්තේ අපව යේසුස්වහන්සේ කෙරෙහි ඉලක්ක කොට තැබීමට මෙන්ම නිරර්ථක චාරිත්‍ර මග හරවා ගැනීමටය: "ක්‍රිස්තුස්වහන්සේට එකග නැත්තාවූ මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණඩිතකමද හිස් රැවටිලිකාරකමද කරණකොටගෙන ඔබ සැම කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගනින්න" (කොලොස්සි 2:8).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යාච්ඤා වංකගිරිය නම් කුමක්ද? යාච්;ා වංකගිරිය දේවවචනාකූලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries